ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Monday, April 20, 2015

Google Play App Directly (කෙළින්ම) ඔයාගේ Computer,Lap එකට Download කරන්නේ කොහොමද කියලා බලමු


"සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා!" කියලා මගේ යාළුවො ඔක්කොටම ප්‍රර්ථනා කරනවා මුලින්ම. 

මේ අලුත් අව්රුද්දෙන් පස්සේ ලියන පළවෙනි පොස්ට් එක
ඉතින් යාළුවනේ මම මේ කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක්.. ඒ තමයි අපි ඔක්කොම දන්නා Google Play ලොකු අයියගේ 
Android Apps,
Games
Books
Movies & TV
කියන දේවල්
(කෙළින්ම) ඔයාගේ Computer,Lap එකට Download කරන්නේ කොහොමද කියලා,
ඒ කියන්නේ Google Play එකේ ඉදලා Directly ඔයාගේ Computer,Lap එකට Download කරන්නේ කොහොමද කියන එකයි. එහෙනම් මේ වැඩේ කරන්න පහසුම ක්‍රම දෙකක් මම අද කියලා දෙන්නම්..තව ක්‍රම තියනවා මේවා තමා ලේසිම..

"එහෙනම් වැඩේට බහිමු"
මෙන්න මම කියපු ක්‍රම දෙක

01

02

මෙහෙම කියුවහම නිකන් හොල්මන් වගේ නේද.. හික්ස් හරි දැන් අපි බලමු මේ දෙකට අදාළව අපේ කටයුත්ත කරගන්න හැටි.

"අපි බලමු  පළවෙනි ක්‍රමය"
(APK Downloader)


"පහත පියවර අනුගමනය කරන්න"

01 පියවර
Google Play වෙත පිවිසෙන්න


02 පියවර
දැන් ඔයාට ඩවුන්ලෝඩ් කරන්න ඕන ඇප් එකට යන්න
උදාහරණයක් විදියට මම ඩවුන්ලෝඩ් කරන්න යනවා Facebook Apk එක


03 පියවර
දැන් ඔයා තෝරපු App එකේ ලින්ක් එක සම්පුර්ණයෙන්ම Copy (Ctrl+C) කරගන්න.


04 පියවර
දැන් මෙන්න මේ වෙබ් අඩවියට පිවිසෙන්න
http://apps.evozi.com/apk-downloader/

05 පියවර
දැන් 03 පියවරේදී ඔයා Copy කරපු Apk එකේ Link එක මෙන්න මෙහෙම පහල තියන  විදියට ඔය Box එකට පේස්ට් කරන්න
(රතු පාටින් පෙන්නලා තියෙන්නේ ඔයා අර කලින් Select කරපු Facebook Apk එකේ Link එක ඈ)

06 පියවර
දැන් පහත දක්වා ඇති ආකාරයට Generate Download Link කියන එක Click කරන්න

07 පියවර
දැන් ඔබේ App එක Download කරගන්න සුදානම්
( Generate Download Link කියන එක Click කලාම මෙන්න මෙහෙම එනවා)
දැන් ඉතින් ඔයාගේ Computer එකට හරි ඕනෑම ඔයාගේ ඩිවයිස් එකකට මෙහෙම Google Play ලොක්කගේ ඕනෑම Apk,GamesBooks,Movies & TV එකක් බා ගන්න පුළුවනි.. 

ඔන්න එහෙනම් අපි 
APK Downloader
එක එක පාවිචි කරලා ඇප් ගත්තා.. දැන් එහෙනම් අපි බලමු දෙවැනි විදිය..


"අපි බලමු  දෙවැනි ක්‍රමය"
(මේ ක්‍රමයට සියළුම Google Play Apps ලබාගැනීමට හැකියාව නැත. නමුත් අලුත් සංස්කරණ (Update) සහිත නිතර නිතර අවශ්‍ය වන සියළුම Apps Direct ඩවුන්ලෝඩ් කරගත හැකිය)
(Apps Apk)


01 පියවර
www.appsapk.com
වෙත පිවිසෙන්න


02 පියවර
(අවශ්‍ය App එක Search කරගන්න)
(Search බාර් එකේ ටයිප් කරලා Enter කරන්න)
උදාහරණයක් විදියට මම CCleaner කියන App එක Search කරනවා


03 පියවර
දැන් මගේ Search රිසල්ට් එකට ආපු Ccleaner App  එකේ මම ඉන්නේ


04 පියවර
දැන් ඔයා Search කරපු ඇප් එකේ දිග විස්තරයක් තියනවා සංස්කරණයේ තොරතුරු, File Size එක වගේ ඒවා..
ඒ පහලට වෙන්න තියනවා Download බටන් එකක් මෙන්න මේ වගේ
(ඒ කියන්නේ ඉතින් ඔයාගේ ඇප් එක බා ගන්නයි ඒක දාලා තියෙන්නේ ඈ..
එහෙනම් වැඩේ ගොඩ නේද?)


මොනවා හරි අව්ලක් උනොත් Comment එකක් දාන්න..
Google Play App Directly (කෙළින්ම) ඔයාගේ Computer,Lap එකට Download කරන්නේ කොහොමද කියලා ඔයා දන්නවා. මේක ලියුවට මට මොනවද තියෙන්නේ.මට තියෙන්නේ ඔයාලගේ අදහස් බලලා සතුටු වෙන අඑක විතරමයි ඇයි ඉතින් ඔයාලට Comment එකක් දාලා අපිව සතුටින් තියන්න බැරි. 
ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට

("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න.ඒක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්න එහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය

තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

3 ප්‍රතිචාර:

  1. බොහොමයක් ඉස්තූතී. හොය හොයා හිටිය දෙයක්. බ්ලොග් එක හොදයි. සින්ඩි වලට දාන්න. අපි සින්ඩිවලින් කියවන්නේ. සුභ පතනවා ඔයාලට

    ReplyDelete
  2. In the present world, everything is on the internet, we use internet for even smallest of things. Hookup Apps provide a platform for singles to interact online and bear the fruit of love. We have helped many singles find love irrespective of their age. We let the users interact online and the rest is up to their charms. visit us at http://hookupapps.aircus.com/

    ReplyDelete
  3. You will love it to enjoy our new app Trinus CBVR Apk : which you can download and enjoy free.

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: Google Play App Directly (කෙළින්ම) ඔයාගේ Computer,Lap එකට Download කරන්නේ කොහොමද කියලා බලමු Description: Google Play App Directly (කෙළින්ම) ඔයාගේ Computer,Lap එකට Download කරන්නේ කොහොමද කියලා බලමු Android Apps, Games Books Movies & TV කියන දේවල් (කෙළින්ම) ඔයාගේ Computer,Lap එකට Download කරන්නේ කොහොමද කියලා, ඒ කියන්නේ Google Play එකේ ඉදලා Directly ඔයාගේ Computer,Lap එකට Download කරන්නේ කොහොමද කියන එකයි. එහෙනම් මේ වැඩේ කරන්න පහසුම ක්‍රම දෙකක් මම අද කියලා දෙන්නම්..තව ක්‍රම තියනවා මේවා තමා ලේසිම.. APK Downloader Apps Apk Rating: 5 Reviewed By: Unknown
Scroll to Top