ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Monday, May 11, 2015

GALAXY S3 (SHV E210S) එක අප්ඩේට් කිරීම / රූට් කිරීම / කස්ටම් රිකවරි දැමීම



සුබ දවසක් යාලුවෝ හැමෝටම .
අද නම් ලියන එක වටින්නේ කොරියන් ඔරිජිනල් S3 පොන් තියන අයට.
හරි එහෙනම් මෙන්න මේකයි වැඩේ .

මෙය SHV E210S දුරකථනය මත සාර්ථකව ක්‍රියාත්මක වන ලදී 
මෙහිදී ඔබේ දුරකතනයට යම් හානියක් වුව හොත් එහි වගකීම ඔබ සතුවේ )

SHV -E210S දුරකථනය ANDROID 4.4.4 අප්ඩේට් කිරීම 

ඔබේ දුරකනය වෙත නිල ANDROID කිට් කැට් සංස්කරණය නිකුත් වී ඇත. 
මෙය ඔබට සම්සුන්ග් කියිස් හරහා මෙන්ම ODIN මෘදුකාංගය මගින් ද අප්ඩේට් කර ගත හැක . 

මේ සදහා වැඩි විස්තර දන ගැනීමට මෙතනට පිවිසෙන්න 



( මෙය දැනටමත් බොහෝ S3 පරිශීලකයන් විසින් යාවත්කාලින කරගෙන ඇති අතර මේ පිලිබදව දැනුවත් නොවූ ය සදහා මෙසේ සටහන් කරතබමි ).


SHV E210S මත TWRP ටච් රිකවරි ය ස්ථාපනය කිරීම 

හරි මෙහෙමයි වැඩේ කරන්නේ 

1. ODIN වර්ෂන් 3.04 ඩවුන්ලෝඩ් කර ගන්න

ODIN එක ඩවුන්ලෝඩ් කර ගන්න පහල කිල්ක් කරන්න 

2.දැන් GT I9300 සදහා වන TWRP එක ගන්න . ( මෙය SHV E 210 S ) මත ද ක්‍රියාත්මක වේ 

TWRP එක ඩවුන්ලෝඩ් කර ගන්න පහල ක්ලික් කරන්න 
3.දැන් පොන් එක ඩවුන්ලෝඩ් මෝඩ් එකට ගන්න . 
( පොන් එක off කරලා  power+volume down + home බටන් එකවර ඔබන් හිටියම වොර්නින් එකක් එයි . කහ පාට ත්‍රිකෝණයක් එක්ක . එතැනදී volume up බටන් එක ඔබන්න ) දැන් ඔයා ඩවුන්ලෝඩ් මෝඩ් එකේ .

ඔයාට එතකොට පොන් එක මෙහෙම පෙනේවි 

4. ඊළගට කොම්පියුටර් එකෙන් odin ක ඕපන් කර ගන්න . මේ වගේ 

5.දැන් පොන් එක ඩේටා කේබල් එකෙන් කොම්පියුටර් එකට සම්බන්ද කර ගන්න .
නිවැරදිව සම්බන්ද වෙලා නම් odin එකේ මෙන්න මෙහෙම පෙනේවි .

6. දැන් ඔය PDA කියන තැනට අර ඩවුන්ලෝඩ් කර ගත්ත TWRP රිකවරි එක දෙන්න . 
මෙන්න මේ වගේ 


7. දැන් ඔය START කියන එක ඔබල බලන් ඉන්න . ටික වෙලාවක් ගියාම මෙහෙම වැටෙයි .


හරි දැන් පොන් එක රිබුට් වෙයි .

හරි දැන් ඔන්න රිකවරි එක ෆ්ලෑෂ් කරල ඉවරයි .
පියවරින් පියවර කියල දුන්නේ හැමෝටම තේරුම් ගන්න පහසු වෙන්න .

SHV E210S  ROOT කිරීම . 

හරි මුලින්ම මෙන්න මේ ZIP  ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගෙන SD කාර්ඩ් එකට ද ගන්න .  
(ෆෝල්ඩර් ඇතුලට නම් දාන්න යන්න එපා .මතක ඇතුව නිකන් SD එකේ පිටට දාගන්න )

ZIP ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගන්න පහල ක්ලික් කරන්න .

හරි දැන් පොන් එක රිකවරි මෝඩ් එකට ගන්න .
( පොන් එක OFF කරලා VOLUME UP+POWER+HOME බටන් එකපාර ඔබා ගෙන ඉන්න ) 
එතකොට රිකවරි මොඩ් එකෙන් ඕන් වෙනවා 

එතකොට මෙහෙම පෙනේවි 



දැන් ඔය ඉන්ස්ටෝල් කියන තැන ටච් කරලා ඔයා අර SD කාර්ඩ් එකට දා ගත්ත ZIP ෆයිල් එක තෝරලා ෆ්ලෑෂ් කරලා දාන්න ... ඊට පස්සේ රිබුට් කරන්න . දැන් සාර්ථකව පොන් එක රූට් වෙලා.... :) 

ඔයාට එක තහවුරු කරන්න පුළුවන් රූට් චෙකර් අප එක දාගෙන    

හරි ඔන්න එහෙනම් සරලව වැඩේ කියල දුන්න . 
මම දුලාන් සඳරුවන් 

මොකක් හරි ගැටළුවක් තියනවා නම් මම මෙතන ඉන්නව. 
ෆේස්බුක් එකේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න.


අපේ ANDROID උපකාරක සමුහය 

හරි එහෙනම් යාලුවනේ අද කියල දීපු දේ ගැන සමහර විට ඔයාල දන්නවා ඇති. නමුත් නොදන්නා අය වෙනුවෙන් තමා මේ ලිපිය ලිවේ .. අපේ මහන්සියට අරුතක් ලැබෙන්නේ ඔයාල මේකෙන් යමක් ගත්ත නම් . අපේ උත්සහය ගැන ඔයාලට හිතෙන දේ කොමන්ට් කරලා යන්න . 









තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: GALAXY S3 (SHV E210S) එක අප්ඩේට් කිරීම / රූට් කිරීම / කස්ටම් රිකවරි දැමීම Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top