ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Friday, June 6, 2014

"රුට් කරන්නේ කොහොමද?? රූට් කරනවා කියන්නේ මොකක්ද?

"රූට් ගැන සියල්ල එකම තැනක" 


මෙන්න මෙ ප්‍රශ්නෙ හැමෝගාවම තියෙනවනෙ.. මෙන්න අපි විසදුමක් දෙන්න යන්නේ සරලව හා පියවෙරෙන් පියවර.. (කොම් එකෙන් කරන හැටි මේ තියෙන්නේ,, ඉදිරි ළිපි වලින් අපි සාකච්ඡා කරමු ෆෝන් එකෙන්ම ෆෝන් එක රූට් කරන හැටි,,ඒක එච්චර සාර්ථක නම් නෑ,, අපි බලමුකෝ සාර්ථක ක්‍රමයක් :P )

අලුතෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගත්ත ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි
"මම ෆෝන් එක රූට් කරන්නද? එපාද?" 
කියන එක. සමහරක් අය රූට් කරනවා කියන එක ගැනවත් දන්නෙ නැ..... ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල මෙහෙයුම් පද්ධතියේ භාවිත කරන්නාට යම් කිසි සීමාවක් ඇතුව භාවිත කරන්න තමයි මූලික සැකසුම් තියෙන්නේ. ඒ කියන්නේ අපිට සිස්ටම් එක සම්බන්ධ ගොඩක් දේවල් කරන්න බෑ. රූට් කිරීමෙන් වෙන්නේ මේ තියන සීමා මායිම් ඔක්කොම නැති වෙන එකයි. ඒ කියන්නේ අපිට අපේ ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එකට අලුත් වැඩ කිඩ ගොඩක් දාන්න පුලුවන්. විශේෂ වැඩ කරන්න රූට් කරන්නම වෙනවා යාලුවනේ.. මොකද ගොඩක් යුසර් ෆ්‍රෙන්ඩ්ලි ඇන්ඩ්‍රොයිඩ් ඇපස් රූට් කිරීම අවශ්‍යයි කියල පර්මිෂන් ඉල්ලනවා (උදාහරණ විදියට:


01 Titanium Backup 
02 Root Explorer
03 Greenify
04 ROM Toolbox Pro
05 Superuser

06 ROM Manager

07 Juice Defender Ultimate
08 Tasker
09 GooManager
10 Full!Screen

Android Authority (Click The Name & Go Site) 
කියන ජනප්‍රිය වෙබ් අඩවිය කියන විඩියට මේ  තමයි ලොකේ තියන හොදම රූට් කල ෆොන් වලට භාවිතා කරන ඇප් 10
හරි අපි දැන් බලමු රූට් කිරිමේ පැන නගින පොදු ගැටලු, ඒ වගේම වාසි සහ අවාසි...

ෆෝන් එක රූට් කරන එක අනතුරුදායකද ?

මාත් මුලින්ම රූට් කරන්න බයෙන් හිටියේ. ඒත් කොහොම හරි අන්තිමේදි රූට් කරා. ගොඩක් දෙනෙක් ට තියන බය තමයි තමන්ගේ ෆෝන් එක බ්‍රික් වෙයි කියන එක. නමුත් රූට් කිරීමේදි බ්‍රික් වීමට ඉඩකඩ බොහෝ අඩුයි.
ෆෝන් එක රූට් කරන්නේ ඇයි? 
සරලව කියනවානම් ෆෝන් එකේ සම්පූර්ණ පාලනයම තමන්ගේ අතට ගන්න පුලුවන්.
රූට් කිරීමේ වාසි 
• රූට් කිරීමේන් ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක භාවිත කිරීමට තිබූ සීමා මායිම් නැතිව යනවා
• නිල නොවන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ දාන්න පුලුවන් (කස්ටම් රොම්). සමහර ෆෝන් වලට ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ශන් වල ඔෆීශියල් අප්ඩේට් දෙන්නේ නෑ. එතකොට කස්ටම් රොම් එකක් මගින් අලුත් සංස්කරණයක් ස්ථාපිත කිරීමට පුලුවන්. මේ සඳහා ෆෝන් එක රූට් කර තිබිය යුතුයි
• සමහර ෆෝන් වල ස්ක්‍රීන් ශොට් ගැනීමට රූට් කර තිබිය යුතුයි.
• ඇප්ස් ඉන්ස්ටෝල් වෙන්නේ ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි එකට. රූට් කිරීමෙන් මේ ඇප්ස් එස්.ඩී කාඩ් එකට ඉන්ස්ටෝල් කිරීමට පුලුවන්. (මට නම් මේක තමයි ලොකුම වාසිය)
• ප්‍රොසෙසරය ඔවර් ලොක්/ අන්ඩර් ලොක් කල හැකිය.
• මීට අමතරව තවත් මෙකී නොකී ගොඩාක් වාසි තියනවා
Life Hacker (Click The Name & Go Site) කියන වෙබ් අඩවිය කියන වාසි තමයි මේ තියෙන්නේ....



