ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Thursday, March 12, 2015

"පිටසක්වළ ජීවය හා පිටසක්වළ ජීවීන් - Aliens & Aliens Life "


යාළුවනේ ඔන්න Android ගැනම කතා කරපු මම වෙනස්ම ඒ වගේම හිත් කුහුලෙන් පුරවන අලුත් දෙයක් අරන් එන්නයි මේ හදන්නේ.. දන්නවනේ අපේ අපේ අඩවිය එකම දෙයකට සිමා වෙච්ච දෙයක් නෙමෙයි මේකේ හැම තාක්‍ෂණයකම එකතුවක්.. ඉතින් මම අද හිතුවා පිටසක්වළ ජිවය ගැන ටිකක් ඔයාලා එක්ක කතා කරන්න ටිකක් නෙවෙයි ගොඩාක්.. ඔව් මම මේ ගැන කතා කරන්න උනන්දු මෙන්න මේ නිසා
  • කාලයක් මගේ විෂය වෙලා තිබුන නිසා (දැනටත් හදාරනවා)
  • මානවයා විදියට අපිට අරුම දේවල් ගැන කුතුහලයක් උපතින්ම ලැබුන නිසා
  • ඔයාලව විශ්ව දැනුමින් පුරවන්න ඕන නිසා..

"අපි දැන් බලමු අපි අද කතා කරන මාතෘකා"


1 පිටසක්වළ ජීවීන් පැමිණි බවට සාක්ෂි
2 පිටසක්වළ ජීවය
3 පිටසක්වළ ජීවීන්ට මෙහි පැමිණිය හැකිද?
4 ඔබ අමුතු ආකාරයේ ආකාශ වස්තුවක් දුටුවහොත් කළ යුත්තේ කුමක්ද?
5 පිටසක්වළ ජීවීන් සෙවීමේ ව්‍යාපෘති
6 පිටසක්වළ ජීවීන් පිළිබදව වැඩිදුර තොරතුරු
"සැබැවින්ම පිටසක්වළ ජීවයක් පැවතිය නොහැකිද?"

හොදයි එහෙනම් මම කියුවා වගේම මම මේ විෂයට සම්බන්ධයෙන් යම්තාක් විෂය පථයක හදාරලා තියනවා.. මෙන්න බලන්නකෝ සාක්ෂි



"අත්සන් කළේ"
R. A. S. Saraj Gunasekara, Research Scientist 
Head, Space Applications Division, 
Arthur C. Clarke Institute for Modern Technologies, 
Katubedda, 
Moratuwa, 
10400, 
Sri Lanka
ඔව් මමත් Space Applications Division හි ශිෂ්‍යයෙක් වෙලා හිටියා.. දැනටත් යම් යම් අවස්ථාවල ඒ හා සම්බන්දයෙන් කටයුතු කරනවා.. 

"මෙන්න අපේ Space Applications Division හි විස්තර"
Space Applications Division - Head, Space Applications Division, 
Arthur C. Clarke Institute for Modern Technologies, 
Space Applications Division has been engaged in the activities in the area of Astronomy and RS/GIS (Remote Sensing/Geographic Information Systems) and is responsible in the operation of the largest optical telescope facility in Sri Lanka, GOTO 45cm Cassegrain telescope. The staff of space applications division working in close collaboration with the local universities utilizes the telescope facility to carry out basic research studies in astronomy. With a view to popularizing the astronomy and space science among school children Space Applications Division has launched several outreach programs.Arthur C Clarke Institute for Modern Technologies was designated as the National Focal Point for Space Technology Applications in the Island at the Ministerial Conference on Space Applications for Development in Asia and the Pacific, held in Beijing in 1994. Having recognized the need for a national platform for dissemination and exchange of knowledge and experience in the areas of Geographical Information systems, Remote Sensing and Global positioning Systems to address the socioeconomical issues pertaining to the management of spatially disbursed resources in the Island ACCIMT has organized several National Conferences.

හරි දැන් අපි බලමු "පිටසක්වළ ජීවය හා පිටසක්වළ ජීවීන් - Aliens &  Aliens Life "  ගැන විස්තර ටිකක් මම ද ටිකක් දුරට මේ ගැන කතා කරන්න යන්නේ.. ලිපිය නම් දිග වෙනවා නොවනුමානයි.. ඒත් ඔයාලා වෙනුවෙන් ටිකක් දුරට දැනුම දෙන්නයි මම මේ උත්සහා කරන්නේ.මෙතන මගේ දැනුම වගේම යම් යම් උපුටා ගැනීම තියනවා කියලත් කියන්නම ඕන.. එහෙනම් අපි මුලින්ම බලමු 

"පිටසක්වළ ජීවය කියන්නේ කුමක්ද??"


පෘථිවියෙන් පිටත එනම් වෙනත් ග්‍රහලෝකයක,උපග්‍රහයෙකු මත නැතිනම් ග්‍රහකයක ජීවයක් පවතීනම් එය පිටසක්වල ජීවය ලෙස හඳුන්වයි.මෙ‍ම ජීවීන් අප මෙන්ම මහා ජීවීන්ම වීම අවශ්‍ය නොවේ.එනම් අභ්‍යවකාශයේ පවතින දූව්ලි අංශුවක් මත ඇතිවන ජීවයක් වුවත් පිටසක්වල ජීවය ලෙස අර්ථකතනය කිරීමට පුළුවන.


ව්‍යුහමය සහ කෘත්‍යමය වශයෙන් ජීවයට දායක විය හැකි මහා අණු තැනිය හැක්කේ මූලද්‍රව්‍ය වලින් කාබන්, බෝරෝන්,නයිට්‍රජන්,සිලිකන් සහ පොස්පරස් වලට පමණි. පෘථිවියේ ජීවය කාබන් මත ගොඩ නැගුනද පිටසක්වල ජීවයක් ඉහත මූලද්‍රව්‍ය මත ගොඩනැගිය හැකිද? බෝරෝන් මූලද්‍රව්‍ය‍ට තැනිය හැක්කේ සීමිත බන්ධන ගණනකි.එසේම එවැනි සංයෝගවල ස්ථායීතාව අඩුය. නයිට්‍රජන්හි නයිට්‍රජන් අණුවේ බන්ධන ස්ථායීතාව ඉතා වැඩි බැවින් තැනෙන කුඩා දාමයක් වුවත් පහසුවෙන් වියෝජනය වී නයිට්‍රජන් වායුව සෑදීමට වැඩි නැඹුරුවක් දන්වයි. පොස්පරස් වල සහසංයුජ බන්ධනද අඩු ස්ථායීතාවක් දක්වයි.එමනිසා පිටසක්වල ජීවය එම මූලද්‍රව්‍ය තුන මත රඳා නොපවතින බව සිතිය හැක. ආවර්තිතා වගුවේ එකම කාණ්ඩයට අයත් නිසා සිලිකන් මූලද්‍රව්‍ය‍ කාබන් වෙනුවට හොඳ ආදේශකයක් විය හැකිය.නමුත් ප්‍රමාණයෙන් විශාල වීම නිසා සිලිකන්- සිලිකන් බන්ධන තැනීම කාබන්- කාබන් බන්ධන තැනීම තරම් පහසු නොවන අතර ස්ථායී භාවයද අඩුය.නමුත් සිලිකන් හා ඔක්සිජන් එකතුව තනන මෙතිල් සිලිකෝන වැනි අණු පිටසක්වල ජීවය සඳහා හොඳ අත්තිවාරමක් විය හැක. එසේම ජීව විද්‍යාත්මක ප්‍රතික්‍රියා සිදුවීමට නම් ජලීය මාධ්‍යයක් අවශ්‍ය වේ.එම නිසා පිටසක්වල ජීවයක් ඇතිවීමට නම් එහි මෙ‍ම සියලු සාධක අන්තර්ගත විය යුතුය.


"පිටසක්වළ ජීවීන්ට මෙහි පැමිණිය හැකිද?"
පිටසක්වළ ජීවීන් අති විශාල දුරක සිට පෘථිවිය සොයා පැමිණීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු නම්

1) දුර සීමාව
බුද්ධිමත් ජීවීන් ජීවත් විය හැකි ග්‍රහ පද්ධතියක් දරන තාරකා පෘථිවිය ආසන්නයේ පිහිටා නොමැත.එවැනි තාරකාවකට ඇති දුර පෘථිවියේ සිට ආලෝක වර්ෂ දස දහස් ගණනක් විය හැක.එමනිසා එම තාරකාවක සිට පෘථිවිය‍ට පැමිණීමේදී අති විශාල දුරක් ගෙවා පැමිණිය යුතුය.

2) ආයු සීමාව
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 100,200 පමණ ඈතින් ඇති ග්‍රහලෝකයක සිට ජීවීන් කොට්ටාෂයක් අප වෙත පැමිණියහොත් ඹවුන්ට අති විශාල කාල සීමාවක් අභ්‍යවකාශයේ ගෙවා දැමීමට සිදුවේ. එහිදී මුහුණ පෑමට සිදුවන ගැටලු නම් ජීවියකුගේ ආයු කාලය එතරම් විශාල නොවීමත් එපමණ කාලයක් තුල ජීවත් වීමට අවශ්‍ය ආහාර පාන ආදිය රැගෙන ඒමට සිදුවීමත්ය.

3)ඉන්ධන සීමාව

විශාල දුරක් ගෙවා පැමිණීමේදී ඉතා විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය කිරීමට සිදුවේ.එම ඉන්ධන ගබඩා ක්රීමේදී ගැටළු ඇතිවේ.න්‍යෂ්ඨික ශක්ති‍ය භාවිත කලද එයද ඉතා විශාල ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත.

"පිටසක්වළ ජීවීන් පැමිණි බවට සාක්ෂි"


1)පියාඹන පීරිසිවල වීඩියෝ දර්ශන





"මෑතකදී ලංකාවේ වාර්තා උන සිදුවීම"


පිටසක්වල යානා ඡායාරූපයට ගැනීම සහ රේඩාර් මගින් හදුනා ගැනීම 1947 අවධියේ පටන් පැවතිණ.මේවා සජීවීව පටිගත කිරීම පිළිබඳව සාක්ෂි හමුවන්නේ 90 දශකයේ පටන්ය.මේ අතර 1994 වසරේ දෙසැම්බර් 04 වන දින ඇල්කරාස් ප්‍රදේශයෙන් වාර්තා වූ වීඩියෝ පටියද 1997 වසරේ නොවැම්බර් 30 වන දින පටිගත කල වීඩියෝ පටියද ප්‍රධාන තැනක් ලැබේ.
මීට අමතරව 1997 වසරේ අගෝස්තු 06 දින මෙක්සිකෝවේ සිදුවූ සිදුවීමක් ඉතා සිත් ගන්නා සුළුය.එම වීඩියෝ පටයට අනුව උස ගොඩනැගිල්ලක් අසලින් විශාල වටකුරු පියාඹන පීරිසියක් දිස්වේ.මෙම යානය ගමන් කරන අතර රවුමට කැරකේ.
නමුත් ඇතැමුන්ගේ අදහස වනුයේ පරිගණක මෘදුකාංග භාවිතයෙන් මේවා නිර්මාණය කළ හැකි බවය.

