ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Saturday, March 14, 2015

"Xposed Framework කියන්නේ මොකක්ද? ඒ වගේම ගින්නක් නැතුව GravityBox ඉන්ස්ටෝල් කරගන්න තේරෙන සිංහලෙන්ම/Modules 5000+එක්කම"

"යකෝ මුට මොන මගුලක් වෙලාද?? එක පාරකට පිටසක්වලයෝ ගැන ලියනවා.. එක පාරකට ඇන්ඩ්‍රොයිඩ් ගැන ලියනවා මුට අමු කැවිලද??"
මෙන්න මෙහෙම කියනාවා ඇති නේ උබලා.. හික්ස් මචන්ස්.. මම අපි එකම දේකට සිමා උන අඩවියක් නෙවෙයි අපිට ඕන උබලව තාක්‍ෂණයෙන් ඉහලටම අරන් යන්න..ඉතින් මම උස්සගෙන ආවා අදත් ෆට්ට බාන්ඩයක්..එකක් නෙමේ දෙකක්..
"ඇයි එකක්..ඉල්ලන්නකෝ දෙකක්"
"ඔව් ඒ දෙක තමා"
  • Xposed Framework
  • GravityBox
ඇත්තටම කියුවොත් ෆෝන් එකක් කණපිට ගහන්න පුළුවන් දෙන්නෙක් මේ දෙන්නා...
අපි බලමුකෝ මෙයාලගෙන් වැඩ ගන්න හැටි ටිකක්..ටිකක් නෙමේ ගොඩක්

ඇත්තටම අපි මේක පාවිචි කලාට කව්ද දන්නේ මේ ෆට්ට ඇප් එක හැදුවේ කව්ද කියලා ඒ මෙන්න මේ දෙන්නා  XDA Developer දෙන්නෙක් මේ දෙන්නා ඒ තමයි..මේ දෙන්න මේ ඉන්නේ ෆේක් ID දෙකකින් කියලා තමයි ආරංචි වෙන්නේ.. මොකද ඉතින් මේ දෙන්න XDA Developer ල දෙන්නෙක් නිසා.. මෙයාලට ඇත්තටම සමහර හැකිං දේවල් කරන්න වෙනවා ඒක නීතියෙන් තහනම් නිසා.. ෆේක් ID යොදා ගෙනයි ක්‍රියා කරන්නේ..කොහොම උනත් අද අපි මේ ඇප් වල වටිනාකම බුක්ති විදින්නේ මෙන්න මේ දෙන්නා නිසා එක්කෙනක්ගේ නම් ෆොටෝ  අමාරුවෙන් හොයා ගත්තා එත් ඉතින් එක්කෙනක් ගේ නම් ෆොටෝ තියා මුකුත් නෑ,,මෙන්න වැඩ්ඩො දෙන්නා
                        
"Rovo89"


    "Tungstwenty"



මුලින්ම කියන්න ඕනේ ඔයා තනියම අවදානම අරගෙන මේ වැඩේ කරන්න ඕන,,මේ කිසිම දෙයක් වැරදියට කරන්න නම් එපා...
ඕන එකක් වෙන්න කියලා  ඔයාගේ ෆෝන් එකේ ෆුල් බැකප් එකක් දාගෙනම ඉන්නකෝ... මතක ඇතුව රිකවරියක් දා ගන්න.. බය වෙන්න දෙයක් නෑ,,මේ මම කියන පියවරවල් අනුගමනය කලොත් කිසිම අව්ලක් නම් වෙන්නේ නෑ..අහ්හ් අමතක උනා මේ Xposed Framework දාලා Reboot කරනකොට රිකවරි ZIP එකක් හැදෙනවා ඒක බාවිතා කරලා පුළුවන් අව්ලක් උනොත් හදා ගන්න




"එහෙනම් වැඩේට බහිමු"

මෙන්න මේවා ඕන ඈ: 
  • Root කරන ලද ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් (Root Needed/Super User)
  • Android ෆෝන් එකක්
                        " මෙන්න මේකයි Xposed Framework කියන්නේ"

