ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Wednesday, April 8, 2015

ඔබේ දුරකථනයේ Flash Count Reset කරමු.... Root කරලා දිය වෙලා ගිය වගකීම් ආයෙම අරගමු .


සුබ දවසක් ඔක්කොමලට 

යාලුවනේ ඔන්න කාලෙකින් මාත් අවා වටිනා පොස්ටුවක් අරන් ...අනාගතය රැගෙන පෙරටම අපි දැන් අලුත් මුහුණුවරකින් .හරි එහෙනම් දිගටම අපි එක්කල ඉන්න . අද ඔයාලට කියන්නේ ගොඩක් වටිනා දෙයක් ගැන...

FLASH COUNT RESET කිරීම
(මෙම ක්‍රමය සැම්සුන් ස්මාර්ට් ජංගම දුරකථන සදහා පමණක් වලංගු වේ)

හරිනේ යාලුවනේ ඔන්න අද පාඩම පටන් ගන්නයි යන්නේ . ඇතැම් විට ඔයා මේ ක්‍රමය ගැන දන්නවා වෙන්න පුළුවන් .හැබැයි ඔයා දන්නවා නේද අනාගතය රැගෙන පෙරටම අපිට ඕනි හැම කෙනාම හැම දෙයක් ගැනම දන්න තාක්ෂණික ලෝකේ විශ්ෂ්ටයෙක් වෙනවා දකින්න . එකයි අපි මේ දේවල් ඔයාල අතරට අරගෙන එන්නේ . අපේ වටිනා කාලය ඔයාල වෙනුවෙන් කැප කරන්නේ ඔයාලගේ දැනුම වෙනුවෙන් .ඔන්න එහනම්.,

මොකක්ද ෆ්ලෑෂ් කවුන්ට් එක කියන්නේ ..?

ඔයා පොන් එක මත පිහිටුවන කස්ටම් බයිනරි ස්ක්‍රිප්ට් ගණන් කරන එක තමා මේ ෆ්ලෑෂ් කවුන්ටර් එක මගින් සිදු කරන කුප්ප වැඩේ ..ඔයා ගේ පොන් එක මොකක් හරි කෙස් එකක් වෙලා ඔයා වගකීම් සහතිකෙත් එක්ක පොන් එක කඩේකට අරන් ගියා කියල හිතන්න . කඩේ අයියා ඉස්සලම බලන්නේ ඔයාගේ ෆ්ලෑෂ් කවුන්ට් එක .ෆ්ලෑෂ් කවුන්ට් එක 0 ට වඩා වැඩි වෙලා තිබුනොත් ඔයාට පොන් එකේ වගකීම ලැබෙන්නේ නෑ .....

කොහොමද ෆ්ලෑෂ් කවුන්ට් එක 0 ට වඩා වැඩි වෙන්නේ.,?

1. ඔයා පොන් එක රූට් කලොත් - FLASH COUNT එක 1 වෙනවා 
2.ඔයා පොන් එකට කස්ටම් රිකවරි දැම්මොත් - FLASH COUNT එක 2 වෙනවා 
3.පස්සේ තව කස්ටම් රෝම ගහනකොට ආදී වැඩ කරද්දී - FLASH COUNT එක 3 , 4 ඔය විදියට යනවා 

ෆ්ලෑෂ් කවුන්ට් එක 0 ට වඩා වැඩි උනාම අපිට මොකද..?

1. ඔයාගේ පොන් එකට OTA අප්ඩේට්ස් එන්නේ නෑ 
2. ඔයාගේ පොන් එක රූට් කරලා ආයේ අන්රුට් කරපු එකක් උනත් ඔයාට වගකීම වලංගු වෙන් නෑ 

දැන් අපේ ෆ්ලෑෂ් කවුන්ට් එක කියද කියල බලන්නේ කොහොමද ..?

