ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Thursday, May 14, 2015

ANDROID පොන් එක ලොක් වෙලාද ? ගින්නක් නැතුව අන්ලොක් කර ගමු .

අහ්හ් සෙට් එක කොහොමද 
අද නම් ගෙනාවේ ඔක්කොටම වැදගත් වෙන සුපිරි පොස්ට් එකක් .
ඔන්න එහනම් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු .



ඔබේ ස්මාර්ට් ෆෝන් එක ලොක් වෙලාද 
(බය වෙන්න එපා . අපි දෙන්නම් විසදුම්)

ඔයාගේ ANDROID පොන් එකේ යුසර් ලොක් එක පින් එකක් හෝ පාස්වර්ඩ් එකක් හෝ පැටන් එකක් හෝ වේවා ඔයාට ඔයා දාපු පාස්වර්ඩ් එක අමතක උනා කියමුකෝ . මල කෙලියයි නේ . දැන් ඉතීම් රිකවරි මොඩ් ගිහින් ෆැක්ටරි රීසෙට් කරන්න වෙනවනේ . එතකොට ඔක්කොම ඩේටා ලොස් වෙනවා . එපා වෙනවා නෙහ්.නැත්නම් ඉතීම් කඩේ අයියට හත් අටසීයක් දීලා ලොක් එක කඩා ගන්නවා . එත් එපා වෙනවනේ . මොකද සල්ලි ටික අපරාදෙනේ .එත් අපි කියන්නේ ඔය ක්‍රම දෙක නැතුව කොහොමද යුසර් ලොක් එක කඩාගෙන ගොඩින් බේරෙන්නේ කියල .හරි  එහෙනම් වැඩේ පටන් ගමු . 

USER LOCK ඉවත් කිරීම 
(පලවෙනි ක්‍රමය.)

1.මුලින්ම මෙන්න මේ ADB කියන ෆයිල් එක ඔයාගේ පරිගණකයට  ඩවුන්ලෝඩ් කරගන්න .

ADB ඩවුන්ලෝඩ් කරගන්න පහල ක්ලික් කරන්න 



2.දැන් ඩවුන්ලෝඩ් කර ගත්ත ෆෝල්ඩර් එක ඇතුලේ තියන ADB.EXE කියන එක කොම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරන්න .

3. දැන් ඔයාගේ පොන් එක රිකවරි මෝඩ් එකට ගන්න.
( පවර් ඔෆ් කර  volume up + POWER BUTTON + HOME BUTTON එකවර තත්පර කිහිපයක් ඔබගෙන සිටීමෙන් රිකවරි මෝඩ් වෙත පිවිසේ )

4.දැන් ඔබේ පෝන් එක ඩේටා කේබල් එකක් මගින් පරිගණකයට සම්බන්ද කරන්න .

5.දැන් අර ADB කියන ෆෝල්ඩර් මත එකවරක් ක්ලික් කර පසුව SHIFT බටන් එක ඔබාගෙනම ADB මත රයිට් ක්ලික් කරන්න . එවිට එන මෙනුවේ Open command window here යන  තැන ක්ලික් කරන්න .
මෙන්න මේ ආකාරයට 

ඊට පස්සේ CMD එක ඕන වෙයි . ඔයාගේ පොන් එක හරියට සම්බන්ද වෙලානම් මෙහෙම පෙනේවි .

හරි ඊට පස්සේ මෙන්න මේ කෝඩ්ස් ටික පිළිවෙලට ටයිප් කරගෙන යන්න .

adb shell
su
rm/data/system/locksettings.db
rm//data/system/locksettings.db-wal
rm//data/system/locksettings.db-wal-shm
exit
adb reboot

මෙන්න මේ වගේ .


දැන් පෝන් එක රිබුට් වෙයි . 
ඊට පස්සේ වැඩේ ඉවරයි .
අයියෝ ලොක් එක තාම තියනවද ... බය වන්න එපා . දැන් කැමති පාස්වර්ඩ් එකක් ගහන්න . ලොක් එක ඇරෙයි .
************************************************************************************************************

USER LOCK ඉවත් කිරීම 
(දෙවැනි ක්‍රමය )

මෙම ක්‍රමය සදහා ඔබේ දුරකථනය මත CWM/ TWRP වැනි කස්ටම් රිකවරි යක් ස්ථාපනය කර තිබිය යුතුය .

1.මුලින්ම මෙන්න මේ ZIP ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න 

2.ඊට පස්සේ ඩවුන්ලෝඩ් කර ගත්ත ZIP ෆයිල් එක පරිගණකයක් භාවිතයෙන් SD කාර්ඩ් එකේ පිටට  දා ගන්න . 

3.දැන් SD කාර්ඩ් එක පෝන් එකට දා ගෙන පොන් එක රිකවරි මොඩ් එකෙන් ඕන් කරන්න .
( පවර් ඔෆ් කර  volume up + POWER BUTTON + HOME BUTTON එකවර තත්පර කිහිපයක් ඔබගෙන සිටීමෙන් රිකවරි මෝඩ් වෙත පිවිසේ )

4.දැන් රිකවරි එක යුස් කරලා අර ZIP ෆයිල් එක ෆ්ලෑෂ් කරන්න .

5. දැන් පොන් එක රිබුට් කරන්න . එච්චරයි . වැඩේ ගොඩ .
දැන් පොන් එක අන්ලොක්. 

********************************************************************************

හරිද යාලුවනේ ... එහෙනම් මේ පොස්ට් එක ඔයාලට වැදගත් වේවි කියල හිතනවා . ඇත්තටම තව ක්‍රම තියනවා ලොක් කඩන්න .මම ඒවා ඉඩ ලැබුන ගමන් දාන්නම්. අද දැම්මේ ගොඩක් සාර්ථක ක්‍රම දෙකක්.

මාව ෆේස්බුක් එකෙන් හමු වෙන්න මෙතනට එන්න 



ඉතීම් ඔයාලගේ මේ පොස්ට් එකෙන් දෙයක් ඉගෙන ගත්ත නම් එක තමා අපේ සතුට . කොමන්ට් එකක් දාල යන්න මතක ඇතුව. ගැටළු මොනවා හරි තියනවා නම් එත් කියන්න . අපි ඔයාලට උදව් කරන්න ලෑස්තියි .

ෆේස්බුක් උපකාරක සමුහය 
ඔයාලට තියන ඕනිම ගැටළුවක් සාකඡ්චා කරන්න මෙතනට එන්න .
අපේ ෆේස්බුක් උපකාරක සමුහය .
("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")

එහෙනම් අයෙම ලිපියකින් හමුවෙනකම් මම ගිහින් එන්නම් . 




තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

3 ප්‍රතිචාර:

  1. මොනවා හරි අවුල් තියනව නම් කොමන්ට් එකක් දල කියන්න

    ReplyDelete
  2. Recovery mod eken flash karala unlock karanna thiyena zip file eka link eke ne

    ReplyDelete
  3. recovery mode ekata aran phone eka connect karata drivers ganne nane hariyata.ekata mokada karanna puluwan?thanks

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: ANDROID පොන් එක ලොක් වෙලාද ? ගින්නක් නැතුව අන්ලොක් කර ගමු . Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top