ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Tuesday, May 26, 2015

ANDROID රූට් කිරීම දෙවැනි කොටස.


හරි අද නම් වැඩි කතා නැතුව සිද්දිය කියන්නම්. 

ඔයාලට මතක ඇති නේද අපි මුලින් ලියපියක් ලීවා රූට් කරනවා කියන්නේ මොකක්ද රූට් කරන්නේ කොහොමද කියල ඔයාලට විස්තර කියල. අපි ඒ ලිපියෙන් කිවේ පරිගණකය භාවිතා කරලා රූට් කරන හැටි . ඒ වගේම අපි පොරොන්දු උනා ඔයාගේ ජංගම දුරකතනය මගින්ම පරිගණකයක් නැතුව රූට් වෙන හැටි කියල දෙනවා කියල . පොරොන්දුවක් උනානම් ඉෂ්ට කරන්න ඕනි නිසා තමා මේ ලිපිය ලියන්නේ.

රූට් කරනවා කියන්නේ මොකක්ද 
කොහොමද පරිගණකය භාවිතා කරලා රූට් කරන්නේ 
ඒ ගැන දැන ගන්න මෙතනට එන්න.
ඇත්තටම කියනවා නම් රූට් කරන එක 99% කට නතින්. 
අපි මේ ලිපිය ලියන්නේ අනිත් 1% වෙනුවෙන්. මොකද අපි දකිනවා ගොඩක් හෙල්පින් ගෘප් වල ගොඩක් දෙනා අහනවා මචන්ලා කොහොමද රූට් කරන්නේ කියල. අන්න ඒ අය වෙනුවෙන් තමා මේ ලියන්නේ. 
_________________________________________________________________



මෙහිදී දුරකතනයට යම් හානියක් සිදුවීමට ඉතා සුළු ඉඩක් වත් නොමැති අතර යම් වරදක් සිදු උවහොත් එහි වගකීම ඔබ සතු වන අතර අනාගතය රැගෙන පෙරටම අඩවිය ඒ පිළිබද වගකීමක් දරනු නොලැබේ.

හරි එහෙනම් මෙහෙමයි වැඩේ කෙරෙන්නේ ..


මෙහිදී රූට් කිරීම සදහා පහත යෙදවුම් මෘදුකාංග භාවිතා කල හැක .

* KINGROOT MOBILE ඇප් එක 
* I ROOT MOBILE ඇප් එක 

මේ දෙක තමා මේ වැඩේ කරන්න තියන හොදම ඇප් දෙක. මේ දෙකම භාවිතා කරලා මේ වැඩේ කරන හැටි කියල දෙන්නම් . 

KINGROOT මගින් ROOT කිරීම 

( මෙම ක්‍රියාවලිය කිරිම සදහා UNKNOWN SOURCE වෙත ටික් එකක් දමා තිබිය යුතුය )
ඒ සදහා ඔබේ දුරකතනයේ ,
SETTING --> SEURITY --> UNKNOW SOURCE වෙත යන්න 

1. මුලින්ම මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න 
   (KINGROOT.APK) ------------------------->
2. දැන් ඇප් එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කර ගන්න 
    මෙන්න මේ වගේ ------------------------------>

3. ඊළගට ඔන්න ඔය ROOT කියන තැන ඔබන්න 
    ටිකක් වෙලා ඉන්න .---------------------------->


4. රූට් උනාට පස්සේ මෙහෙම වැටෙයි 
     මෙන්න මේ වගේ  ---------------------------->

5. දැන් ඔයාගේ පෝන් එක රූට් වෙලා ඉවරයි. 
    සැක හැර දැන ගන්න පුළුවන්  රූට් චෙකර් ඇප් එක දා ගෙන බලන්න.
_______________________________________________________________________

I ROOT මගින් රූට් කිරීම 

( මෙම ක්‍රියාවලිය කිරිම සදහා UNKNOWN SOURCE වෙත ටික් එකක් දමා තිබිය යුතුය )
ඒ සදහා ඔබේ දුරකතනයේ ,
SETTING --> SEURITY --> UNKNOW SOURCE වෙත යන්න 

1. මුලින්ම මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න .
    I ROOT.APK ඩවුන්ලෝඩ් කර ගන්න --------------->
2.ඊට පස්සේ ඇප් එක ඉන්ස්ටෝල් කරන ඕපන් කර ගන්න .

3. ඕපන් කරාට පස්සේ ඔයාගේ පොන් මොඩෙල් නම්බර් එක සමග රූට් නව් කියන බටන් එකක් ඇති .
   ඒක ඔබන්න .

4. ඊට පස්සේ ටිකක් ඉන්න රූට් වෙනකම් . ඔයාගේ පොන් එක රූට් උනාට පස්සේ මෙන්න මෙහෙම වැටෙයි .

5. දැන් ඔයාගේ පෝන් එක රූට් වෙලා ඉවරයි. 
    සැක හැර දැන ගන්න පුළුවන්  රූට් චෙකර් ඇප් එක දා ගෙන බලන්න.

________________________________________________________

හරි ඔන්න එහනම් ඔයාල වෙනුවෙන් එකත් කියල දුන්න . සරල උනත් වටිනවා කියල හිතනවා .
විශ්ෂයෙන් කියන්න ඕනි ෆේස්බුක් අඩවියෙදී දිනුෂ සම්පත් කියන යාළුවා ඉල්ලීමක් කලා මේ ගැන ලියන්න කියල . එයා වෙනුවෙන් වගේම රූට් කරගන්න අවශ්‍ය ඒ වගේම ANDROID වලට අලුත් අය වෙනුවෙන් තමා මේක ලිවේ ... 

 මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න 


හරි දැන් ඔයාල රූට් නේ දැන් බලන්නකෝ මේවා 



Greenify (Donation Package v2.5 Final)


හරි එහෙනම් ඔන්න අදට අපි ගියා . ඔයාලගේ වටිනා අදහසක් දාල යන්න මතක ඇතුව හොදේ .. අපිට ගොඩක් වටිනවා ඒවා ..















තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: ANDROID රූට් කිරීම දෙවැනි කොටස. Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top