මේක පෙන්නනේ ඩවුන්ලෝඩ් මෝඩ් එකේ. මෙහෙමයි ඩවුන්ලෝඩ් මෝඩ යන්නේ .
පොන් එක ඔෆ් කරන්න ඊට පස්සේ POWER BUTTON+HOME BUTTON+VOLUME DOWN බටන් එක පාර ඔබා ගෙන ඉන්න ටිකක් වෙලා ඊට පස්සේ වොර්නින් එකක් එයි එතකොට වොලිම් අප් බටන් එක ඔබන්න . හරි දැන් ඔයා ඉන්නේ ඩවුන්ලෝඩ් මෝඩ් එකේ . එතන ස්ක්‍රීන් එකේ ඇති FLASH COUNT හරි CUSTOM BINARY SCRIPTS කියල හරි එකක් . එතනම ඉස්සරහා ෆ්ලෑෂ් කවුන්ට් එක පෙන්නනවා .
මේ බලන්න පොටෝ එකක් 

හරි කොහොමද ෆ්ලෑෂ් කවුන්ට් එක 0 කර ගන්නේ 

හරි මෙහෙමයි මුලින් කිව වගේ මේ ක්‍රමය සැම්සුන් පොන් මත පමණයි වැඩ කරන්නේ . 
මෙහිදී ජංගම දුරකතනයට යම් හානියක් සිදු වුව හොත් එහි වගකීම අනාගතය රැගෙන පෙරටම අඩවිය හෝ එහි කිසිම ඇඩ්මින් වරයකු නොගන්නා බව කරුණාවෙන් සලකන්න. 
පුර්ණ වගකීම තමා සතු වේ ...!!!

මෙම ක්‍රමය සහය දක්වන සැම්සුන් නිෂ්පාදන 
(මෙය XDA අඩවිය මතද සටහන් කර ඇත )

Samsung Galaxy S2 GT-I9100 **
Samsung Galaxy S2 SPH-D710 Epic 4G Touch **
Samsung Galaxy S2 Korea SHW-M250K/L/S **
Samsung Galaxy S3 GT-I9300 **
Samsung Galaxy S3 GT-I9300T **
Samsung Galaxy S3 AT&T 
Samsung Galaxy S3 Sprint
Samsung Galaxy S3 T-Mobile
Samsung Galaxy S3 Verizon UNLOCK BOOTLOADER
Samsung Galaxy S3 Canada
Samsung Galaxy S3 US Cellular
Samsung Galaxy S3 MetroPCS
Samsung Galaxy S3 Cricket
Samsung Galaxy S3 C-Spire
Samsung Galaxy S3 GT-I9305 LTE **
Samsung Galaxy S3 GT-I9305T LTE **
Samsung Galaxy S3 GT-I9305N LTE **
Samsung Galaxy S3 Korea SHV-E210K/L/S ** DISABLE DUE TO ISSUES
Samsung Galaxy S3 Korea SHW-M440S **
Samsung Galaxy S4 International GT-I9505 **
Samsung Galaxy S4 AT&T SGH-I337 UNLOCK BOOTLOADER
Samsung Galaxy S4 Verizon SCH-I545 UNLOCK BOOTLOADER
Samsung Galaxy S4 T-Mobile SGH-M919
Samsung Galaxy S4 Sprint SPH-L720
Samsung Galaxy S4 US Cellular SCH-R970
Samsung Galaxy S4 Canada SGH-I337M
Samsung Galaxy Note GT-N7000 **
Samsung Galaxy Note GT-I9220 **
Samsung Galaxy Note 2 GT-N7100/T **
Samsung Galaxy Note 2 GT-N7102 **
Samsung Galaxy Note 2 GT-N7105/T LTE **
Samsung Galaxy Note 2 SPH-L900 Sprint **
Samsung Galaxy Note 2 SGH-T889 T-Mobile **
Samsung Galaxy Note 2 SGH-T889V Canada **
Samsung Galaxy Note 2 SGH-R950 US Cellular **
Samsung Galaxy Note 2 AT&T/Canada SGH-I317/M **
Samsung Galaxy Note 2 SCH-I605 Verizon ** UNLOCK BOOTLOADER
Samsung Galaxy Note 2 Korea SHV-E250K/L/S **
Samsung Galaxy Note 3 International SM-N9005 4.4+
Samsung Galaxy Note 3 SM-N900T T-Mobile 4.4+ (Untested)
Samsung Galaxy Note 3 SM-N900P Sprint4.4+ (Untested)
Samsung Galaxy Note 3 SM-N900W8 Canadia 4.4+ (Untested)
Samsung Galaxy Note 3 SM-N900S/2/6/8/9 Asia 4.4+ (Untested)
Samsung Galaxy Note 8.0" GT-N5100 3G **
Samsung Galaxy Note 8.0" GT-N511x Wi-Fi **
Samsung Galaxy Note 8.0" GT-N5120 LTE **
Samsung Galaxy Note 10.1" GT-N8000 3G **
Samsung Galaxy Note 10.1" GT-N801x Wi-Fi **
Samsung Galaxy Note 10.1" GT-N8020 LTE **
Samsung Galaxy Note 10.1" SHW-M480S/K/W **
Samsung Galaxy Camera EK-GC100 **
Samsung Galaxy Tab 2 GT-P310x 7" 3G
Samsung Galaxy Tab 2 GT-P311x 7" Wi-Fi
Samsung Galaxy Tab 2 GT-P510x 10.1" 3G
Samsung Galaxy Tab 2 GT-P511x 10.1" Wi-Fi
Samsung Galaxy Ace 2 GT-I8160
Samsung Galaxy S Advance GT-I9070/P
Samsung Galaxy S3 Mini GT-I8190
Samsung Galaxy Grand Duos GT-I9082
Samsung Galaxy Ace Plus GT-S7500 
Samsung Galaxy Ace IIx GT-S7560 
Samsung Galaxy S Duos GT-S7562 
Samsung Galaxy Premier GT-I9260

