ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Saturday, February 28, 2015

"මොකක්ද මේ ටොරන්ට් කියන්නේ? / What Is Torrenting?"



රයිට් එහෙනම් මම අද කියන්න යන්නේ අපි හැමෝම අහල තියන ඔක්කොම වගේ බාවිතා කරන Torrent ගැන.. ගොඩක් ය මේ ගැන දන්නවා ඇති.. එත් මේ මෘදුකාංගයේ වගේම මේ සේවාව ගැන Technical පැත්ත වගේම Technology ඒක ගැන අවබෝදයක් නැතුව ඇති ගොඩක් අයට ඒ නිසාම මම තීරණය කළා මේ ගැන විස්තරයක් කියන්න මොකද මම ඉස්සරහට Torrent සම්බන්ධයෙන් ගොඩක් දේවල් දෙන්න යනවා.. ඉතින් අපි මේ ගැන දැනුවත් වෙන ඒක හොදයි නේද... හරි මෙන්න විස්තරය..බලන්නකෝ... 

TORRENT යනු ප්‍රවාහයයි. ගොඩක් අය දන්නව Torrent කියන්නේ මොකක්ද කියලා. නමුත් එය භාවිතා කරන ආකාරය සහ එහි ක්‍රියාකාරිත්වය ගැන දන්නේ ටික දෙනයි. අද මේ ලිපියෙන් මම කියල දෙන්න යන්නේ Torrent වල ක්‍රියාකාරිත්වය සහ අපි බලමු Torrent වලින් File එකක් Download කර ගන්න ආකාරය ගැන.

හරි අපි ඉතිහාසය දෙස මදක් හැරිලා බැලුවොත් Torrent මුලින්ම ආවෙි 2005 දී, ඒත් එහි අලුත් කිරීමි වෙලා ලොකයේ ප්‍රසිද්ධ වූනේ 2006 කාලයේදීය. Torrent මුලින්ම හැදුවෙී Ludvig Strigeus කියන ස්විඩන් ජාතික පරිගනක මුදුකාංග ශිල්පියා, ඊට පසුව එහි සියලු අයිතිය BitTorrent.Inc ආයතනයට පත් වුනා, මේ වන තුරැත් Torrent සියලුම ක්‍රියාකාරකමි පාලනය කරනු ලබන්නේ එම සමාගම විසින්ය.

අපි මුලින්ම බලමු සාමාන්‍ය භාගත ක්‍රමයක යාන්ත්‍රණය සිදුවන ආකාරය පිලිබදව.




මේ රුපය ඒ සම්බන්ධව මැනවින් ඔබට විදහා දක්වනවා. ඔයාලට පේනවා ඇති A නම් පරිගනකයක් විසින් යම් කිසි File එකක් Upload කරනවා. මේ file එක Server Space එකක තියා ගන්නවා. ඉතින් කාට හරි ඒ File එක Download කර ගන්න ඕනේ නම් එයා පොඩි ඉල්ලීමක් යවනවා අර server එකට. ඒ අනුව ඒ File එක එයාට Download වෙනවා. ඕක තමයි සරලවම වෙන සිද්ධාන්තය. ඇත්තම මේ ක්‍රමයට පොඩි පොඩි File හුවමාරු කරගන්න පහසු උනාට, 1GB , 2GB වගේ දැවැන්ත File හුවමාරු කිරීම නම් ලේසි පහසු කර්තව්‍යයක් නෙමෙයි. මොකද එකම මොහොතක එකම File එකක් ලබාගන්න ලෝකයේ නන් දෙසින් දස දස් ගනන් පිරිසක් උතසහ කරනවා. හැබැයි ඔක්කෝටම තියෙන්නේ එක server එකයි. server එකක් කියල කියන්නෙත් පරිගනකයක්, ඉතින් මොකද වෙන්නේ එයාට ඉල්ලීම් වැඩි වෙන්න වැඩි වෙන්න Slow වෙනව, එහෙමත් නැත්තන්  Download වීම සීමා කරනවා.


අපි මීළඟට බලමු මේ Torrent භාගත කරගැනීම වලදී සිදුවන යාන්ත්‍රණය සම්බන්ධව.



කලින් සඳහන් කල සාමාන්‍ය download කිරීමකදි ඒ file එක download කරන අය වැඩි වීමත් සමග අපිට ඒ File එක Download වීමේ වේගය අඩු වෙනව කියල මම කලින් කිව්වනේ. මේක ගැන කියනවනම් මේ FTP සහ HTTP කියන ප්‍රොටෝකෝලයන්ගේ දුර්වලතාවයක්. මේ නිසා තමයි 2001 දී බ්‍රාම් කොහේන් විසින් Peer-to-Peer කියන ප්‍රොටෝකෝලය හදුන්වල දෙන්නේ. ප්‍රොටෝකෝලයක් කියල කියන්නේ උපකරන දෙකක් අතර දත්ත හුවමාරුව සදහා ඇති කරගනු ලබන එකගතාවයකට. ඉතින් මේ Peer-to-Peer කියන තාක්ෂනය තමා සමස්ත torrent කර්මාන්තයේදී වර්තමානයේ භාවිතා වෙන්නේ. මෙහි විශේෂතවය වන්නේ Download කරන ප්‍රමානය වැඩි වෙන තරමට අපිට ඒ File එක ලැබෙන වේගයත් වැඩි වීමයි.

