ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Wednesday, March 11, 2015

විශ්මිත ජ්‍යාමිතික රටා පෘතුවිය මත මවන්නේ කවුද ..

සුබ දවසක් වේවා
පිටසක්වල නෝනාවරුනි මහත්වරුනි ...!!!
( හික්ස් ..විහිළුවක් කලේ හොදේ .. )

* හොදයි යාලුවනේ එහෙනම් අපේ බ්ලොග් අඩවියෙන්  පිටසක්වල ජිවිය කියන මාතෘකාව යටතේ ඔයාල ට      ගෙන එන ලිපි මාලාවේ තවත් එක කොටසක් අරගෙන තමා මම අද අවේ ..අද කතා කරන්නේ වගා කව          ගැන ... ඇත්තටම මේක ටිකක් විශ්මිත නිර්මාණයක් ..එකයි ඔයාල එක්ක බෙදා ගන්නේ ..හරි එහෙනම්          කම්මැලි නැතුව කියවන්න ..
වගා කව 
( CROP CIRCLES )

වගා වක්‍ර නැත්නම් වග කව කියල ලෝකේ ප්‍රසිද්ද වෙලා තියන මේවා ජ්‍යාමිතික රටා ගණයට වැටෙනව.
ඇමරිකාව ,කැනඩාව ,රුසියාව ,බ්‍රිතාන්‍ය ,චීනය ,ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය ,ප්‍රංශය .ජර්මනිය ,ඉන්දියාව හා තවත් බොහෝ රටවල් වල ගොවි බිම් වලින් මෙම වගා කව වාර්තා වෙනවා .
**************************************************************

ක්‍රි.ව. 1970 පමණ සිට මෙම ජ්‍යාමිතික රටා දහස් ගණනක් පෘතුවිය මත සිතුවම් වෙලා තියනවා .මේවගෙන් 80% වකම මහා බ්‍රිතාන්‍ය තුල දකින්න පුළුවන් ...

බ්‍රිතානයේ නිරිත දිග කොටසේ වෙසෙක්ස් ප්‍රදේශයේ පිහිටි වගා බිම් වල පසුගිය වසර දහයක පමණ කාලයක සිට මෙම වගා කව මතුවන්නට විය .බොහෝ විට මේවා පැතලි වෘතාකාර හැඩයක් ගන්නවා .මෙහිදී ධාන්‍ය පල සංකීරණ හැඩයකට ඇබරී ගිහන් තියන අයුරු දකින්න පුළුවන් .ඒවා එක මත එක පිහිටි තට්ටු කීපයක් විදියටත් දකින්න පුළුවන් .. නමුත් මෙම කව නිර්මාණයේදී කිසිදු පැලයකට බොහෝ දුරට හානියක් වෙලා නැහැ කියල තමයි කියන්නේ .

මෙම වගාවන් වල පොදු සිත්ගන්න සුළු ලක්ෂණයක් තමා සංකීරණ සටහන් සියල්ලක්ම එකතු වෙලා තනි හෝ එක්ව පිහිටි ජමිතික හැඩ පොකුරක් නිර්මාණය වෙලා තියනවා .. ඒවගේම මේවගේ සියුම් රේඛා පැහැදිලිව දකින්න පුළුවන් . 
මේවගේ විශාලත්වය නිසා මේවගේ ජ්‍යාමිතික හැඩ දකින්න පුළුවන් ගුවනේ සිට විතරයි .

මෙන්න බලන්න ලස්සන වගා කව ටිකක් ...





මෙතෙක් විසදුම් සොයා ගත නොහැකි සිදුවීම් පිලිබදව පර්යේෂණ කරන සමාගමක් වන 
" UNEXPLIANED PHENOMENA RESEARCH SOCIETY "
හි ප්‍රධානියා වන ලුසී ප්‍රින්ගල් මෙම වගා කව ගැන පර්යේෂණ කරලා තියනවා .

මේ ඉන්නේ ලුසී ප්‍රින්ගල්


එයාගේ  පළමු පර්යේෂණය 1997 ජුනි 1 වන දින බ්‍රිතානයේ වගා බිම්කද, දෙවැන්න 1997 ජුනි 6 ඇමරිකාවේ ස්ටෝන් හෙන්ජ් වලද සිදු කරල තියනවා .
මෙම රටාවන් විශාල වපසරියක කව 194 ලෙස නිර්මාණය වෙලා තිබිලා කියල තමා කියන්නේ .එහි ප්‍රධාන කවය අරය අඩි 500 ක් පමණ වෙනවා කියලා තමයි කියන්නේ .

