ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Tuesday, March 10, 2015

පිටසක්වල ජීවින් හා අතීත විස්මිත නිර්මාණ

සුබ දවසක් ඔයාල හැමෝටම 
තමන් ඉන්න ලෝකේ ගොලාකාරද කියලවත් දන්නැති සමහරු අතරේ විශ්ව රහස් ගැන උනන්දු ඔයාල වෙනුවෙන්මයි අද ලියන්නේ 
මිනිස්සු වශයෙන් අපිට හිතන්නවත් අමාරු වැඩ අපේ මුතුන් මිත්තෝ එදා කළා 
මේ සටහන එයින් කිහිපයක් ගැනයි ඒ ආශ්‍රිත පිටසක්වල සම්බන්දයන් ගැනයි 


හරි අපි මුලින්ම කතා කරමු අතීතයෙන් අපට හමුවන නිර්මාණ අතරින් විශ්මයජනකම නිර්මාණ අතරින් වැදගත් තැනක් හිමි වන පිරමිඩ ගැන



පිරමිඩ 

දන්නවද පතුලහි එක් පැත්තක දිග අඩි 756 පමණ වන මෙහි උස අඩි 450 පමණ වේ .මෙම එක පිරමිඩ යකට යොදා ගෙන ඇති ගල් කුට්ටි ප්‍රමාණය මිලියන 2.5 පමණ වෙනවා . ඒ විතරක් නෙවෙයි එක ගලක් ටොන් 70 වක් විතර බරයි .මෙම ගල් කුට්ටි තැන්පත් කිරීමේදී එකිනෙක අතර පරතරය අගලකින් 1/50 ක් තරම් සුක්ෂම ලෙස මෙම ගල් තැන්පත් කරලා තියනවා .
අනිත් සුපිරිම වැඩේ කියන්නේ මෙහි වාතය ගමන් කරන්නේ පීඩනය අඩු තැන ඉදලා වැඩි තැනට .එක සාමාන්‍ය ලෝකේ වෙන්න බැරි දෙයක් .
විශාලම ඒ කිවේ මහා පිරමිඩය පිහිටලා තියෙන්නේ මහද්වීපවල ගුරුත්වාකර්ෂණයේ හරි මද . ඒ කිවේ එය ලෝකේ සැම බිම් පෙදෙසකින්ම හරි මද තමා පිහිටලා තියෙන්නේ 
ඉන් ලොව බිම් කුට්ටි සමාන කොටස් හතරකට බෙදෙනවා 


මේ වගේ තවත් පිරමිඩ ඊජිප්තුවේ වගේම ගෝතමාලා ,හොන්ඩුවාස්. පේරු වගේ රටවල් වල තියනවා .
මේවගෙන් ඊජිප්තු පිරමිඩ වල විශේශ ලක්ෂණ ගත්තොත් මුදුන උල් හැඩයක් ගන්න අතරේම ත්‍රිකෝණාකාර හැඩ හතරකින් වටය සමන්විතයි .මෙහි පිරමිඩ ක්‍රිස්තු පුර්ව 2700 සිට ක්‍රි.පූ. 1000 දක්වා ගොඩනැගිලා තියනව .

ඔයාල දන්නවද යාලුවනේ පට්ටම වැඩේ කියන්නේ ඊජිප්තුවේ තියන විශාලම පිරමිඩ තුන 
KHUFU
KHAFRA
MENKAURA
කියන පිරමිඩ තුනයි , 
ලංකාවේ අනුරපුරේ තියන 
ජේතවනාරාමය
රුවන්වැලි මහා සෑය 
මිරිසවැටිය 
කියන දාගැබ් තුනයි හරියටම ඔරායන් තරු රටාවේ බද පටිය තියන තරු තුනට සමානව නිර්මාණය වෙලා තියනවා කියල පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියනවා .

මේ තියෙන්නේ 

ජේතවනාරාමය 


රුවන්වැලි මහා සෑය 

මිරිසවැටිය 

මේ තියෙන්නේ අර කලින් කියපු පිරමිඩ තුන 

හරි මම මේ පින්තුර ඔයාට පෙන්නුවේ මේවගේ තාර්තික බව වැඩි කරලා ඔයාට හිතින් මවා ගන්න ලේසි වෙන්න .
දැන් බලමු මේවා ගැන විද්‍යාඥයින් ගේ මතය 

එයාල කියනව වර්තමානයේ තියන ඇති නවීන නිර්මාණ යොදා ගෙනාවත් මේවගේ වැඩක් කරන එක ලේසි නෑලු .ඩිස්ක්කවරි චැනල් එකට පිරමිඩ ගැන වැඩසටහනක් කරන්න අපු ජපන් විද්‍යඥයක් කියල තියනවා දැනට පෘතුවියේ නවීනම තාක්ෂනය යොදා ගෙනාවත් මේ වගේ පිරමිඩයක් හදන්න වසර 1000 ක් විතර යනවා කියලා .

