ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Friday, March 13, 2015

තුන්ගුස්කා ගගේ අභිරහස...!!! පිටසක්වල යානය ක් කඩා වැටේ...!!!


හායි යාලුවනේ කොහොමද .... 
හොදින් ඉන්නව නෙහ්හ් .....

මෙහ්හ් අදත් පිටසක්වල සීන් එකක් අරන් අවේ .... මෙහ්හ් ඔයාල හිතන්න එපා අපි දැන් පිටසක්වල ගැන විතරයි ලියන්නේ කියලා හොදේ.... ඔයාලට තියන ANDROID සහ අනිත් මෙහෙයුම් පද්දති , මෘදුකාංග , දෘඩාංග ..මේ ඕනිම දෙයක් ගැන ඕනිම ගැටළුවක් අපෙන් අහන්න හොදේ ..

හරි එහෙනම් කස්ටිය ලෑස්ති ඇති නෙහ්හ් අද කතාව අහන්න ...ඔන්න එහෙනම් ...!!!

තුන්ගුස්කා ගගේ අභිරහස 




මිට වසර 97 කට පමණ පෙර එනම් 1908 දී සයිබීරියාවේ තුන්ගුස්කා නම් ගග අසලට වැටුන යම් වස්තුවක් නිසා එම ප්‍රදේශය ලෝක ප්‍රසිද්ද විය ... මෙය තුන්ගුස්කා උල්කාපාතය යනුවෙන් හැදින්විණි .මේ හේතුවෙන් වනාන්තරයේ හෙක්ටයාර් දහස් ගණනක් තුල වූ සියලුම ගස් කෝලන් ආදිය විනාස විය ..



මෙම කුතුහලය දනවන සිද්දිය පිලිබදව අදටත් තර්ක විතර්ක ඇති වෙමින් පවතී .මෙම සිදු වීමට වසර 97 ගෙවී ගියද තවමත් ඒ පිලිබදව හරි හැටි නිගමනයකට එළබි නැත .පසුගිය දශක කීපය තුල මෙම ප්‍රදේශයේ ගස් නැවත රෝපණය වී ඇතත් එම ගස් අනිත් ප්‍රදේශයන් හි ඇති එම වර්ගයේම ගස් වලට වඩා වෙනස් ස්භාවයක් ගනී ...


ලෝකයේ ඕනිම තැනක වැවන ලාව් ගස් වලට ඇත්තේ පෙති දෙකක් සහිත පත්‍රයකි .ලාව් ගස සාමන්යෙන් දිවි බිජ පත්ත්‍රී වුවද මෙම ප්‍රදේශයේ ලාව් ගසකට පත්‍ර තුනක් ඇත .මෙහි දක්නට ලැබෙන සමහර තාල වර්ගයේ ගස් වල අතු බෙදීමක් ඇත .එපමනක් නොව මෙම ශාක වල රසායනික සංයෝග ද ඉතා අසාමාන්‍ය ලක්ෂණ පෙන්වයි .
එපණක් නොව මෙහි වෙසෙන කෘමි සතුන් ද නොයෙක් විපර්යාස වලට ලක් වී ඇති බවත් පර්යේෂණවලින් පෙනී ගොස් තිබුණි .ශාක පමණක් නොව මෙම සිද්දිය මගින් මෙම ප්‍රදේශයේ සතුන්ටත් පැහැදිලි බලපෑමක් එල්ල වී තිබිණි .

තුන්ගුස්කා ගග අවට පින්තුර කිහිපයක් 




මෙම පිපිරිම සිදු වූ ස්ථානයේ විකිරින ශීලි ද්‍රව්‍ය ඇති මහත්ය .මෙහිදී අතිවිශාල චුම්බකත්වය්ක් මෙහි දැකිය හැකි .මෙහිදී අප මාලිමාවක් භාවිතා කරොත් එයට සිදුවන දෙය ඒ අකාරයෙන්ම බර්මියුඩාවේදීද දැක ගත හැකිය .ඉන් කියවනුයේ බර්මියුඩාවට සමාන චුම්බකත්වයක් මෙහි ඇති බවය .
පර්යේෂකයෝ මෙම ප්‍රදේශය ගැන පුළුල් පර්යේෂණ කලද ඔවුන්ට වැදගත් යමක් කීමට නොහැකි විය .නැතිනම් ඔවුන් සොයා ගත් වැදගත් දේවල් සියල්ල ලොවෙන් වසන් කර දමා ඇත . 


නමුත් උල්කාපාතයක් යයි කියමින් තිබු තුන්ගුස්කා පිපිරිම නව මගකට ගනිමින් මිට වසර 66 කට පමණ පෙර එම ප්‍රදේශයේ සැරිසැරූ පුද්ගලයින් කිහිප දෙනෙකුට අහම්බෙන් ඉතා විස්මය ජනක ලෝහ කැබැල්ල ක් හමු විය .මෙම ලෝහ කැබැල්ල අහුලා ගත් පසු ඔවුන් ගෙන් අතින් ගිලිහී අසල වූ ගාලක වැදී එයින් ගිනි පිටවන්නට විය ...