ඇත්තටම Xposed Installer මෘදුකාංගය මගින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියක් උඩු යටිකුරැ කරන්න පුලුවන් කිවිවට වරදක් නෑ, මොකද Xposed Installer මෘදුකාංගය සහය දක්වන Modules ඉතා ව්ශාල ප්‍රමාණයක් ඇන්ඩ්‍රොයිඩ් සංවර්ධකයන් නිර්මාණය කරලා තියනවා.. ඒ මොඩියුල විශාල ප්‍රමාණයක් මම මේ ලිපිය එක්කම ඔයාලට දෙන්න තීරණය කළා.. Xposed Installer මගින් පරණ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සහිත ජංගම දුරකථනයක තත්වයට පත් කල හැකි කියුවොත් ඔබ පිළිගන්නවද? ඔව් එහෙම කරන්න පුළුවනි දුරකථනයේ පිටත පෙනුම වෙනස් කරන්න පමණයි Xposed Installer Modules වලට බැරි අනිත් හැම දේම පුළුවන්.. ඉතින් ෆට්ට නේද.. මමත් පුද්ගලිකව පාවිචි කරන දෙයක් තමයි Xposed Installer Modules.. එක ඇත්තද කියලා බලන්න පුළුවනි පහල මම දාලා තියන ස්ක්‍රීන්ෂොට් වලින්..මෙන්න (උදා - SAMSUNG මෙහෙයුමි පද්ධතියක ඇති සේවාවන් හා පහසුකමි SONY මෙහෙයුමි පද්ධතියකට ඇතුලත් කිරිම, දුරකථන පසුතල, මෙනු වල වෙනස් කිරිමි හා ඵකතු කිරිමි, බූට් ස්ක්‍රින් මාරැ කිරිම, බැටරි අයිකන, අන්තර්ජාල දත්ත වේගය දර්ශණය, මෙහෙයුමි පද්ධතිය වේගවත් කිරිම, ආදී තවත් බොහෝ දේ.කරන්න පුළුවනි ඔයාලට පහල දාල තියන දේවල් බලනකොට තේරුම යාවි මොනවද කරන්න පුළුවනි කියලා

"Xposed Framework ඉන්ස්ටෝල් කිරීම"

"Xposed Installer APK ෆයිල් බාගන්න."



 *දැන් සුපුරුදු ලෙසම APK ෆයිල් එක ඉන්ස්ටෝල් කරන්න*

Xposed Installer දා ගත්තට පස්සේ Open > Framework > Install/Update කියන පියවරට යන්න.දැන් Reboot වෙයි.. මම අර කලින් කියුව Recovery Zip එකත් හැදෙනවා මේ එක්කම.ඒක සිද්ද වෙන්නේ Auto මයි

"මෙන්න පියවර"

(01)

(02)

(03)

3. දැන් තමා අපේ ඇන්ඩ්‍රොයිඩ් කොල්ලට මළ පනින්නේ..මෙන්න මෙහෙම ඇහුවම Grant දෙන්න
(Superuser Request)


"මෙන්න මෙහෙම හෑල්ලක් යයි OK දෙන්න"


දැන් OK කරලා ෆෝන් එක Reboot කරන්න. දැන් යහතින් ෆෝන් ඒක On වෙනවා නේ..හික්ස්ස් ජෝක් ඈ.. දැන් ඔයාගේ ෆෝන් ඒක Modules දා ගන්න සුදුසු කම් ලබපු ෆෝන් එකක් ඈ,,, (ලොකු ළමයෙක් වෙලා) :-P දැන් බලමු අපි තෝරගත්තු ඒක මොඩියුලයක් දා ගෙන මම තොර ගන්නවා ඔක්කොටම ඕන GravityBox.මෙතන ඉදන් ඉදිරියට අපි බලමු...

"Xposed Module එකක් ඉන්ස්ටෝල් කිරීම කරන්නේ කොහොමද කියලා බලමු"
"මෙතන ඉදන් අපි  GravityBox ගැන ඉගෙන ගමු"

Xposed Installer හි Download කියන ඔප්ෂන් එකට ගියාම ෆට්ට යන්න Modules තියනවා. ඒ වගේම Net එකේ ගොඩක් Modules තියනවා විශේෂයෙන්ම XDA Developer Site එකේ තියනවා ෆට්ට යන්න. ඒ වගේම මමත් අද ඔයාලට දෙනවා මම ගානේ Modules 5000+ කටත් වඩා ෆට්ට නේද..ඔව් විස්තර ඇතුවම..අපි දැන් බලමුකෝ මේක පාවිචි කරලා (GravityBox) 

හරි එහෙනම් දැන් ඔයා Xposed Installer එක ඕපන් කරලා Download වෙත යන්න. (3G/4G/Wifi) ON)
දැන් Module විශාල ප්‍රමාණයක් තියනවා නේද?? 
දැන් එතනින් අපේ GravityBox කියන පොරව තෝරා ගන්න.. (Search කිරීමෙනුත් සොයා ගන්න පුළුවන් ඈ.) එතන ඔයාගේ ෆෝන් එකේ මෙහෙයුම් පද්ධතියට ආදාළ GravityBox ඒක තෝරා ගන්න

"ජෙලිබීන් සදහා"


"කිට්-කැට් සදහා"
 
එතකොට මෙහෙම ඔයාට අදාළ වෂන් ඒක Click කලාම. 
Download කියන ඔප්ෂන් එකේදී ඔයාට පුළුවන් ඇප් ඒක බා ගන්න
දැන් ඉතින් ඉන්ස්ටෝල් කරගන්න.
"ඉන්ටර්නෙට් එකෙනුත් ගන්න පුළුවන් ඈ.. ඒ වගේම මම දුන්න මොඩියුල සෙට් එකෙත් තියනවා ඈ."