ඔන්න එහෙනම් මෙහෙමයි වැඩේ කරන්නේ .

මුලින්ම මේ  ඇප් එක ගන්න 

අර ගත්ත ඇප් එක පොන් එකට ඉන්ස්ටෝල් කර ගන්න 
ඇප ඔන් කරාට පස්සේ ඇප් එකෙන් ඔයාගේ පොන් එක අදුර ගනී .එහෙම අදුර ගත්තම ඩිවයිස් එක කොන්ෆ්රීම් කරන්න .
ඊට පස්සේ ඩයලොග් බොක්ස් දෙකක් එයි . ඒ දෙකම OK කරන්න .
ඊළගට ඩේන්ජර් කියල වොර්නින් එකක් එයි . එක COUNTINUE කරන්න .
එතකොට පොන් එක රිබුට් එයි. ඊට පස්සේ එන බුට් ස්ක්‍රීන් එකේදී වොලීම් අප් බටන් එක ඔබන්න .
එච්චරයි . වැඩේ ගොඩ . ෆ්ලෑෂ් කවුන්ට් රීසෙට් වෙලා දැන් . 

කැමති නම් වැඩි හොදට මේ වීඩියෝ එකත් බලන්න 


හරිනේ මිත්‍ර වරුනි එහෙනම් .ඔන්න ඔයාට මේක ගොඩක් වැදගත් වෙයි.
.හරි එහෙනම් මම අනාගතය රැගෙන පෙරටම අඩවියේ දුලාන් සඳරුවන්

මාව ෆේස්බුක් එකෙන්  මුණ ගැහෙන්න මෙතනට එන්න .

අපේ ෆේස්බුක් සමුහයට එකතු වෙන්න මෙතනට එන්න .
 හරි එහෙනම් අපේ උත්සාහයට ලැබෙන ලොකුම වටිනා කමක් ඔයාගේ කොමන්ට් එක . හොරා වගේ හොර පාරේ ලිස්සන් නැතුව කොමන්ට් එකක් දාන්න ඕනි හොන්ද ....  එහෙනම් අපි කැපුනා .
තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

7 ප්‍රතිචාර:

  1. Replies
    1. ස්තුතියි යාලුවා ... දිගටම ටච් එකේ ඉන්න අපි එක්ක හොදද ... :)

      Delete
  2. (h) නයිස් පොස්ට් මල්ලියා..

    ReplyDelete
    Replies
    1. cheer තැන්කු අයියා .... :)

      Delete
  3. අපේ කොල්ලො ටික වෙනුවෙන් මහන්සිවෙලා උඹ මෙීක ලියල තීනව...නියමයි සහෝදරයා cheer

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අයියේ .... ඔයාලගේ ඔය වචන තමා අපේ ලොකුම සතුට .. ගොඩක් ස්තතියි .
      දිගටම අපිත් එක්ක ටච් එකේ ඉන්න ..... cheer

      Delete
  4. ela machan digatama karan yanna good luck mata SHV-E250K walata kit kat firmware eka dennako thanks

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: ඔබේ දුරකථනයේ Flash Count Reset කරමු.... Root කරලා දිය වෙලා ගිය වගකීම් ආයෙම අරගමු . Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top