"මෙතන තියන ඔක්කොම විඩියෝස් මේ හා අදාළ ඒවා. ඒ වගේම එහි සත්‍ය හෝ අසත්‍ය බව ඔයාලම තීරණය කරන්න"
මෙන්න මෙතනින් බලන්න


2)පියාඹන පීරිසිවල ඡායාරූප

1950 වසරේ මැයි 11 මැක්මින්විලෙ ගමේ ගොවියෙකු ගත් ඡායාරූප දෙකක් පිළිබඳ විද්වතුන්ගේ අවධාණය යොමු විය.බොහෝ දෙනෙකුගේ අදහස වූයේ මෙය සත්‍ය වශයෙන්ම සිදුවූ ඡායාරූපගත කිරීමක් බවය.
1952 දී ඇමරිකා එක්සත් ජනපදයේ රැල්ෆ් විසින් ගන්නා ලද අභ්‍යවකාශ වස්තුවද සත්‍ය ඡායාරූපයක් බව පරිගණක තාක්ෂණය භාවිතයෙන් කල විශ්ලේෂණ වලින් සනාථ විය.







"තව ඒවා බලන්න මෙතනට යන්න"


"පිටසක්වළ ජීවීන් සෙවීමේ ව්‍යාපෘති"

පිටසක්වළ ජීවය පිළිබඳව මිනිසා සිත යොමන්නට පටන් ගත්තේ ඈත අතීතයේ සිටම වුවද, එය උන්මාදයක් වන තරමටම පැතිරී ගියේ 1950 දශකයේ මුල් භාගයේ සිටය. එම කාල වකවානුවේදීම මෙවැනි සිදුවීම් විශ්ලේෂණය කිරීම සඳහා විවිධ පර්යේෂණ ව්‍යාපෘතීන් ආරම්භ කෙරුණි. මින් බහුතරයක් ඇමෙරිකාවේදී ක්‍රියාත්මක කෙරුණු අතර ඒවාද සියල්ලම පාහේ ඇමෙරිකානු ගුවන් හමුදාව යටතේ පැවතිණි. ඒවා පහත දැක්වේ..

1)සෙටී ව්‍යාපෘතිය

1961 වසරේ නොවැම්බැයේදී රේඩියෝ ඉංජිනේරුවන් , තාරකා විද්‍යාඥයන් සහ ජෛව විද්‍යාඥයන් කිහිපදෙනෙකු එකතුව සක්වලින් එපිට බුද්ධිමත් ජීවීන් සෙවීම අරමුණු කොට සමුළුවකි පැවැත්වූවේය.සුප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වූ ෆ්රෑන්ක් ඩ්රේක් පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සෙවීම සඳහා ඔහුගේ සුප්‍රසිද්ධ සමීකරණය ප්‍රථම වරට ඉදිරිපත් කලේ මෙම සමුළුවේ දීය.මෙම සමුළුවේදී සෙටී (SETI-Search for Extraterrestrial Intelligence)උපන්නේය.එදා සිට අද දක්වා විවිධ දිශා වලට අතු විහිදවහින් දැවැන්තව වැඩුණු සෙටී ව්‍යාපෘතිය තවමත් මල් ඵල ගැන්වී නොමැත.මෙම ව්‍යාපෘතිය ප්‍රධාන ශාඛා කිතිපයක් ඔස්සේ දියත් කෙරිණි.එම ශාඛා වලින් කිහිපයක් නම්


  • ෆීනික්ස්(PHEONIX) 
  • බෙටා(BETA-Billion channel Extra Terrestrial Assay)
  • මෙටා(META-Million channel Extra Terrestrial Assay)

2) බෙටා ව්‍යාපෘතිය

පිටසක්වළ ජීවීන් සෙවීම සඳහා චැනල බිලියනයක් යොදා ගැනීම අරුත් දෙන (Billion channel Extra Terrestrial Assay)BETA ව්‍යාපෘතිය, ග්‍රහ සංගමයෙහි (Planetary Society)ආධාර ඇතිව හාවඩ් විශ්ව විද්‍යාලයේ පෝල් හොරොව්ට්ස්ගේ ප්‍රධාණත්වයෙන් ඇරඹුණකි.ඛගෝලයේ සමකයේ සිට උතුරට අංශක 60 ක්ද දකුණට අංශක 30 ක්ද වූ සීමාව තුල සියළුම තරු නිරීක්ෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.වසරක් පුරා හාවඩ්හි පිහිටි මීටර 26ක රේඩියෝ දුරේක්ෂයෙන් ගිගා හර්ට්ස් 1.4 ත් 1.72 ත් අතර පරාසයක සංඛ්‍යාත ඹවුන් විසින් මෙම ව්‍යාපෘතිය යටතේ නිරීක්ෂණය කරන ලදී.
බෙටා ව්‍යාපෘතිය ආරම්භ වූයේ 1985 දී ආරම්භ වූ මෙටා ව්‍යාපෘතිය(META-Million channel Extra Terrestrial Assay)වෙනුවෙනි.

3)සයින් ව්‍යාපෘතිය (Project Sign)

෴සයින් ව්‍යාපෘති කමිටුව෴

1947 ජූනි 24 වන දින කෙනත් ආර්නල්ඩ් මුහුණ දුන් සිදුවීමෙන් දින කිහිපයකට පසු ජූලි 7 වනදා සහ 8 වනදා තහනම් ගුවන් කලාපයක් වූ මුරෝක් ගුවන් හමුදා කඳවුර (වර්තමානයේ Edwards AFB) අසලද මෙවැනි අභිරහස් ආකාශ වස්තු කිහිපයක් දක්නට ලැබීම ඇමෙරිකානු ගුවන් හමුදාව සසල කරවන්නක් විය. සයින් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ආසන්නතම හේතුව වූයේ මෙයයි. 1947 ජූලි 30 වනදා ලුතිනන් කර්නල් ජෝර්ජ් ගැරට් හා කපිතාන් රොබට් ස්නයිඩර් ගේ මූලිකත්වයෙන් ඇරඹුණු මෙම ව්‍යාපෘතිය අනෙකුත් සන්නද්ධ හමුදාවන්හි හා FBI හිද සහභාගීත්වය ඇතිව 1949 වසරේ මුල් භාගය වන තෙක් ක්‍රියාත්මක විණි. හඳුනා ගත නොහැකි ආකාශ වස්තු දර්ශනය වීම් පිළිබඳ වාර්තා සියල්ල දෙවන ලෝක යුධ සමයේ දී සතුරු යානා නිරීක්ෂණයේ යෙදුණු T-2 ඩිවිෂනයට භාර දෙන ලෙස ජනතාවට නියෝග කෙරුණු අතර ව්‍යාපෘතියේ අවසන් වාර්තාව Highly Classified ලෙස වර්ගීකරණය කොට සාමාන්‍ය ජනයාගෙන් වසන් කෙරිණ. කෙසේ හෝ විශ්‍රාමික ගුවන් හමුදා කපිතාන් එඩ්වඩ් රූපට් විසින් 1956 දී රචිත The Report on Unidentified Flying Objects ග්‍රන්ථයෙන් ව්‍යාපෘතියේ යම් යම් කරුණු හෙළිදරව් කරන ලදී. 1961 දී සයින් ව්‍යාපෘතියේ අඩංගු වූ සියළුම ලිපිගොනු මුදා හැරිණි. වාර්තා වුණු සමහර සිද්ධීන් වල සඳහන් ආකාශ වස්තු ගුවන් යානා හා උල්කාපාත බවත්, සමහර ආකාශ වස්තූන් එවකට ඇමෙරිකාව සතුව තිබූ තාක්ෂණයෙන් වුවද නිපදවිය හැකි මට්ටමේ ඒවා බවත් (රොකට් එන්ජින් විශේෂඥයෙකු වූ කපිතාන් රොබට් ස්නයිඩර් මෙවැනි කුඩා අනුරූ කිහිපයක් සාදා ඉදිරිපත් කර තිබේ.) අවසන් වාර්තාවෙන් නිගමනය කර තිබුණු අතර ආර්නල්ඩ් ගේ අත්දැකීම, මුරෝක් සිදුවීම ආදී සිද්ධීන් කිහිපයක් වටහා ගත නොහැකි බව දක්වා තිබුණි. එබැවින් ඇමෙරිකානු ගුවන් හමුදාව තවදුරටත් මෙබඳු සිදුවීම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි සයින් විසින් ව්‍යාපෘතිය නිර්දේශ කරන ලදි.

4)ග්රජ් ව්‍යාපෘතිය (Project Grudge)

1949 පෙබරවාරි මසදී සයින් ව්‍යාපෘතිය අත්හිටුවා ග්රජ් ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර 1949 වසරේම දෙසැම්බර් මාසයේ නිල වශයෙන් අවසන් කෙරිණ. මෙම ව්‍යාපෘතිය මගින් ඉදිරිපත් කළ අවසන් වාර්තාව පක්ෂග්‍රාහී වූ බව විද්වත් මතයයි. ඇමෙරිකානු විද්‍යාඥ ආචාර්ය මයිකල් ස්වෝඩ්ස් මේ පිළිබඳව පහත ආකාරයට අදහස් දක්වා තිබේ.‍

"Inside the military, Major Aaron J. Boggs in the Pentagon and Colonel Harold Watson at Air Material Command were openly giving the impression that the whole flying saucer business was ridiculous. Project Grudge became an exercise of derision & sloppy filling. Boggs was so enthusiastically an anti-saucer that General Cabell ordered General Moore to create a more proper atmosphere of skeptical respect for the reports & their observers."