අනතුරුව එය මොස්කව් හි පිහිටි පර්යේෂණාගාරයක් වෙත යැවිණි .රිදී පැහැති කිලෝග්‍රෑම්2 පමණ සකන්දයක් තුබූ මෙම ලෝහ කැබැල්ල ප්‍රබල උපකරණ භාවිතයෙන් කොටස් කර එකක් ඇමරිකාවේ ජාතික පර්යේෂණාගාරය ට හා අනික සෝවියට් පර්යේෂණාගාරයකටත් යැවිණි .එය පර්යේෂණ වලට භාවිතා කිරීමෙන් එහි ,

* ලැන්තනම් 10%
* සිරියම්  67 % 
* නියෝබියම් 8%
* ඔක්සයිඩ් වලින් තොර පිරිසිදු යකඩ 0.4 % ඇති බවට තහවුරු වී ඇත .

මෙය පෘතුවියේ නිෂ්පාදනයක් නොවේ .මෙවන් ලෝහ වස්තුවක් නිපදවීමට අප ලෝකයේ සතු නවීන තම තාක්ෂණයද ප්‍රමාණවත් නොවන බව විද්‍යඥයින් ගේ මතය යි .

මෙම ලෝහ කැබැල්ල ඉතා ප්‍රබල LASER කදම්බයක් පෘෂ්ටයට පැමිණි කෝණයට සමාන කෝණයක් සාදමින් පරාවර්තනය කිරීමට සමත්ය .වෙඩි උණ්ඩයක්වත් එය පසාරු කිරීමට සමත් වී නැත .පර්යේෂණ වලින් අනාවරනය වී ඇත්තේ මෙය අඩි 27 ක විෂ්කම්බයක් ඇති කවාකාර වස්තුවක කොටසක් බවය .

ඒ අනුව මෙය තව දුරටත් තුන්ගුස්කා උල්කාපාතය ලෙස තව දුරටත් හැදින්විය නොහැක .මේ මතය බැහැර වීම සමග සැවොම මේ දෙස වෙනස් කෝණයකින් බලන්න පටන් ගත්හ.

වසර නවයක් යනතුරුම මෙම ලෝහ කැබැල්ල පිලිබදව කිසිදු තොරතුරක් පිට නොවුනි .එහෙත් 1985 ජනවාරි මාසයේදී සෝවියට් විද්යාඥ සර්ගෙයි බොෂිව් , සොෂලිස්ට් පුවත් පත ට නිවෙදනයක් නිකුත් කරමින් තවත් ලෝකයක අජටාකාශ වස්තුවක් පෘතුවි අසන්න කක්ෂ්යයේදී පුපුරා ගිය බව කිවේය .

එසේනම් අප තව දුරටත් තුන්ගුස්කා සිද්දිය උලකාවක් යයි කිව යුතු නැත . මෙම සියලු තොරතුරු අනුව එය පිටසක්වලට සම්බන්ද වී හමාරය . නිසැකවම මෙය පිටසක්වල යානයක් යයි ප්‍රසිද්ද රහසක් වී හමාරය 

අබිරහස් ගැන උනන්දු කුතුහලයෙන් පිරි ඔබහට මෙම තුන්ගුස්කා සිද්දිය අනිවරෙන්ම වැදගත් වනු ඇත . 
මෙම අනන්ත විශ්වය තුල කොහේ හෝ ජීවයක් තිබිය යුතුමය . සහෝදර තරුක් ශේනුද්‍ර පසුගිය ලිපියෙන් කි පරිදිම එය මහා විශාල ජීවියකු විය යුතු නොවේ .. ජිවය යනු ජිවයි . ජීවයේ ප්‍රමාණය කෙතරම්ද යන්න වැදගත් නොවේ ....

නමුත් කලාන්තරයක් තිස්සේ අපට ලැබුණු තොරතුරු අනුව අපට වඩා දියුණු බුද්දිමත් ජීවින් විශ්වයේ කොහේ හෝ සිටිය හැක .. ඇතැම් විට මේ අවස්ථාවේ දී මෙවැනිම වෙබ් අඩවියක මෙවැනිම ලිපියක් ඔබ වැනිම පාටකයකු විසින් විශ්වයේ කොහේ හෝ ප්‍රදේශයක සිට කියවනවා විය හැක .එය නැතයි කිව හැක්කේ විශ්වයේ එකම බුද්දීමතා මිනිසා යයි සිතනා හණමිටි අදහස් දරන්නන්ට පමණි .

එසේ නම් තවත් මෙවෙනීම ලිපියකින් ඔබ හමුවට එනතුරු ඔබට සුබ අනාගතයක් වේවා ...


අපිව ෆේස්බුක් එකෙන් මුණගැහෙන්න 

ලිපය ලියන මම



සහෝදර ඇඩ්මින්වරුන් 





ඕනිම වෙලාවක අපි මෙතනත් ඉන්නවා 

හරි එහෙනම් අපි ත් එක එකතු වෙන්න .
ඒ වගේම තමා ඔයාලගේ අදහස් අපිට කියලා අපිට හයියක් වෙන්න .

බලන්න අපේ කොමන්ට් සිස්ටම් එක .. 


ඩිස්කස්,ෆේස්බුක් ,ටුවිටර් ,ගුගල් , මේ ඕනිම ක්‍රමයකට ඔයාලගේ අදහස් අපට කියන්න .
එහෙනම් ඊලග ලිපියෙන් හමු වෙමු ..!!!














තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

3 ප්‍රතිචාර:

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: තුන්ගුස්කා ගගේ අභිරහස...!!! පිටසක්වල යානය ක් කඩා වැටේ...!!! Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top