වගා කව ගැන රතු ඉන්දියානු මතය 

වගා කව දුටු රතු ඉන්දියානුවෙක් පැවසුවේ තම අදිකාලින චාරිත්‍ර අනුව මෙම වගා කව වල හැඩයන් ශුද්දවුත් දිව්‍යමය වුත් ත්‍රිත්වයන්ගේ ලකුණු බවය . පෙර යුගයේ මෙම සලකුණු ඉතා ගෞරවනීය ලෙස සලකන ලදී. මෙය ජීවයේ ගස නම් ලකුණ වන අතර මෙවන් ලකුණක් පහල වූ විට පුරාණ රතු ඉන්දියානුවන් දින 9ක් පුරා උත්සව පවත්වා ඇත .

ලුසී ප්‍රින්ගල් සහ ගුවන් නියමුවන් සමග වගාකව 

ලුසී ප්‍රින්ගල් හා ගුවන් නියමුවන් මේ සැම වගා කවයක්ම ඡයාරූප ගත කරමින් ඒවායේ ඇති විද්‍යුත් චුම්බක බලය ජිවින්ට හා අනෙක් ශාකයන්ට බලපාන අයුරු පිලිබදව පරීක්ෂණවල නියැළුණි .ඔවුන් වසර 10 ක් මේ ගැන පර්යේෂණ කර ඇත . එම වසර 10 තුල ලුසී ප්‍රින්ගල් වෙත මෙවන් කව 500 කට අධික ප්‍රමාණයක් වාර්තා වූ බව පවසයි .

මේ තියෙන්නේ තව වගා කවයක් 


වගා කව කතාවේ හොදම හරිය 

ලුසී ප්‍රින්ගල් ප්‍රධාන UPRC හි වගා කව පිළිබද මතය වුයේ කිසියම් බලවේගයක් විසින් විද්‍යුත් කාන්දම් බලයකින් මෙය නිර්මාණය කරනවා විය හැකිය යන්නයි .
ඔවුන්ගේ මතයට අනුව මෙවන් විශිෂ්ට නිර්මාණයක් ජ්‍යාමිතික විශේෂඥයන් කණ්ඩායමකටත් සුළු කාලයකින් සිදුකල නොහැකිය . මෙම වගා කව පිළිබද තව දුරටත් පර්යේෂණ කල පරිගණක ඉංජිනේරුවකු වන colin andrews පසුගිය වසර 17 ක් පුරා මේ සිතුවම් පොලොව මත ඇන්දේ කවරකුද යන ප්‍රශ්නයට පිළිතුරු සොයයි .ඔහු විමතියට පත් වුයේ මෙම වගා කව තුළ දකින්නට ලැබුණ සමමිතිය පිළිබදවය .

කොලින් පවසන අන්දමට ඉහත කි ගොඩබිම මතට රාතී‍්‍ර කාලයේදී පහත් වූ ආලෝක දරාවක් ඒ ගොඩබිම් අවට ප්‍රදේශ වසින් දැක ඇත .ඒ ආලෝක දාර අස්වැන්න මත අදියාමෙන් පසුව පෙර කි ජ්‍යාමිතික රටා දිස් වන බවට වාර්තා වී ඇත . 

එසේ නම් කිසිවෙකුටත් නොපෙනී නොදනී ලොවෙන් වහන් වී අක්කර සිය ගණනක් හරහා ඉතාමත් නිවැරදිව ජ්‍යාමිතික රුප මවන්නේ කුවුද ... ?

මේ පිලිබදව දැනට වැඩි දෙනෙකුගේ මතය වන්නේ මෙය පිටසක්වල ජීවින් විසින් පෘතුවියේ නිර්මාණය කරන බවත් විශ්වය හරහා ගමන් කරන පිටසක්වල යානාවලට නොයෙක් සංඥා හා පණිවුඩ මෙම වගා කව වලින් වලින් දැක්වෙන බවය .

*******************************************************************

පෘතුවියේ වෙසෙන එකම ජීවින් මිනිසාම පමණක් යයි සිතනා පටු මානව චරිතයන්ට මෙය තවත් එක විහිළුවක් පමණක් විය හැකි නමුත් අනන්ත විශ්වයේ රහස් සොයමින් මනස වෙහෙසවන ඔබට වැදගත් විය හැකි මෙම ලිපිය ලිවීමට මා ගත මහන්සිය ප්‍රතිපල දැකීමට ඔබේ අදහස් අපිත් සමග බෙදා ගන්න යාලුවනේ ... 

එහෙනම් තවත් මෙවැනි වදගත් දේකුත් එක්ක ඔයාල හම්බෙන්න වෙන්න එනකම් අපි නැවතෙනවා .

FACEBOOK එකේ අපි ...!!!

අපි ANDROID PAIN KILLERS සමුහය 
මම දුලාන් සඳරුවන්  . එකතු වෙන්න අපිත් එක්ක යාලුවනේ ...

*************
**************************
**********************************************



තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: විශ්මිත ජ්‍යාමිතික රටා පෘතුවිය මත මවන්නේ කවුද .. Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top