අපි ඔයාලට කලින් කිව මේ පිරමිඩ වල ඉතිහාසය වසර 4000 -11 000 ඈතට යනවා කියල . ඉතිම් පොඩ්ඩක් හිතන්න අද තියන නවීනම තාක්ෂනය යොදා ගෙන ඔවුන් මේවා එදා කළා නම් අද අපිට දකින්න වෙන්නේ පිරමිඩ 4 ක් 5 ක් වගේ ගානක් ...  ඉතිම් හිතන්න යාලුවනේ අද අපේ දියුණුයි කියන ටෙක්නික් එකට වඩා ටෙක්නෝ එකක් එදා මේ පිරමිඩ හදපු අය ලග තිබිලා තියනවා . 

එත් කොහෙන්ද ඔවුන්ට මේ තාක්ෂණික දැනුම .ඔවුන්ගේමද ..? නැත්නම් වෙන බාහිර භෞමිකයකින් උදව් ගත්තද ...?

විද්වතුන් හා පුරාවිද්‍යා නිලදාරයින්ගේ මතය මේ දැනුම භාහිර ජීවින් ..ඔව් පිටසක්වල ජීවින්ගෙන් ගත්තා කියලා .එයාලා ඒ සදහා ඕනි තරම් සාදක  ගෙනහැර දක්වනවා ..
මේ පිරමිඩ හදන්න ඔවුන් යොදා ගත්ත ගල් කුට්ටි කපලා තියෙන්නේ විකිරණ ශීලි ද්‍රව්‍ය වලින් කියල තමා ඔවුන් කියන්නේ ... ඒ වගේම පීඩනය අඩු තැන ඉදන් වැඩි තැනට වාතය අරන් යන එක අදත් අපට කරන්න බෑ .. ඉතිම් මේවට පිටසක්වල තාක්ෂනය සම්බන්ද කරන එක අසාදාරණ නැ .. 

මොකද කොහොමද අපි පිටසක්වල ජීවින් නෑ කියලා .විශ්වය මොනතරම් විශාලද .. අපි තාම අගහරු අල්ලන් දගලනවා විතරයි .. 

මිට අමතරව පෘතුවිය හා පිටසක්වල ජිවිය අතර සම්බන්දතාවන්ට උදාහරණ ලෙස බොලිවියානු උස් බිම් ප්‍රදේශ වල ඇති මං මවත් ගත හැකිය .
පුරාවිද්‍යාඥයන් ගේ මතයට අනුව මෙය වසර 30 000 කට වඩා පැරණි වේ .. මෙම මං මවත් සදා ඇත්තේ මිනිසා රෝදය සොයා ගැනීමට බොහෝ ඉහතදී සැදුවේ කවුද ... කුමටද ..? 
එමෙන්ම ඇති පුරාන මායා වරුන් හා මෙක්සිකෝ ශිෂ්ටාචාරයන් පිටසක්වල ජීවින් සමග සබදතා තිබු බවට ප්‍රංශ ජාතික රොබට් චාරුක් පවසයි .

මෙවැනි නිර්මාණ කල අව්ධියත් විශ්මිත බුද්ධියේ පන්සල නිර්මාණය වූ කාල වකවානුවත් එකක් යැයි සැලකේ.ලසා නගරයේ පොලොව මට්ටමින් අඩි400  ක් පමණ යටින් පිහිටි බිම් ගෙයක් බුධ්ධියේ පන්සල නම් කර ඇත . මෙවෙනි උසස් නිර්මාණ බිහි කිරීමට අපේ මුතුන් මිත්තන් හට වෙනත් භාහිර භෞමිකයකින් අදාර ලබා ගෙන ඇති බවට විද්‍යාඥයින් ගේ මතයන් සාක්ෂ්‍ය දරයි 
මෙම බුද්ධියේ පන්සල අඩි400 ගැබුරින් පිහිටියද ඒ තුලට වතුර බිදක් වත් කාන්දු නොවීම චිදුදරයන් පුදුම කරවීමට සමත් වී තිබේ .. 
තවද මෙම ගෘහය තුල මමී තැන්පත් කොට ඇති අතර ඒවා මිනිස් ස්භාවයක් නොගනී .. මෙම උමගේ ඇති ගල් පුවරුවක සටහන් කර ඇත්තේ මෙම සිරුරු පෘත්වියෙන් පිට සිට පැමිණ තමන්ට උපකාර කල දෙවිවරු තිදෙනෙකුගේ බවයි .. රන් අලෙපිත මෙම සිරුරු දිගු නින්දකට වැටුන ස්භාවයෙන් දිස් වෙයි . 