මේජර් ආරොන් බොග්ස් ගේ මූලිකත්වයෙන් ඉදිරිපත් කෙරුණු ග්රජ් ව්‍යාපෘති වාර්තාවේ අඩංගු සමහර කරුණු හා නිගමන විද්‍යාත්මකව පිළි ගත නොහැකි මට්ටමේ පැවතුණි. සයින් ව්‍යාපෘතිය මෙන් රහසිගත නොවුණද, ඉහත හේතූන් නිසාවෙන් ග්රජ් ව්‍යාපෘතිය පිළිබඳව ඉහළ නිළධාරීන් අතර පවා මතභේද ඇති වුණු බැවින් වඩාත් විද්‍යාත්මක වූ ව්‍යාපෘතියක් හරහා මෙම සිදුවීම් විශ්ලේෂණය කිරීමේ අරමුණින් යුතුව ග්රජ් ව්‍යාපෘතිය නවතා දමන ලදී..

5)නිල් පොත් ව්‍යාපෘතිය (Project Blue Book)


හඳුනා නොගත් ආකාශ වස්තු විෂයෙහි සිදු කෙරුණු සාර්ථක පර්යේෂණ ව්‍යාපෘතියකි. 1952 දී ආරම්භ වුණු මෙය 1969 දී අවසන් විය. ඉහත සඳහන් කළ ගුවන් හමුදා කපිතාන් එඩ්වඩ් රූපට් ගේ ප්‍රධානත්වයෙන් හා කීර්තිමත් විද්‍යාඥ ඇලන් හයිනෙක් ගේ උපදේශකත්වයෙන් ඇරඹි මෙම ව්‍යාපෘතිය මගින් සිදුවීම් 12,618 ක් විශ්ලේෂණය කරන ලදී. UFO ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ දැයි සොයා බැලීම සහ UFO සම්බන්ධයෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ලබා ගැනීම අරමුණු කොට ගත් නිල් පොත් ව්‍යාපෘතියේ අවසන් වාර්තාව මගින් විශ්ලේෂණය කරන ලද සිදුවීම් කිසිවක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී නොමැති බව සහ වාර්තා වී ඇති UFO පිටස්තර ග්‍රහලොවක සිට පැමිණෙන යානා යැයි නිශ්චිතව පැවසීමට තරම් සාක්ෂි නොමැති බව නිගමන ලෙස ඉදිරිපත් කර තිබේ. (එහෙත් සමහර සිද්ධීන් පැහැදිලි කළ නොහැකි ඒවා බවද වාර්තාවේ සටහන් කර ඇත.) බොහෝ සිදුවීම් වළාකුළු, උල්කාපාත ආදිය වරදවා වටහා ගැනීම් සහ එකල රහසිගතව පරීක්ෂණ වලට ලක් කරමින් තිබුණු U-2 හා A-12 යුධ ගුවන් යානා දර්ශනය වීම් බව නිල් පොත් ව්‍යාපෘති වාර්තාවේ සඳහන්ය. නිල් පොත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන කාලයේදී සෑම ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරකටම ව්‍යාපෘති නියෝජිතයෙකු බැගින් පත් කෙරුණු අතර ඔවුන්ට ඕනෑම හමුදා නිළධරයෙකු ගෙන් සාමාන්‍ය නීතියට පරිබාහිරව ප්‍රශ්න කිරීමට බලය ලබා දී තිබිණ. මෙම ව්‍යාපෘතිය යම් පමණකට මහජනයාට විවෘත වුවද, ඊට පිටින් බොහෝ රහසිගත ක්‍රියාවලීන් සිදු විය. කපිතාන් රූපට් හා ඔහුගේ කණ්ඩායම විටින් විට ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව ජනතාව දැනුවත් කරන අතරතුර එහිදී සඳහන් නොවුණු රහසිගත කරුණු ඇතුලත් රහස්‍ය වාර්තාවන් සතිපතා පෙන්ටගනයට යොමු කෙරිණි. හඳුනා ගත නොහැකි වූ සිදුවීම් කිසිවක් මාධ්‍යයන්ට හෙළි නොකර ඒවා දිගින් දිගටම විශ්ලේෂණය කෙරෙමින් පවතින බව ප්‍රකාශ කරන ලදී. 1954 දී එඩ්වඩ් රූපට් ව්‍යාපෘතියෙන් ඉවත් වුණු අතර පසුව පිළිවෙලින් කපිතාන් චාල්ස් හාඩින්, කපිතාන් ජෝර්ජ් ග්‍රෙගරි, මේජර් රොබට් ෆ්‍රෙන්ඩ් හා මේජර් හෙක්ටර් ක්වින්ටැනිලා නිල් පොත් ව්‍යාපෘතිය භාරව කටයුතු කළහ. පසු කලෙක මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ සියළු තොරතුරු ජනමාධ්‍ය වෙත මුදා හැරිණි.

"ඉහත සඳහන් වූයේ 50 හා 60 දශකයන්හිදී ඇමෙරිකානු ගුවන් හමුදාව මගින් පවත්වා ගෙන යන ලද UFOs හා සබැඳි ව්‍යාපෘතීන් කිහිපයකි. මේ හැර පසු කලෙක පිටස්තර ලෝකයන්හි ජීවය ඇත්දැයි සෙවීමට ආරම්භ කරන ලද හා තවමත් ක්‍රියාත්මකව පවතින වොයේජර්, පයනියර් හා සෙටී වැනි ව්‍යාපෘතීන් පිළිබඳව ඉදිරියේදී වෙන් වෙන්ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබේ."

"ඔබ අමුතු ආකාරයේ ආකාශ වස්තුවක් දුටුවහොත් කළ යුත්තේ කුමක්ද?"


ලෝකය පුරා පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් පිළිබඳව නොයෙකුත් සිදුවීම් වාර්තා වී තිබේ.මධ්‍ය හරහා එළියට නොපැමිණි පර්යේෂකයන්ගේ ඇසට බඳුන් නොවූ තවත් සිදුවීමි අපමණ සංඛ්‍යාවක් තිබිය හැක.වාර්තා වූ බොහෝ සිදුවීම් ද සත්‍ය සිදුවීම විකෘතිව ඉදිරිපත් වන්නට හේතු වී ඇත්තේ බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව ඇති නොදැනුවත් කම නිසාය.ඔබට යම් හෙයකින් පියාඹන වස්තුවක් දැක ගැනීමේ වාසනාව උදාවුවහොත් ඔබ අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටියක් ඇත.

1)ඔබ දුටු දේ තහවුරු කර ගැනීමට තවත් සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් සොයාගන්න.

2)හැකි නම් ඡායාරූපයක් ගැනීමට හෝ වීඩියෝ ගත කිරීමට උත්සාහ ගන්න.

3)ඔබ විසින් නිරීක්ෂණය කරන ලද වස්තුව හා අවට පරිසරය සංසංදනය කර එහි විශාලත්වය,වේගය ආදිය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න.

4)හැකිනම් එම මොහොතේම දුටු දේ ලියා එහි ගමන් මාර්ගය ආදී දේ පිළිබඳව සිතියමක් අඳින්න.

5)හැකි ඉක්මනින් පොලීසියට,ගුවන් හමුදාවට හෝ හඳුනා නොගත් පියාසර වස්තු පරීක්ෂකයන්ට සිද්ධිය ගැන දැනුම් දෙන්න.

"සැබැවින්ම පිටසක්වළ ජීවයක් පැවතිය නොහැකිද?"

අද වනවිට ඉතාමත් ජනප්‍රිය විෂය ක්ෂේත්‍රයක් වී ඇති පිටසක්වළ ජීවය පිළිබඳව හැදෑරීම මිනිසුන් තුළ ඇති කර ඇත්තේ නොසන්සිඳෙන කුතුහලයකි. එමෙන්ම මෙය නවතම සිද්ධි වාර්තා වීම්, නව සොයා ගැනීම්, උණුසුම් මතවාද හා තර්ක විතර්ක මගින් නිරන්තරව යාවත්කාලීන වන විෂයයක් බවට පත් වී ඇත. 20 වන ශතවර්ෂයේ සිට වර්තමානය දක්වාම විද්‍යාඥයන් විසින් විවිධාකාර තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් විවිධ ආකාරයේ පර්යේෂණ කර ඇතත් තවමත් මෙම පිටසක්වළ ජීවීන් පිළිබඳව කිසිදු පැහැදිලි තොරතුරක් සොයා ගත නොහැකි වී තිබීම එක් අතකින් පුදුමයට කරුණකි.

වර්ෂයේ දින 365 පුරාම ක්‍රියාත්මක වන පර්යේෂණ ව්‍යාපෘති එමටය. දවසේ පැය 24 පුරාම පිටසක්වළ ජීවීන් පිළිබඳව තොරතුරක් ලබා ගැනීමට හෝ ඔවුන් සමග සන්නිවේදනයේ යෙදීමට අහස දෙසට යොමු වී ඇති අති ප්‍රබල දුරේක්ෂ හා වෙනත් නවීන සන්නිවේදන උපකරණ ප්‍රමාණය නොගිණිය හැකි තරම් ය. එහෙත් මේ වන තෙක් පිටසක්වළ ජීවීන් සිටින බව හෝ ඔවුන් පෘථිවියේ සැරිසරමින් එය අධ්‍යයනය කරන බව හෝ සනාථ කරන විද්‍යාත්මක තොරතුරක් ලබා ගත හැකි වී නැත. නමුත් එසේ වූ පමණින් මෙය මිථ්‍යාවකැයි සලකා සම්පූර්ණයෙන්ම බැහැර කිරීමද කළ නොහැක්කකි. විද්‍යාත්මකව ඔප්පු කර ගැනීමට අපොහොසත් වුවද පහසුවෙන් ඉවත දැමිය නොහැකි ප්‍රබල සාධක බොහෝ ය.

විශ්වය යනු අපට සිතා ගැනීමටවත් නොහැකි ආකාරයේ අතිවිශාල වූත්, විශ්මයජනක වූත් ස්ථානයකි. විශ්වය විසින් සඟවා ගෙන සිටින අබිරහස් ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැක. මිනිසා විසින් විශ්වය පිළිබඳව සොයා ගෙන ඇති ප්‍රමාණය, තවමත් ගවේෂණය නොකළ ප්‍රමාණය හා සසඳන විට මහා සාගරයකින් ගත් දිය බිඳුවක් වැනිය. එබැවින් මිනිසා සතුව ඇති අල්පමාත්‍ර වූ තාක්ෂණය පිළිබඳව අධිතක්සේරුවක් තබා ගෙන මිනිසා හැර වෙනත් කිසිදු ජීවියෙක් විශ්වය තුළ බිහි විය නොහැකි යයිද, විශ්වයේ සිටින බුද්ධිමත්ම ජීවී කොට්ඨාශය මිනිසා යයිද සැලකීම හාස්‍යයට කරුණකි. කිසිවිටෙකත් මුළුමහත් විශ්වය සුළු කොට තැකිය යුතු නැත.