"මෙන්න පියවර"

01

02
 


03
 

"GravityBox Xposed Module එකක් Enable කිරීම සහ භාවිතා කිරීම"

GravityBox Module එක ඉන්ස්ටෝල් කරලා ඉවර කළා නේ අපි කලින් පියවරේදී.. හරි එහෙනම් දැන් අපි බලමු කොහොමද මේකෙන් වැඩ ගන්නේ කියලා..දැන් මෙන්න මේ පියවරවල් අනුගමනය කරගන්න Xposed Installer > Modules > GravityBox මෙන්න මෙහෙම ගියා නේ, මෙන්න මෙහෙම කරලා ඇක්ටිව් කරගන්න මොඩියුලය




01

02
  • දැන් ඔයාට ඔයාගේ GravityBox Module එකේ සෙටින්ග්ස් සාදා ගන්න පුළුවන්. (ක්ලික් කරන්න GravityBox මත.
  • ඔයා කරන හැම වෙනස් කමක්ම බලන්න පුළුවන් ෆෝන් ඒක Reboot කරලා.. 

"GravityBox අපි පොඩි උදාහරණයක් බලමු:- Statusbar tweaks"
(මේවා විතරක්ම නෙවෙයි පුළුවන් මම පහලින් දානවා කරන්න පුළුවන් ෆට්ට වැඩ)


01 බැටරි සෙටින්ග්ස් (අයිකනය වෙනස් කිරිම / ආරෝපන පාට / බැටරි ධාරිතාවය)
02 වෙලාව (අකුරැ ප්‍රමාණය / පාට / ස්ථානය වෙනස් කිරිම හෝ දර්ශණයෙන් ඉවත් කිරිම)
03 අර්තර්ජාලය භාවිතයේදි (ඩවුන්ලෝඩ් / අප්ලෝඩි) වන ප්‍රමානය Statusbar මත දර්ණය කිරිම.
04 බූලුටුත් අයිකන වෙනස් කිරිමප්‍රධාන විශේෂංග




"තවත් විශේෂාංග"
- QuickSettings tile management with additional tiles and tile reordering
- CyanogenMod Pie Controls
- Lockscreen targets
- Expanded desktop with semi-immersive and immersive modes
- Lockscreen tweaks
- Statusbar tweaks
- Navigation bar tweaks
- Power tweaks
- Display tweaks
- Media tweaks
- Hardware key actions
- Dialer tweaks
- Launcher tweaks
- Screen recording
- Smart radio
- Notification control (per-app notification LED/sounds/vibrations)

"මෙන්න බලන්නකෝ ටියුටෝරියල් ටිකක්"




මෙන්න මෙතනට ගිහිල්ල ෆට්ට ටියුටෝරියල් ටිකක් බලන්න GravityBox  ගැන

"මෙන්න මෙතන තියනවා ඔක්කොම මොඩියුල. ඒ කියන්නේ ඔක්කොම ROM වලට
මෙන්න මෙහෙම ගන්න"
Modules 5000+

"A. Modules for all ROMs / www.andropain.blogspot.com with Tharuk Shenu Edirisooriya"

"ගිහිල්ලා මෙන්න මෙහෙම කරන්න"

නිල් පාටින් පෙන්නලා තියෙන්නේ ඩවුන්ලෝඩ් ලින්ක් එක ඈ

ඉතින් ඔන්න ඔහොම තමා Xposed Installer / Module ඉන්ස්ටෝල් කරලා වැඩ කරන්නේ. 
ගොඩක් අය මේ ගැන වැටහීමක් නැතුව ඉන්නවා කියලා අත්දැකීමෙන් මම දන්නවා..ඉතින් එහෙම ඉන්න අපේ යාළුවන්ට මේක උපකාරී වෙයි කියලා මම හිතනවා.. එහෙනම් ගොඩක් මහන්සි උනා මේක ලියන්න. උන මහන්සියට ඔයාලගේ අදහස් ටිකක් දුන්න නම් වටිනවා නේද යාළුවනේ. ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය

මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට
("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")


අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න මෙන්න මේ ක්‍රමය හරහා. එක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්නඑහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..

මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය
තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

4 ප්‍රතිචාර:

  1. gravity box open karanna giyama "gravitybox system framework not responding. exiting" kiyala error ekak enawane

    ReplyDelete
    Replies
    1. බ්‍රදර් මම කියපු පිළිවෙල අනුගමනය කළාද?? මොකක්ද මොබයිල් වසන් එක?? ඒ වගේම ෆෝන් එක?? :-?

      Delete
  2. Replies
    1. ඉස්තුති යාළුවා...දිගටම රැදිලා ඉන්න කියලා ඉල්ලන ගමන්... Elz (o)

      Delete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: "Xposed Framework කියන්නේ මොකක්ද? ඒ වගේම ගින්නක් නැතුව GravityBox ඉන්ස්ටෝල් කරගන්න තේරෙන සිංහලෙන්ම/Modules 5000+එක්කම" Description: "Xposed Framework ගැන වගේම GravityBox ඉන්ස්ටෝල් කරන්න තේරෙන සිංහලෙන්/Modules 5000+එක්කම" Rating: 5 Reviewed By: Unknown
Scroll to Top