  • Truly Own Your Device
  • Flash a Custom ROM
  • Flash a Custom Kernel
  • Tweak the Dark Corners of Android
  • Remove Preinstalled Crapware
  • Back Up Your Phone for Seamless Transitions
  • Block Ads in Any App
  • Boost Your Phone's Speed and Battery Life
  • Automate Everything
  • Unlock Hidden Features and Install "Incompatible" Apps
අවාසි

• සමහර ෆෝන් රූට් කිරීමෙන් ඔෆීශියල් අප්ඩේට් කිරීමට නොහැකි වෙනවා.
• රූට් කිරීමෙන් ෆෝන් එකේ ස්පීඩ් එක අඩුවීමට හැකියි.
• හරියට රූට් කිරීම කරේ නැත්නම්, ෆෝන් එකේ අසාමාන්‍ය දේ විය හැක

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. රූට් කිරීමෙන් ෆෝන් එකේ වොරන්ටි නැතිවෙනවා, 
ඒ වගේම ඔබ ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත් නම්, 
මේක ටිකක් අවදානම් වැඩක්. එම නිසා රූට් කිරීමේදි ඉතාම සැලකිල්ලෙන් කල යුතුයි. 
දැන් යම් වැටහීමක් ඇති මම හිතන්නේ රුට් කියන්නේ මොකක්ද කියලා...
හරි දැන් අපි බලමු රූට් කරන්නේ කොහොමද? ඒ වගේම රූට් කරන්න භාවිතා කරන්නෙ මොනවද කියලා

අපි බලමු රූට් කරන්න යොදා ගන්න මෘදුකාංග (ලිස්ට් එකක්ම තියනවා සොෆ්ට් ඒක ගන්න නම උඩ ක්ලික් කරන්න ඈ.)

හරි දැන් මේකේ හොදම මෘදුකාංගය පාවිචි කරලා ෆෝන් එකක් රුට් කරන විදිය බලමු ඒ කියන්නේ මම (Vroot ගැන)

සෑම්සුන්ග් මන්දාකිනි (Samsung Galaxy) ,
සෝනි අත්දෑකීමා (Sony Experia) , 
හුආවී විකාර(Huwei GAGA) , 
HTC , 
Motorola වගේ ලන්කාවෙ වෑඩියෙන්ම තියන ඇන්ඩ්‍රොයිඩ් ෆොන්
 රූට් කරන්න පුලුවන්..

╬ දෑන් ඒක ඔයාගෙ කොම් එකට දාගන්න.
╬ ඔයාට මේකෙන් රූට් කරන්න කලින් ෆෝන් එකේ ඩ්‍රය්වර්ස් කොමට දාගන්න ඕනෙ ඔයාගෙ එකට ගෑලපෙන ඩ්‍රය්වර්ස් පහලින් ගන්න


╬ දෑන් ඔයාගෙ පෝන් එකේ settings>apps>development ගියම debugging කියල අති ඒක Enable 
කරන්න

╬ VRoot ඕපන් කරල ඔයාගෙ පෝන් එක කොමට සම්බන්ද කරන්න එතකොට ඔයාගෙ ෆෝන් එක ** විරුට්‌ එකෙන් අදුර ගනී

╬ දෑන් VRoot එකේ තියනව ROOT කියල ඒක Click කරන්න


╬ ඔන්න වෑඩේ හරි දෑන් ඔයාගෙ ෆෝන් ඒක රූට් වෙයි.. (එහෙම උනාම මෙන්න මෙහෙම වැටෙනවා)



╬ හරියටම රූට් උනා නම් පෝන් එකේ SUPER USER/VRoot කියල ඈප් එකක් install වෙලා ඈති 
හෆ්ෆා ෆට්ට දිග උනා නේ ලියන්න ගියාම.. හික්ස්.. ඔන්න එහෙනම් සම්පුර්ණ විස්තරය තියනවා පිළිවෙලට/පහසුවට/අව්ලක් නැතුවම කරන්න පුළුවන්.. අනිවා අව්ලක් තියනවා නම් කමෙන්ට් එකක් දෙන්න,පහලින් අපි රිප්ලයි කරනවා යාළු.. ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා මට.... එහෙනම් යන ගමන අපේ ෆේස් බුක් ෆෑන් පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න

මම තරුක් ශෙනු එදිරිසුරිය

තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

9 ප්‍රතිචාර:

  1. machan VROOT eken mage Xperia Z1 eka ROOT karanna ba kiyanawane. Android Version 4.4.2 Kitkat. please help

    ReplyDelete
    Replies
    1. බ්‍රෝ මාව සම්බන්ද කරගන්න මෙතනින් උදව් කරන්නම් https://www.facebook.com/tharuk.supushpitha. ඉස්තුතී.. (o)

      Delete
  2. Tharuka mchn try Odin!

    ReplyDelete
  3. මචන් මන් ගව තියෙන්නේ huawei g play mini එකක් එක රුට කලත් රූට් ඇක්සස් දෙන්නේ නැ

    ReplyDelete
    Replies
    1. බ්‍රෝ මාව සම්බන්ද කරගන්න මෙතනින් උදව් කරන්නම් https://www.facebook.com/tharuk.supushpitha. ඉස්තුතී.. (f)

      Delete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: "රුට් කරන්නේ කොහොමද?? රූට් කරනවා කියන්නේ මොකක්ද? Description: "රූට් ගැන සියල්ල එකම තැනක" "රුට් කරන්නේ කොහොමද?? රූට් කරනවා කියන්නේ මොකක්ද? 01 Titanium Backup 02 Root Explorer 03 Greenify 04 ROM Toolbox Pro 05 Superuser 06 ROM Manager 07 Juice Defender Ultimate 08 Tasker 09 GooManager 10 Full!Screen Rating: 5 Reviewed By: Unknown
Scroll to Top