අප ජීවත් වන පෘථිවිය යනු ප්‍රධාන ග්‍රහලෝක 8 කින්, වාමන ග්‍රහලෝක 4 කින් හා චන්ද්‍රයන්, ග්‍රහක ආදී ආකාශ වස්තු මිලියන ගණනකින් සමන්විත, එක් තරුවක් මධ්‍යගතව පිහිටා ඇති සෞරග්‍රහමණ්ඩලයක 3 වන ග්‍රහලෝකය යි. දැනට කර ඇති සොයා ගැනීම් අනුව සෞරග්‍රහමණ්ඩලයේ ජීවය පවතින එකම ග්‍රහලොව වන්නේ ද පෘථිවිය යි. මීට පෙර අඟහරු ග්‍රහයා මත ද ජීවය ඇතැයි විශ්වාස කෙරුණද, තවමත් ඒ පිළිබඳව පිළි ගත හැකි සාක්ෂි ලැබී නොමැත. මේ වනවිටද ඇමෙරිකාව පෙරටු කොට ගත් රුසියාව, චීනය ආදී රටවල අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයන් අඟහරුගේ ජීවය පිළිබඳව පර්යේෂණ කරමින් පවතී. අඟහරු වටා කක්ෂගතව ඇති නිරීක්ෂණ යානා හා අඟහරු මතට ගොඩ බැස දත්ත එකතු කරමින් සිටින අධි තාක්ෂණික රෝවර් යානා සංඛ්‍යාව ගණනින් පනහද ඉක්මවයි. අඟහරු මත අතීතයේ ජල මාර්ග හා මුහුදු තිබුණු බව ද, තවමත් ඒවායේ නෂ්ටාවශේෂ හා මිදුණු ජලය එහි ඇති බව ද පර්යේෂණයන් මගින් තහවුරු වී ඇති නිසා සමහරවිට අතීතයේදී අඟහරු මත යම් ජීවයක් තිබෙන්නට ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කළද, වර්තමානයේ ජීවයක් පවතී යැයි පිළිගැනීමට තරම් විද්‍යාත්මක සාක්ෂි තවමත් හමු වී නැත. ඊට අමතරව බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් දෙදෙනෙකු වන යුරෝපා හා ගැනිමීඩ් තුළ ද, සෙනසුරුගේ චන්ද්‍රයෙකු වන එන්සෙලඩස් තුළද ජීවය ඇතැයි මත පැවතියද ඒවා තවමත් පර්යේෂණයන්ට ලක් කර නැත. මේ අනුව සලකා බලන විට අප සෞරග්‍රහමණ්ඩලය තුළ ජීවය ඇති එකම ග්‍රහලෝකය ලෙස දැනට සැලකෙන්නේ පෘථිවිය යි.යම් ග්‍රහලෝකයක් තුළ ජීවයක් බිහි වීමට නම් එහි ජීවයට හිතකර පරිසරයක් සහ වෙනත් මූලික අවශ්‍යතා තිබිය යුතුය. පෘථිවිය තුළදී නම්, පෘථිවි ජීවීන්ට ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් (නයිට්‍රජන් ශ්වසනය කරන හා කිසිදු වායුවක් ශ්වසනය නොකරන ක්ෂුද්‍ර ජීවීන් ද සිටිති.), ආහාර, අභ්‍යවකාශයෙන් එල්ල වන අනතුරු මැඩීමට සමත් වායුගෝලයක් ආදී සාධක තිබීම නිසා ජීවයක් ඇති විය. මේ පෘථිවි ජීවීන් යැපෙන්නේ තමන් නිර්මාණය වූ හා පරිණාමනයට ලක් වූ පරිසරයේ ඇති ද්‍රව්‍යයන් හා ගුණයන් උපකාරී කර ගනිමිනි. ඊට වෙනස් ගුණ දරන පරිසරයක පෘථිවි ජීවීන්ට ජීවත් විය නොහැක. මෙලෙසම අනෙකුත් ලෝකයන් ගැනද සිතුවහොත් ඒ ඒ ලෝක වලට අදාළ විවිධාකාර පරිසර සාධක වලට අනුකූලව විවිධාකාර ජීවීන් බිහි විය නොහැකිද? මිනිසාගේ හා බොහොමයක් සතුන්ගේ ප්‍රධාන ජීව අවශ්‍යතාව ඔක්සිජන් වූ පළියට වෙනත් ලෝක වල ජීවීන්ගේ ප්‍රධාන ජීව අවශ්‍යතාවද ඔක්සිජන්ම විය යුතුද? වෙනත් වායුවක් උපකාරයෙන් හෝ වායුවක් නැතිවම වුවද වෙනස් ජීව විශේෂයක් බිහි වී පරිණාමනය විය නොහැකි ද? පෙරද සඳහන් කළ පරිදි සිතා ගැනීමටවත් අපහසු තරම් අතිදැවැන්ත වූ විශ්වය තුළ පෘථිවිය මෙන් ජීවයෙන් පරිපූර්ණ වූ තවත් බොහෝ ලෝකයන් තිබිය හැකිය. ඒවායේ ඔක්සිජන් හා ජලයෙන් යැපෙන මානවරූපීන් මෙන්ම වෙනස්ම වූ, අනුමාන කිරීමටවත් නොහැකි ද්‍රව්‍යයන් තම ජීව මාධ්‍යය කර ගත්, අමුතුම හැසිරීම් රටාවන්ගෙන් හා හැකියාවන්ගෙන් යුතු මිලියන ගණනක් ජීව විශේෂ පැවතිය හැකිය. බොහෝවිට විද්‍යා ප්‍රබන්ධයන්හි මෙවැනි ජීවීන් දක්නට ලැබේ. උදාහරණ ගතහොත්, ලොව පුරා ඉමහත් ජනාදරයට පත් වූ Transformers චිත්‍රපට මාලාවේ පිටසක්වළ ජීවීන් නිර්මාණය වී ඇත්තේ ලෝහ වලිනි. ලෝක පූජිත X-Files කතා මාලාවේ එක් කතාංගයක අඟහරු ලෝකයේ වෙසෙන, සිරුරු රහිත (මනස පමණක් ඇති) ජීව කොට්ඨාශයක් පිළිබඳව සාකච්ඡා කෙරෙයි. ආතර් සී. ක්ලාක් මහතාණන්ගේ 2001, 2010, 2061 හා 3001 සිව් ඈඳුතු නවකතාවේද සිටින්නේ එවැනිම සිරුරු රහිත ජීව විශේෂයකි.

විවිධ ග්‍රහලෝක වල විවිධ ජීවීන් සම්භවය වීම ගුරුත්වාකර්ෂණය අනුවද පැහැදිලි කළ හැක. ගුරුත්වාකර්ෂණය ඉතා ඉහළ වූ ග්‍රහලෝකයන්හි ජීවයක් ඇති වන්නේ නම් බොහෝවිට එම ජීවීන් සියල්ලම පාහේ ජලජ ජීවීන් විය හැකිය. ගුරුත්වාකර්ෂණය වැඩි වන විට ජීවියා දරා ගත යුතු තම ශරීර බර ප්‍රමාණයද වැඩි වේ. (ස්කන්ධය නියත වුවද බර රඳා පවතින්නේ ගුරුත්ව බලය මත ය.) එහෙත් ජලය හෝ යම් තරලයක් තුළදී තරලය මගින් ඇති කරන උඩුකුරු තෙරපුම් බලය නිසා දරා ගත යුතු බර ප්‍රමාණය අඩු වේ. එනිසා එම ලෝකයේ ජීවීන් ගොඩබිමට නොපැමිණ ජලය හෝ අදාළ ලෝකයේ ඇති තරලයක් තම වාසස්ථානය ලෙස තෝරා ගනු ඇත. එම ජීවීන්ද, ශාකද උසින් ඉතා අඩු, පෘෂ්ඨෝදරීය පැතලි ස්වරූපයකින් යුතු වනු ඇත. අනෙක් අතට ගුරුත්වය ඉතා අඩු ග්‍රහලොවක උපදින ජීවීන් බහුතරයක් අහසේ පියාසර කරන්නන් වනු ඇත. එමෙන්ම සෑම ජීවියෙකුම දිගු ගාත්‍රා හා ග්‍රීවයන් සහිත උසින් වැඩි සත්ත්වයන් බවට පරිණාමනය වනු ඇත.මේ සියල්ලම සමග අප වටහා ගත යුතු එක් කරුණක් තිබේ. විශ්වයේ තිබෙන එකම ජීවී ග්‍රහලෝකය පෘථිවිය යැයිද, විශ්වයේ බුද්ධිමත්ම ජීවියා මිනිසා යැයිද සිතීමට තරම් අප ඉක්මන් විය යුතු නැත

"හොදයි එහෙනම් ඔයාලා දැනුමක් ගන්න ඇති කියලා හිතනවා යාළුවනේ ඉදිරියේදී මම "පිටසක්වළ ජීවය" ගැන ලිපි පෙළක්ම දෙන්න බලාපොරොත්තු වෙනවා.. ඒ අතරට"



  • පිටසක්වළ ජීවීන්ගේ ආගමනය
  • මොවුන් පැමිණීමට බාවිතා කරන තාක්‍ෂණය
  • මොවුන් සෙවීම සදාහා බාවිතා කරන පර්යේෂණ ක්‍රම
  • මොවුන් වෙනුවෙන් ගොඩ නැගුනු වියපෘති
  • ආදි පිටසක්වළයන් ඉතිරිකළ ඓතිහාසික සාධක
  • ග්‍රහ මණ්ඩලය තුළ ඡීවය
  • තාරකා විද්‍යාව
  • විශ්වය
  • ආකාශ වස්තු
  • පිටසක්වළ ජීවීන්
  • අභිරහස් ස්ථාන
  • විශ්වයේ උපත
  • කාලය හා අවකාශය
  • බර්මියුඩා ත්‍රිකෝණය
  • මහා පිපිරුම් වාදය
  • අඟහරු
  • ජීවයේ ආරම්භය
  • පිටසක්වළ ග්‍රහලෝක
මෙන්න මේවා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා..
එහෙනම් තවත් මේ වගේම දැනුම සපිරුණ දීර්ඝ ලිපි පෙළක් එක්ක හමු වෙමු
ගොඩක් අය මේ ගැන වැටහීමක් නැතුව ඉන්නවා කියලා අත්දැකීමෙන් මම දන්නවා..ඉතින් එහෙම ඉන්න අපේ යාළුවන්ට මේක උපකාරී වෙයි කියලා මම හිතනවා.. එහෙනම් ගොඩක් මහන්සි උනා මේක ලියන්න. උන මහන්සියට ඔයාලගේ අදහස් ටිකක් දුන්න නම් වටිනවා නේද යාළුවනේ. ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න
මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට
("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න මෙන්න මේ ක්‍රමය හරහා. එක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්නඑහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..

මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය
තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

2 ප්‍රතිචාර:

  1. great work tharuk broo

    ReplyDelete
  2. ඉස්තුති නලින් බ්‍රෝ..සතුටක් අදහස් ඔයාලා එක්ක බෙදා ගන්න ලැබීම..ගිගටම අපි එක්ක ඉන්න කියලා ඉල්ලනවා..

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: "පිටසක්වළ ජීවය හා පිටසක්වළ ජීවීන් - Aliens & Aliens Life " Description: අරන් එන්නයි මේ හදන්නේ.. දන්නවනේ අපේ අපේ අඩවිය එකම දෙයකට සිමා වෙච්ච දෙයක් නෙමෙයි මේකේ හැම තාක්‍ෂණයකම එකතුවක්.. ඉතින් මම අද හිතුවා පිටසක්වළ ජිවය ගැන ටිකක් ඔයාලා එක්ක කතා කරන්න ටිකක් නෙවෙයි ගොඩාක්.. ඔව් මම මේ ගැන කතා කරන්න උනන්දු මෙන්න මේ නිසා කාලයක් මගේ විෂය වෙලා තිබුන නිසා (දැනටත් හදාරනවා) මානවයා විදියට අපිට අරුම දේවල් ගැන කුතුහලයක් උපතින්ම ලැබුන නිසා ඔයාලව විශ්ව දැනුමින් පුරවන්න ඕන නිසා.. "අපි දැන් බලමු අපි අද කතා කරන මාතෘකා" 1 පිටසක්වළ ජීවීන් පැමිණි බවට සාක්ෂි 2 පිටසක්වළ ජීවය 3 පිටසක්වළ ජීවීන්ට මෙහි පැමිණිය හැකිද? 4 ඔබ අමුතු ආකාරයේ ආකාශ වස්තුවක් දුටුවහොත් කළ යුත්තේ කුමක්ද? 5 පිටසක්වළ ජීවීන් සෙවීමේ ව්‍යාපෘති 6 පිටසක්වළ ජීවීන් පිළිබදව වැඩිදුර තොරතුරු 7 "සැබැවින්ම පිටසක්වළ ජීවයක් පැවතිය නොහැකිද?" හොදයි එහෙනම් මම කියුවා වගේම මම මේ විෂයට සම්බන්ධයෙන් යම්තාක් විෂය පථයක හදාරලා තියනවා.. මෙන්න බලන්නකෝ සාක්ෂි "අත්සන් කළේ" R. A. S. Saraj Gunasekara, Research Scientist Head, Space Applications Division, Arthur C. Clarke Institute for Modern Technologies, Katubedda, Moratuwa, 10400, Sri Lanka ඔව් මමත් Space Applications Division හි ශිෂ්‍යයෙක් වෙලා හිටියා.. දැනටත් යම් යම් අවස්ථාවල ඒ හා සම්බන්දයෙන් කටයුතු කරනවා.. "මෙන්න අපේ Space Applications Division හි විස්තර" Space Applications Division - Head, Space Applications Division, Arthur C. Clarke Institute for Modern Technologies, Space Applications Division has been engaged in the activities in the area of Astronomy and RS/GIS (Remote Sensing/Geographic Information Systems) and is responsible in the operation of the largest optical telescope facility in Sri Lanka, GOTO 45cm Cassegrain telescope. The staff of space applications division working in close collaboration with the local universities utilizes the telescope facility to carry out basic research studies in astronomy. With a view to popularizing the astronomy and space science among school children Space Applications Division has launched several outreach programs.Arthur C Clarke Institute for Modern Technologies was designated as the National Focal Point for Space Technology Applications in the Island at the Ministerial Conference on Space Applications for Development in Asia and the Pacific, held in Beijing in 1994. Having recognized the need for a national platform for dissemination and exchange of knowledge and experience in the areas of Geographical Information systems, Remote Sensing and Global positioning Systems to address the socioeconomical issues pertaining to the management of spatially disbursed resources in the Island ACCIMT has organized several National Conferences. හරි දැන් අපි බලමු "පිටසක්වළ ජීවය හා පිටසක්වළ ජීවීන් - Aliens & Aliens Life " ගැන විස්තර ටිකක් මම ද ටිකක් දුරට මේ ගැන කතා කරන්න යන්නේ.. ලිපිය නම් දිග වෙනවා නොවනුමානයි.. ඒත් ඔයාලා වෙනුවෙන් ටිකක් දුරට දැනුම දෙන්නයි මම මේ උත්සහා කරන්නේ.මෙතන මගේ දැනුම වගේම යම් යම් උපුටා ගැනීම තියනවා කියලත් කියන්නම ඕන.. එහෙනම් අපි මුලින්ම බලමු "පිටසක්වළ ජීවය කියන්නේ කුමක්ද??" පෘථිවියෙන් පිටත එනම් වෙනත් ග්‍රහලෝකයක,උපග්‍රහයෙකු මත නැතිනම් ග්‍රහකයක ජීවයක් පවතීනම් එය පිටසක්වල ජීවය ලෙස හඳුන්වයි.මෙ‍ම ජීවීන් අප මෙන්ම මහා ජීවීන්ම වීම අවශ්‍ය නොවේ.එනම් අභ්‍යවකාශයේ පවතින දූව්ලි අංශුවක් මත ඇතිවන ජීවයක් වුවත් පිටසක්වල ජීවය ලෙස අර්ථකතනය කිරීමට පුළුවන. ව්‍යුහමය සහ කෘත්‍යමය වශයෙන් ජීවයට දායක විය හැකි මහා අණු තැනිය හැක්කේ මූලද්‍රව්‍ය වලින් කාබන්, බෝරෝන්,නයිට්‍රජන්,සිලිකන් සහ පොස්පරස් වලට පමණි. පෘථිවියේ ජීවය කාබන් මත ගොඩ නැගුනද පිටසක්වල ජීවයක් ඉහත මූලද්‍රව්‍ය මත ගොඩනැගිය හැකිද? බෝරෝන් මූලද්‍රව්‍ය‍ට තැනිය හැක්කේ සීමිත බන්ධන ගණනකි.එසේම එවැනි සංයෝගවල ස්ථායීතාව අඩුය. නයිට්‍රජන්හි නයිට්‍රජන් අණුවේ බන්ධන ස්ථායීතාව ඉතා වැඩි බැවින් තැනෙන කුඩා දාමයක් වුවත් පහසුවෙන් වියෝජනය වී නයිට්‍රජන් වායුව සෑදීමට වැඩි නැඹුරුවක් දන්වයි. පොස්පරස් වල සහසංයුජ බන්ධනද අඩු ස්ථායීතාවක් දක්වයි.එමනිසා පිටසක්වල ජීවය එම මූලද්‍රව්‍ය තුන මත රඳා නොපවතින බව සිතිය හැක. ආවර්තිතා වගුවේ එකම කාණ්ඩයට අයත් නිසා සිලිකන් මූලද්‍රව්‍ය‍ කාබන් වෙනුවට හොඳ ආදේශකයක් විය හැකිය.නමුත් ප්‍රමාණයෙන් විශාල වීම නිසා සිලිකන්- සිලිකන් බන්ධන තැනීම කාබන්- කාබන් බන්ධන තැනීම තරම් පහසු නොවන අතර ස්ථායී භාවයද අඩුය.නමුත් සිලිකන් හා ඔක්සිජන් එකතුව තනන මෙතිල් සිලිකෝන වැනි අණු පිටසක්වල ජීවය සඳහා හොඳ අත්තිවාරමක් විය හැක. එසේම ජීව විද්‍යාත්මක ප්‍රතික්‍රියා සිදුවීමට නම් ජලීය මාධ්‍යයක් අවශ්‍ය වේ.එම නිසා පිටසක්වල ජීවයක් ඇතිවීමට නම් එහි මෙ‍ම සියලු සාධක අන්තර්ගත විය යුතුය. "පිටසක්වළ ජීවීන්ට මෙහි පැමිණිය හැකිද?" පිටසක්වළ ජීවීන් අති විශාල දුරක සිට පෘථිවිය සොයා පැමිණීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු නම් 1) දුර සීමාව බුද්ධිමත් ජීවීන් ජීවත් විය හැකි ග්‍රහ පද්ධතියක් දරන තාරකා පෘථිවිය ආසන්නයේ පිහිටා නොමැත.එවැනි තාරකාවකට ඇති දුර පෘථිවියේ සිට ආලෝක වර්ෂ දස දහස් ගණනක් විය හැක.එමනිසා එම තාරකාවක සිට පෘථිවිය‍ට පැමිණීමේදී අති විශාල දුරක් ගෙවා පැමිණිය යුතුය. 2) ආයු සීමාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 100,200 පමණ ඈතින් ඇති ග්‍රහලෝකයක සිට ජීවීන් කොට්ටාෂයක් අප වෙත පැමිණියහොත් ඹවුන්ට අති විශාල කාල සීමාවක් අභ්‍යවකාශයේ ගෙවා දැමීමට සිදුවේ. එහිදී මුහුණ පෑමට සිදුවන ගැටලු නම් ජීවියකුගේ ආයු කාලය එතරම් විශාල නොවීමත් එපමණ කාලයක් තුල ජීවත් වීමට අවශ්‍ය ආහාර පාන ආදිය රැගෙන ඒමට සිදුවීමත්ය. 3)ඉන්ධන සීමාව විශාල දුරක් ගෙවා පැමිණීමේදී ඉතා විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය කිරීමට සිදුවේ.