එසේ නම් මොවුන් කියනා මේ දෙවිවරු කවුද ..? 
විද්‍යාඥයින් ගේ මතය ඔවුන් පිටසක්වල නිර්මාණ කරුවන් බවයි .. ආදී මානවයා තමන්ට උපකාර කල මේ පිටසක්වල ජීවීන්ගේ මෘත දේහ වල රන් අලේප කරන්නට ඇතයි සැලකේ .
*****************************
*****************************************
*********************************************************************


අද අප ඔබ හමුවට ගෙන ආ මෙම නිර්මාන කිහිපයට අමතරව සාමාන්‍ය මිනිස් මනසට සිතිය නොහැකි තරමේ නිර්මාණ රාශියක් දැක ගත හැක .

එසේ නම් මේවා සැබවින්ම අපේ මුතුන් මිත්තන් කලේ නම් ඒවා පරම්පරාවෙන් පරාවට නොපැමිණියේ මන්ද ..? අප සතු සැම ශිල්පයක්ම දිනෙන් දින දශකයෙන් දශකය නැතහොත් සිය වසෙන් සියවසට නව ද්නුමත් නව සොයා ගනිමුත් සමගින් වර්දනය වේ .. 
එසේ නම් මෙම විස්මිත නිර්මාණ කිරීමට පැරැන්නන් සතු වූ තාක්ෂණික ඥානය පමණක් අපිට නොලැබුණේ මන්ද ..? 

එයට හේතුව එම නිර්මාණ පිටසක්වල ජීවීන්ගේ සහය ඇතුව නිමකිරීම විය හැකිය .. විය හැකිය නොව සැබවින්ම එසේ වී ඇතැයි මට හැගේ . පිට සක්වල ජීවින් එම තාක්ෂනය කුමක් හෝ හේතුවක් නිසා අප හට නොදෙන්නට ඇත .
සමහර විටක ඔවුන් එම ඥානය අපට දුන්නද එය තේරුම් ගැනීමට තරම් අපේ උසස් යයි කියන මනස උසස් නොවන්නට ඉඩ තිබුන විය හැකිය ..

එසේ නම් අප කලයුත්තේ දකින සෑම දෙයක්ම පිටසක්වල යයි කිමද නොවේ 
දකින සැම දෙයක්ම බොරු යයි කියා විසි කර දැමීමද නොවේ ...
ඉමක් කොනක් නැති විශ්වය තුල පවත්නා රහස් කෙරෙහි උනන්දුවක් ඇති ඔබ අවබෝදයෙන් හා සැලකිල්ලෙන් යුතුව ගවේෂණය කිරීමයි. එවිට ඔබ මුලා නොවනු ඇත ... 

හොදයි කොල්ලනි කෙල්ලනි අදත් ඔයාල වෙනුවෙන් වැදගත් පොස්ට් එකක් අරගෙන අවේ ..
එහෙනම් අපි කැපෙනවා හොදේ ... එල .
අනිවා ඔයාගේ අදහස් දාන්න ... අපිට වටිනවා යාලුවනේ ..


එකතු වන්න අපිත් එක්ක 

අපේ ෆේස්බුක් සමුහයට 

මම ANDROID PAIN KILLERS සමුහය වෙනුවෙන්  දුලාන් සඳරුවන්

ඔය කොළ පාට නම් උඩ කොටලා අපිව ෆේස් බුක් එකෙන් අල්ල ගන්න හොදේ ....







තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

3 ප්‍රතිචාර:

  1. මුලින්ම මම ඔබතුමාට සුබ පතනවා මෙවැනි වටිනා දැනුම ගෙන දෙන අරිකල් එකක් සම්පාදනය කිරීම ගැන ,, ඒ වගේම මේ කාර්ය digin දිගටම කරගෙන යාමට ඔබට ධයිර්ය ශක්තිය ලැබේවායි පතමි ,,,මමත් පොඩි කාලේ පටන් මේ පිට සක්වලයෝ විශ්වාස කරමින් ඒවා ගැන හැදෑරුවා ,,ලොකුවට නෙමේ මේ වගේ ලිපි කියවමින්, මීට අවරුද්දකට විතර කලින් මගේ ඒ සෙවීම වෙනතකට යොමු උනා , ඒ මොකක්ක්ද ,, ඒ අපේ රාවන රජු සහ පිට සක්වලයන් සමග තිබු සබදතා පිලිබදව දන ගැනීමෙන් පසුව, මම අපේ රාවන රජුගේ ලිකු ෆෑන් කෙනෙක්

    ReplyDelete
  2. ඔබගේ දිරිමත් කිරීම් වලට ස්තුතියි .....
    අපිත් එක්ක දිගටම ඉන්න ... අපි ඔයාලට දිගටම අලුත් දේවල් දෙන්න වග කියනවා .....

    ReplyDelete
  3. (h) නයිස් පොස්ට් දුලාන් අයියා

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: පිටසක්වල ජීවින් හා අතීත විස්මිත නිර්මාණ Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top