එම ඉන්ධන ගබඩා ක්රීමේදී ගැටළු ඇතිවේ.න්‍යෂ්ඨික ශක්ති‍ය භාවිත කලද එයද ඉතා විශාල ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත. "පිටසක්වළ ජීවීන් පැමිණි බවට සාක්ෂි" 1)පියාඹන පීරිසිවල වීඩියෝ දර්ශන "මෑතකදී ලංකාවේ වාර්තා උන සිදුවීම" පිටසක්වල යානා ඡායාරූපයට ගැනීම සහ රේඩාර් මගින් හදුනා ගැනීම 1947 අවධියේ පටන් පැවතිණ.මේවා සජීවීව පටිගත කිරීම පිළිබඳව සාක්ෂි හමුවන්නේ 90 දශකයේ පටන්ය.මේ අතර 1994 වසරේ දෙසැම්බර් 04 වන දින ඇල්කරාස් ප්‍රදේශයෙන් වාර්තා වූ වීඩියෝ පටියද 1997 වසරේ නොවැම්බර් 30 වන දින පටිගත කල වීඩියෝ පටියද ප්‍රධාන තැනක් ලැබේ. මීට අමතරව 1997 වසරේ අගෝස්තු 06 දින මෙක්සිකෝවේ සිදුවූ සිදුවීමක් ඉතා සිත් ගන්නා සුළුය.එම වීඩියෝ පටයට අනුව උස ගොඩනැගිල්ලක් අසලින් විශාල වටකුරු පියාඹන පීරිසියක් දිස්වේ.මෙම යානය ගමන් කරන අතර රවුමට කැරකේ. නමුත් ඇතැමුන්ගේ අදහස වනුයේ පරිගණක මෘදුකාංග භාවිතයෙන් මේවා නිර්මාණය කළ හැකි බවය. "මෙතන තියන ඔක්කොම විඩියෝස් මේ හා අදාළ ඒවා. ඒ වගේම එහි සත්‍ය හෝ අසත්‍ය බව ඔයාලම තීරණය කරන්න" මෙන්න මෙතනින් බලන්න 2)පියාඹන පීරිසිවල ඡායාරූප 1950 වසරේ මැයි 11 මැක්මින්විලෙ ගමේ ගොවියෙකු ගත් ඡායාරූප දෙකක් පිළිබඳ විද්වතුන්ගේ අවධාණය යොමු විය.බොහෝ දෙනෙකුගේ අදහස වූයේ මෙය සත්‍ය වශයෙන්ම සිදුවූ ඡායාරූපගත කිරීමක් බවය. 1952 දී ඇමරිකා එක්සත් ජනපදයේ රැල්ෆ් විසින් ගන්නා ලද අභ්‍යවකාශ වස්තුවද සත්‍ය ඡායාරූපයක් බව පරිගණක තාක්ෂණය භාවිතයෙන් කල විශ්ලේෂණ වලින් සනාථ විය. "තව ඒවා බලන්න මෙතනට යන්න" "පිටසක්වළ ජීවීන් සෙවීමේ ව්‍යාපෘති" පිටසක්වළ ජීවය පිළිබඳව මිනිසා සිත යොමන්නට පටන් ගත්තේ ඈත අතීතයේ සිටම වුවද, එය උන්මාදයක් වන තරමටම පැතිරී ගියේ 1950 දශකයේ මුල් භාගයේ සිටය. එම කාල වකවානුවේදීම මෙවැනි සිදුවීම් විශ්ලේෂණය කිරීම සඳහා විවිධ පර්යේෂණ ව්‍යාපෘතීන් ආරම්භ කෙරුණි. මින් බහුතරයක් ඇමෙරිකාවේදී ක්‍රියාත්මක කෙරුණු අතර ඒවාද සියල්ලම පාහේ ඇමෙරිකානු ගුවන් හමුදාව යටතේ පැවතිණි. ඒවා පහත දැක්වේ.. 1)සෙටී ව්‍යාපෘතිය 1961 වසරේ නොවැම්බැයේදී රේඩියෝ ඉංජිනේරුවන් , තාරකා විද්‍යාඥයන් සහ ජෛව විද්‍යාඥයන් කිහිපදෙනෙකු එකතුව සක්වලින් එපිට බුද්ධිමත් ජීවීන් සෙවීම අරමුණු කොට සමුළුවකි පැවැත්වූවේය.සුප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වූ ෆ්රෑන්ක් ඩ්රේක් පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සෙවීම සඳහා ඔහුගේ සුප්‍රසිද්ධ සමීකරණය ප්‍රථම වරට ඉදිරිපත් කලේ මෙම සමුළුවේ දීය.මෙම සමුළුවේදී සෙටී (SETI-Search for Extraterrestrial Intelligence)උපන්නේය.එදා සිට අද දක්වා විවිධ දිශා වලට අතු විහිදවහින් දැවැන්තව වැඩුණු සෙටී ව්‍යාපෘතිය තවමත් මල් ඵල ගැන්වී නොමැත.මෙම ව්‍යාපෘතිය ප්‍රධාන ශාඛා කිතිපයක් ඔස්සේ දියත් කෙරිණි.එම ශාඛා වලින් කිහිපයක් නම් ෆීනික්ස්(PHEONIX) බෙටා(BETA-Billion channel Extra Terrestrial Assay) මෙටා(META-Million channel Extra Terrestrial Assay) 2) බෙටා ව්‍යාපෘතිය පිටසක්වළ ජීවීන් සෙවීම සඳහා චැනල බිලියනයක් යොදා ගැනීම අරුත් දෙන (Billion channel Extra Terrestrial Assay)BETA ව්‍යාපෘතිය, ග්‍රහ සංගමයෙහි (Planetary Society)ආධාර ඇතිව හාවඩ් විශ්ව විද්‍යාලයේ පෝල් හොරොව්ට්ස්ගේ ප්‍රධාණත්වයෙන් ඇරඹුණකි.ඛගෝලයේ සමකයේ සිට උතුරට අංශක 60 ක්ද දකුණට අංශක 30 ක්ද වූ සීමාව තුල සියළුම තරු නිරීක්ෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.වසරක් පුරා හාවඩ්හි පිහිටි මීටර 26ක රේඩියෝ දුරේක්ෂයෙන් ගිගා හර්ට්ස් 1.4 ත් 1.72 ත් අතර පරාසයක සංඛ්‍යාත ඹවුන් විසින් මෙම ව්‍යාපෘතිය යටතේ නිරීක්ෂණය කරන ලදී. බෙටා ව්‍යාපෘතිය ආරම්භ වූයේ 1985 දී ආරම්භ වූ මෙටා ව්‍යාපෘතිය(META-Million channel Extra Terrestrial Assay)වෙනුවෙනි. 3)සයින් ව්‍යාපෘතිය (Project Sign) ෴සයින් ව්‍යාපෘති කමිටුව෴ 1947 ජූනි 24 වන දින කෙනත් ආර්නල්ඩ් මුහුණ දුන් සිදුවීමෙන් දින කිහිපයකට පසු ජූලි 7 වනදා සහ 8 වනදා තහනම් ගුවන් කලාපයක් වූ මුරෝක් ගුවන් හමුදා කඳවුර (වර්තමානයේ Edwards AFB) අසලද මෙවැනි අභිරහස් ආකාශ වස්තු කිහිපයක් දක්නට ලැබීම ඇමෙරිකානු ගුවන් හමුදාව සසල කරවන්නක් විය. සයින් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ආසන්නතම හේතුව වූයේ මෙයයි. 1947 ජූලි 30 වනදා ලුතිනන් කර්නල් ජෝර්ජ් ගැරට් හා කපිතාන් රොබට් ස්නයිඩර් ගේ මූලිකත්වයෙන් ඇරඹුණු මෙම ව්‍යාපෘතිය අනෙකුත් සන්නද්ධ හමුදාවන්හි හා FBI හිද සහභාගීත්වය ඇතිව 1949 වසරේ මුල් භාගය වන තෙක් ක්‍රියාත්මක විණි. හඳුනා ගත නොහැකි ආකාශ වස්තු දර්ශනය වීම් පිළිබඳ වාර්තා සියල්ල දෙවන ලෝක යුධ සමයේ දී සතුරු යානා නිරීක්ෂණයේ යෙදුණු T-2 ඩිවිෂනයට භාර දෙන ලෙස ජනතාවට නියෝග කෙරුණු අතර ව්‍යාපෘතියේ අවසන් වාර්තාව Highly Classified ලෙස වර්ගීකරණය කොට සාමාන්‍ය ජනයාගෙන් වසන් කෙරිණ. කෙසේ හෝ විශ්‍රාමික ගුවන් හමුදා කපිතාන් එඩ්වඩ් රූපට් විසින් 1956 දී රචිත The Report on Unidentified Flying Objects ග්‍රන්ථයෙන් ව්‍යාපෘතියේ යම් යම් කරුණු හෙළිදරව් කරන ලදී. 1961 දී සයින් ව්‍යාපෘතියේ අඩංගු වූ සියළුම ලිපිගොනු මුදා හැරිණි. වාර්තා වුණු සමහර සිද්ධීන් වල සඳහන් ආකාශ වස්තු ගුවන් යානා හා උල්කාපාත බවත්, සමහර ආකාශ වස්තූන් එවකට ඇමෙරිකාව සතුව තිබූ තාක්ෂණයෙන් වුවද නිපදවිය හැකි මට්ටමේ ඒවා බවත් (රොකට් එන්ජින් විශේෂඥයෙකු වූ කපිතාන් රොබට් ස්නයිඩර් මෙවැනි කුඩා අනුරූ කිහිපයක් සාදා ඉදිරිපත් කර තිබේ.) අවසන් වාර්තාවෙන් නිගමනය කර තිබුණු අතර ආර්නල්ඩ් ගේ අත්දැකීම, මුරෝක් සිදුවීම ආදී සිද්ධීන් කිහිපයක් වටහා ගත නොහැකි බව දක්වා තිබුණි. එබැවින් ඇමෙරිකානු ගුවන් හමුදාව තවදුරටත් මෙබඳු සිදුවීම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි සයින් විසින් ව්‍යාපෘතිය නිර්දේශ කරන ලදි. 4)ග්රජ් ව්‍යාපෘතිය (Project Grudge) 1949 පෙබරවාරි මසදී සයින් ව්‍යාපෘතිය අත්හිටුවා ග්රජ් ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර 1949 වසරේම දෙසැම්බර් මාසයේ නිල වශයෙන් අවසන් කෙරිණ. මෙම ව්‍යාපෘතිය මගින් ඉදිරිපත් කළ අවසන් වාර්තාව පක්ෂග්‍රාහී වූ බව විද්වත් මතයයි. ඇමෙරිකානු විද්‍යාඥ ආචාර්ය මයිකල් ස්වෝඩ්ස් මේ පිළිබඳව පහත ආකාරයට අදහස් දක්වා තිබේ.‍ "Inside the military, Major Aaron J. Boggs in the Pentagon and Colonel Harold Watson at Air Material Command were openly giving the impression that the whole flying saucer business was ridiculous. Project Grudge became an exercise of derision & sloppy filling. Boggs was so enthusiastically an anti-saucer that General Cabell ordered General Moore to create a more proper atmosphere of skeptical respect for the reports & their observers." මේජර් ආරොන් බොග්ස් ගේ මූලිකත්වයෙන් ඉදිරිපත් කෙරුණු ග්රජ් ව්‍යාපෘති වාර්තාවේ අඩංගු සමහර කරුණු හා නිගමන විද්‍යාත්මකව පිළි ගත නොහැකි මට්ටමේ පැවතුණි. සයින් ව්‍යාපෘතිය මෙන් රහසිගත නොවුණද, ඉහත හේතූන් නිසාවෙන් ග්රජ් ව්‍යාපෘතිය පිළිබඳව ඉහළ නිළධාරීන් අතර පවා මතභේද ඇති වුණු බැවින් වඩාත් විද්‍යාත්මක වූ ව්‍යාපෘතියක් හරහා මෙම සිදුවීම් විශ්ලේෂණය කිරීමේ අරමුණින් යුතුව ග්රජ් ව්‍යාපෘතිය නවතා දමන ලදී.. 5)නිල් පොත් ව්‍යාපෘතිය (Project Blue Book) හඳුනා නොගත් ආකාශ වස්තු විෂයෙහි සිදු කෙරුණු සාර්ථක පර්යේෂණ ව්‍යාපෘතියකි. 1952 දී ආරම්භ වුණු මෙය 1969 දී අවසන් විය. ඉහත සඳහන් කළ ගුවන් හමුදා කපිතාන් එඩ්වඩ් රූපට් ගේ ප්‍රධානත්වයෙන් හා කීර්තිමත් විද්‍යාඥ ඇලන් හයිනෙක් ගේ උපදේශකත්වයෙන් ඇරඹි මෙම ව්‍යාපෘතිය මගින් සිදුවීම් 12,618 ක් විශ්ලේෂණය කරන ලදී. UFO ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ දැයි සොයා බැලීම සහ UFO සම්බන්ධයෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ලබා ගැනීම අරමුණු කොට ගත් නිල් පොත් ව්‍යාපෘතියේ අවසන් වාර්තාව මගින් විශ්ලේෂණය කරන ලද සිදුවීම් කිසිවක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී නොමැති බව සහ වාර්තා වී ඇති UFO පිටස්තර ග්‍රහලොවක සිට පැමිණෙන යානා යැයි නිශ්චිතව පැවසීමට තරම් සාක්ෂි නොමැති බව නිගමන ලෙස ඉදිරිපත් කර තිබේ. (එහෙත් සමහර සිද්ධීන් පැහැදිලි කළ නොහැකි ඒවා බවද වාර්තාවේ සටහන් කර ඇත.) බොහෝ සිදුවීම් වළාකුළු, උල්කාපාත ආදිය වරදවා වටහා ගැනීම් සහ එකල රහසිගතව පරීක්ෂණ වලට ලක් කරමින් තිබුණු U-2 හා A-12 යුධ ගුවන් යානා දර්ශනය වීම් බව නිල් පොත් ව්‍යාපෘති වාර්තාවේ සඳහන්ය. නිල් පොත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන කාලයේදී සෑම ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරකටම ව්‍යාපෘති නියෝජිතයෙකු බැගින් පත් කෙරුණු අතර ඔවුන්ට ඕනෑම හමුදා නිළධරයෙකු ගෙන් සාමාන්‍ය නීතියට පරිබාහිරව ප්‍රශ්න කිරීමට බලය ලබා දී තිබිණ. මෙම ව්‍යාපෘතිය යම් පමණකට මහජනයාට විවෘත වුවද, ඊට පිටින් බොහෝ රහසිගත ක්‍රියාවලීන් සිදු විය. කපිතාන් රූපට් හා ඔහුගේ කණ්ඩායම විටින් විට ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව ජනතාව දැනුවත් කරන අතරතුර එහිදී සඳහන් නොවුණු රහසිගත කරුණු ඇතුලත් රහස්‍ය වාර්තාවන් සතිපතා පෙන්ටගනයට යොමු කෙරිණි. හඳුනා ගත නොහැකි වූ සිදුවීම් කිසිවක් මාධ්‍යයන්ට හෙළි නොකර ඒවා දිගින් දිගටම විශ්ලේෂණය කෙරෙමින් පවතින බව ප්‍රකාශ කරන ලදී. 1954 දී එඩ්වඩ් රූපට් ව්‍යාපෘතියෙන් ඉවත් වුණු අතර පසුව පිළිවෙලින් කපිතාන් චාල්ස් හාඩින්, කපිතාන් ජෝර්ජ් ග්‍රෙගරි, මේජර් රොබට් ෆ්‍රෙන්ඩ් හා මේජර් හෙක්ටර් ක්වින්ටැනිලා නිල් පොත් ව්‍යාපෘතිය භාරව කටයුතු කළහ. පසු කලෙක මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ සියළු තොරතුරු ජනමාධ්‍ය වෙත මුදා හැරිණි. "ඉහත සඳහන් වූයේ 50 හා 60 දශකයන්හිදී ඇමෙරිකානු ගුවන් හමුදාව මගින් පවත්වා ගෙන යන ලද UFOs හා සබැඳි ව්‍යාපෘතීන් කිහිපයකි. මේ හැර පසු කලෙක පිටස්තර ලෝකයන්හි ජීවය ඇත්දැයි සෙවීමට ආරම්භ කරන ලද හා තවමත් ක්‍රියාත්මකව පවතින වොයේජර්, පයනියර් හා සෙටී වැනි ව්‍යාපෘතීන් පිළිබඳව ඉදිරියේදී වෙන් වෙන්ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබේ." "ඔබ අමුතු ආකාරයේ ආකාශ වස්තුවක් දුටුවහොත් කළ යුත්තේ කුමක්ද?" ලෝකය පුරා පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් පිළිබඳව නොයෙකුත් සිදුවීම් වාර්තා වී තිබේ.මධ්‍ය හරහා එළියට නොපැමිණි පර්යේෂකයන්ගේ ඇසට බඳුන් නොවූ තවත් සිදුවීමි අපමණ සංඛ්‍යාවක් තිබිය හැක.වාර්තා වූ බොහෝ සිදුවීම් ද සත්‍ය සිදුවීම විකෘතිව ඉදිරිපත් වන්නට හේතු වී ඇත්තේ බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව ඇති නොදැනුවත් කම නිසාය.ඔබට යම් හෙයකින් පියාඹන වස්තුවක් දැක ගැනීමේ වාසනාව උදාවුවහොත් ඔබ අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටියක් ඇත. 1)ඔබ දුටු දේ තහවුරු කර ගැනීමට තවත් සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් සොයාගන්න. 2)හැකි නම් ඡායාරූපයක් ගැනීමට හෝ වීඩියෝ ගත කිරීමට උත්සාහ ගන්න. 3)ඔබ විසින් නිරීක්ෂණය කරන ලද වස්තුව හා අවට පරිසරය සංසංදනය කර එහි විශාලත්වය,වේගය ආදිය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න. 4)හැකිනම් එම මොහොතේම දුටු දේ ලියා එහි ගමන් මාර්ගය ආදී දේ පිළිබඳව සිතියමක් අඳින්න. 5)හැකි ඉක්මනින් පොලීසියට,ගුවන් හමුදාවට හෝ හඳුනා නොගත් පියාසර වස්තු පරීක්ෂකයන්ට සිද්ධිය ගැන දැනුම් දෙන්න. "සැබැවින්ම පිටසක්වළ ජීවයක් පැවතිය නොහැකිද?" අද වනවිට ඉතාමත් ජනප්‍රිය විෂය ක්ෂේත්‍රයක් වී ඇති පිටසක්වළ ජීවය පිළිබඳව හැදෑරීම මිනිසුන් තුළ ඇති කර ඇත්තේ නොසන්සිඳෙන කුතුහලයකි. එමෙන්ම මෙය නවතම සිද්ධි වාර්තා වීම්, නව සොයා ගැනීම්, උණුසුම් මතවාද හා තර්ක විතර්ක මගින් නිරන්තරව යාවත්කාලීන වන විෂයයක් බවට පත් වී ඇත. 20 වන ශතවර්ෂයේ සිට වර්තමානය දක්වාම විද්‍යාඥයන් විසින් විවිධාකාර තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් විවිධ ආකාරයේ පර්යේෂණ කර ඇතත් තවමත් මෙම පිටසක්වළ ජීවීන් පිළිබඳව කිසිදු පැහැදිලි තොරතුරක් සොයා ගත නොහැකි වී තිබීම එක් අතකින් පුදුමයට කරුණකි. වර්ෂයේ දින 365 පුරාම ක්‍රියාත්මක වන පර්යේෂණ ව්‍යාපෘති එමටය. දවසේ පැය 24 පුරාම පිටසක්වළ ජීවීන් පිළිබඳව තොරතුරක් ලබා ගැනීමට හෝ ඔවුන් සමග සන්නිවේදනයේ යෙදීමට අහස දෙසට යොමු වී ඇති අති ප්‍රබල දුරේක්ෂ හා වෙනත් නවීන සන්නිවේදන උපකරණ ප්‍රමාණය නොගිණිය හැකි තරම් ය. එහෙත් මේ වන තෙක් පිටසක්වළ ජීවීන් සිටින බව හෝ ඔවුන් පෘථිවියේ සැරිසරමින් එය අධ්‍යයනය කරන බව හෝ සනාථ කරන විද්‍යාත්මක තොරතුරක් ලබා ගත හැකි වී නැත. නමුත් එසේ වූ පමණින් මෙය මිථ්‍යාවකැයි සලකා සම්පූර්ණයෙන්ම බැහැර කිරීමද කළ නොහැක්කකි. විද්‍යාත්මකව ඔප්පු කර ගැනීමට අපොහොසත් වුවද පහසුවෙන් ඉවත දැමිය නොහැකි ප්‍රබල සාධක බොහෝ ය. විශ්වය යනු අපට සිතා ගැනීමටවත් නොහැකි ආකාරයේ අතිවිශාල වූත්, විශ්මයජනක වූත් ස්ථානයකි. විශ්වය විසින් සඟවා ගෙන සිටින අබිරහස් ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැක. මිනිසා විසින් විශ්වය පිළිබඳව සොයා ගෙන ඇති ප්‍රමාණය, තවමත් ගවේෂණය නොකළ ප්‍රමාණය හා සසඳන විට මහා සාගරයකින් ගත් දිය බිඳුවක් වැනිය. එබැවින් මිනිසා සතුව ඇති අල්පමාත්‍ර වූ තාක්ෂණය පිළිබඳව අධිතක්සේරුවක් තබා ගෙන මිනිසා හැර වෙනත් කිසිදු ජීවියෙක් විශ්වය තුළ බිහි විය නොහැකි යයිද, විශ්වයේ සිටින බුද්ධිමත්ම ජීවී කොට්ඨාශය මිනිසා යයිද සැලකීම හාස්‍යයට කරුණකි. කිසිවිටෙකත් මුළුමහත් විශ්වය සුළු කොට තැකිය යුතු නැත. අප ජීවත් වන පෘථිවිය යනු ප්‍රධාන ග්‍රහලෝක 8 කින්, වාමන ග්‍රහලෝක 4 කින් හා චන්ද්‍රයන්, ග්‍රහක ආදී ආකාශ වස්තු මිලියන ගණනකින් සමන්විත, එක් තරුවක් මධ්‍යගතව පිහිටා ඇති සෞරග්‍රහමණ්ඩලයක 3 වන ග්‍රහලෝකය යි. දැනට කර ඇති සොයා ගැනීම් අනුව සෞරග්‍රහමණ්ඩලයේ ජීවය පවතින එකම ග්‍රහලොව වන්නේ ද පෘථිවිය යි. මීට පෙර අඟහරු ග්‍රහයා මත ද ජීවය ඇතැයි විශ්වාස කෙරුණද, තවමත් ඒ පිළිබඳව පිළි ගත හැකි සාක්ෂි ලැබී නොමැත. මේ වනවිටද ඇමෙරිකාව පෙරටු කොට ගත් රුසියාව, චීනය ආදී රටවල අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයන් අඟහරුගේ ජීවය පිළිබඳව පර්යේෂණ කරමින් පවතී. අඟහරු වටා කක්ෂගතව ඇති නිරීක්ෂණ යානා හා අඟහරු මතට ගොඩ බැස දත්ත එකතු කරමින් සිටින අධි තාක්ෂණික රෝවර් යානා සංඛ්‍යාව ගණනින් පනහද ඉක්මවයි. අඟහරු මත අතීතයේ ජල මාර්ග හා මුහුදු තිබුණු බව ද, තවමත් ඒවායේ නෂ්ටාවශේෂ හා මිදුණු ජලය එහි ඇති බව ද පර්යේෂණයන් මගින් තහවුරු වී ඇති නිසා සමහරවිට අතීතයේදී අඟහරු මත යම් ජීවයක් තිබෙන්නට ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කළද, වර්තමානයේ ජීවයක් පවතී යැයි පිළිගැනීමට තරම් විද්‍යාත්මක සාක්ෂි තවමත් හමු වී නැත. ඊට අමතරව බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් දෙදෙනෙකු වන යුරෝපා හා ගැනිමීඩ් තුළ ද, සෙනසුරුගේ චන්ද්‍රයෙකු වන එන්සෙලඩස් තුළද ජීවය ඇතැයි මත පැවතියද ඒවා තවමත් පර්යේෂණයන්ට ලක් කර නැත. මේ අනුව සලකා බලන විට අප සෞරග්‍රහමණ්ඩලය තුළ ජීවය ඇති එකම ග්‍රහලෝකය ලෙස දැනට සැලකෙන්නේ පෘථිවිය යි.යම් ග්‍රහලෝකයක් තුළ ජීවයක් බිහි වීමට නම් එහි ජීවයට හිතකර පරිසරයක් සහ වෙනත් මූලික අවශ්‍යතා තිබිය යුතුය. පෘථිවිය තුළදී නම්, පෘථිවි ජීවීන්ට ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් (නයිට්‍රජන් ශ්වසනය කරන හා කිසිදු වායුවක් ශ්වසනය නොකරන ක්ෂුද්‍ර ජීවීන් ද සිටිති.), ආහාර, අභ්‍යවකාශයෙන් එල්ල වන අනතුරු මැඩීමට සමත් වායුගෝලයක් ආදී සාධක තිබීම නිසා ජීවයක් ඇති විය. මේ පෘථිවි ජීවීන් යැපෙන්නේ තමන් නිර්මාණය වූ හා පරිණාමනයට ලක් වූ පරිසරයේ ඇති ද්‍රව්‍යයන් හා ගුණයන් උපකාරී කර ගනිමිනි. ඊට වෙනස් ගුණ දරන පරිසරයක පෘථිවි ජීවීන්ට ජීවත් විය නොහැක. මෙලෙසම අනෙකුත් ලෝකයන් ගැනද සිතුවහොත් ඒ ඒ ලෝක වලට අදාළ විවිධාකාර පරිසර සාධක වලට අනුකූලව විවිධාකාර ජීවීන් බිහි විය නොහැකිද? මිනිසාගේ හා බොහොමයක් සතුන්ගේ ප්‍රධාන ජීව අවශ්‍යතාව ඔක්සිජන් වූ පළියට වෙනත් ලෝක වල ජීවීන්ගේ ප්‍රධාන ජීව අවශ්‍යතාවද ඔක්සිජන්ම විය යුතුද? වෙනත් වායුවක් උපකාරයෙන් හෝ වායුවක් නැතිවම වුවද වෙනස් ජීව විශේෂයක් බිහි වී පරිණාමනය විය නොහැකි ද? පෙරද සඳහන් කළ පරිදි සිතා ගැනීමටවත් අපහසු තරම් අතිදැවැන්ත වූ විශ්වය තුළ පෘථිවිය මෙන් ජීවයෙන් පරිපූර්ණ වූ තවත් බොහෝ ලෝකයන් තිබිය හැකිය. ඒවායේ ඔක්සිජන් හා ජලයෙන් යැපෙන මානවරූපීන් මෙන්ම වෙනස්ම වූ, අනුමාන කිරීමටවත් නොහැකි ද්‍රව්‍යයන් තම ජීව මාධ්‍යය කර ගත්, අමුතුම හැසිරීම් රටාවන්ගෙන් හා හැකියාවන්ගෙන් යුතු මිලියන ගණනක් ජීව විශේෂ පැවතිය හැකිය. බොහෝවිට විද්‍යා ප්‍රබන්ධයන්හි මෙවැනි ජීවීන් දක්නට ලැබේ. උදාහරණ ගතහොත්, ලොව පුරා ඉමහත් ජනාදරයට පත් වූ Transformers චිත්‍රපට මාලාවේ පිටසක්වළ ජීවීන් නිර්මාණය වී ඇත්තේ ලෝහ වලිනි. ලෝක පූජිත X-Files කතා මාලාවේ එක් කතාංගයක අඟහරු ලෝකයේ වෙසෙන, සිරුරු රහිත (මනස පමණක් ඇති) ජීව කොට්ඨාශයක් පිළිබඳව සාකච්ඡා කෙරෙයි. ආතර් සී. ක්ලාක් මහතාණන්ගේ 2001, 2010, 2061 හා 3001 සිව් ඈඳුතු නවකතාවේද සිටින්නේ එවැනිම සිරුරු රහිත ජීව විශේෂයකි. විවිධ ග්‍රහලෝක වල විවිධ ජීවීන් සම්භවය වීම ගුරුත්වාකර්ෂණය අනුවද පැහැදිලි කළ හැක. ගුරුත්වාකර්ෂණය ඉතා ඉහළ වූ ග්‍රහලෝකයන්හි ජීවයක් ඇති වන්නේ නම් බොහෝවිට එම ජීවීන් සියල්ලම පාහේ ජලජ ජීවීන් විය හැකිය. ගුරුත්වාකර්ෂණය වැඩි වන විට ජීවියා දරා ගත යුතු තම ශරීර බර ප්‍රමාණයද වැඩි වේ. (ස්කන්ධය නියත වුවද බර රඳා පවතින්නේ ගුරුත්ව බලය මත ය.) එහෙත් ජලය හෝ යම් තරලයක් තුළදී තරලය මගින් ඇති කරන උඩුකුරු තෙරපුම් බලය නිසා දරා ගත යුතු බර ප්‍රමාණය අඩු වේ. එනිසා එම ලෝකයේ ජීවීන් ගොඩබිමට නොපැමිණ ජලය හෝ අදාළ ලෝකයේ ඇති තරලයක් තම වාසස්ථානය ලෙස තෝරා ගනු ඇත. එම ජීවීන්ද, ශාකද උසින් ඉතා අඩු, පෘෂ්ඨෝදරීය පැතලි ස්වරූපයකින් යුතු වනු ඇත. අනෙක් අතට ගුරුත්වය ඉතා අඩු ග්‍රහලොවක උපදින ජීවීන් බහුතරයක් අහසේ පියාසර කරන්නන් වනු ඇත. එමෙන්ම සෑම ජීවියෙකුම දිගු ගාත්‍රා හා ග්‍රීවයන් සහිත උසින් වැඩි සත්ත්වයන් බවට පරිණාමනය වනු ඇත.මේ සියල්ලම සමග අප වටහා ගත යුතු එක් කරුණක් තිබේ. විශ්වයේ තිබෙන එකම ජීවී ග්‍රහලෝකය පෘථිවිය යැයිද, විශ්වයේ බුද්ධිමත්ම ජීවියා මිනිසා යැයිද සිතීමට තරම් අප ඉක්මන් විය යුතු නැත "හොදයි එහෙනම් ඔයාලා දැනුමක් ගන්න ඇති කියලා හිතනවා යාළුවනේ ඉදිරියේදී මම "පිටසක්වළ ජීවය" ගැන ලිපි පෙළක්ම දෙන්න බලාපොරොත්තු වෙනවා.. ඒ අතරට" පිටසක්වළ ජීවීන්ගේ ආගමනය මොවුන් පැමිණීමට බාවිතා කරන තාක්‍ෂණය මොවුන් සෙවීම සදාහා බාවිතා කරන පර්යේෂණ ක්‍රම මොවුන් වෙනුවෙන් ගොඩ නැගුනු වියපෘති ආදි පිටසක්වළයන් ඉතිරිකළ ඓතිහාසික සාධක ග්‍රහ මණ්ඩලය තුළ ඡීවය තාරකා විද්‍යාව විශ්වය ආකාශ වස්තු පිටසක්වළ ජීවීන් අභිරහස් ස්ථාන විශ්වයේ උපත කාලය හා අවකාශය බර්මියුඩා ත්‍රිකෝණය මහා පිපිරුම් වාදය අඟහරු ජීවයේ ආරම්භය පිටසක්වළ ග්‍රහලෝක Rating: 5 Reviewed By: Unknown
Scroll to Top