හරි මම මෙහෙම කිව්වා පලියටම තේරුම් ගන්න බැනේ අපි තව දුරටත් බලමු මොකද වෙන්නේ කියලා. Torrent වලදි මූලිකවම වෙන්නේ, කෙනෙක් ඔන්න File එකක් මුදා හැරියාම, තව කෙනෙක් ඒක ලබා ගන්න එක. යම් කාලයක් තුල දෙවෙනියට File එක ලබා ගත්තු පුද්ගලයා සම්පූර්නයෙන්ම ඒ File එක ලබා ගෙන ඉවර උනාට පස්සේ අපි එයාට කියනව Seeder කෙනෙක් කියල. දැන් ඔන්න Seeders දෙන්නෙක්ම ඒ මුදාහැරපු File එකට ඉන්නවා.

ඔය අතරේ තවකෙනෙක් ඒ File එකම හොයගෙන එනව. අපි ඒ හොයාගෙන එන අයට Leechers කියල කියනවා. මේ leechers ට ඒ File එක දෙන්න දැන් දෙන්නෙක්ම ඉන්නවා. ඒ නිසා ඒ දෙන්නගෙම උදව්වෙන් ඔන්න එයාට File එක Download වෙන්න පටන් ගන්නව. එයත් ඒක Download වෙලා ඉවර උනාම නිකන්ම Seeder කෙනෙක් වෙනවා. මේ විදියට Download කරන කරන අයම තමා ඊලග මොහොතේ ඒ File එක අනිත් අයට ලබා දෙන්නේ.

නමුත් මේ විදියට Seeder කෙනෙක් වෙන්න නම් ඔබ File එක භාගත කරගෙන අවසන් වූ පසු එම ක්‍රියාවලිය නැවත්විමකට ලක් නොකළ යුතුයි. තවද වටිනා දෙයක් ලෝකයට ලබා දීමට හැකි වූ දත්ත මුදා හල පුද්ගලයාට උදව්වක් ලෙස සහ ඔබ ලබා ගත් දත්තය සමස්ත ජනයාටද ලබා ගැනීමට  උදව් කිරීමක් වශයෙන් දිගටම Seed කිරීම ඔබ සතු යුතුකමකි.

හරි මොනවද මේ tracker කියල කියන්නේ ? ඈත්තටම torrent වලදි සිදු වෙන්නේ අන්තර්ජාලය තුලින් file download කිරීමක් නෙවෙයි. හිතන්න කෙනෙකු තමන් සතු image එකක් torrent හරහා upload කරනවා කියල, එවිට ඒ image එක පිලිබද තොරතුරැ තියෙන torrent file එකක් create වෙනවා, අන්න ඒ torrent file එක තමයි වෙනත් අයකුට download කරන්න පුලුවන් වෙන්නේ, ඔහු ඒ torrent file එක torrent client software එකක් මගින් open කරාම, එහි අඩංගු තොරතුරැ අනුව ඒ image එක torrent වලට upload කරන්න හදපු කෙනාගේ පරිගනකයෙන් අරන් දෙනවා, torrent වලදි මුලින් file upload වීමක් සිදුවන්නේ නැහැ.එම ක්‍රියාව පාලනය කරනු ලබන්නේ මෙම tracking මගින්ය.

මේ විදියට අපි Download කිරීමට සොයන File මොන මොන අය ලගද තියෙන්නේ කියන තොරතුරු අඩංගු පුංචිම පුංචි File එකකට තමා අපි Torrent File එකක් කියල කියන්නේ. ඉතින් අපි Torrent වලින් මොකක් හරි Download කරන්න යනව නම් ඉස්සෙල්ලාම මේ Torrent File එක තමා Download කර ගන්න ඕනේ. ඊට පස්සේ මේ  Torrent File එක Torrent Client වැඩසටහන කට පෙන්වල දුන්නම එයා පිලිවෙලින් ඒ File එක අපි කියමුකො අපි Download කරන්න ගිය Film එක කියල. ඒක Download කරන්න පටන් ගන්නව.


"Torrent Client වැඩසටහන් ලෙස"















ඒ වගේම Torrent Client වැඩසටහන් අලුතින්ම එකතු උන සාමාජිකයා.. (EagleGet)


ආදී මෘදුකාංග හදුන්වල දෙන්න පුලුවන්. මේව හරිම සැහැල්ලු වැඩසටහන්. හරිම කුඩයි, Slow වීමක් නෑ.

දැන් අපි යන්න ඕනේ ටොරන්ට් search engine එකකට. එහෙම එකකින් තමයි අපිට ලේසියෙන්ම අපිට ඕන කරන torrent files හොයාගන්න පුළුවන්. ප්‍රධානම torrent search engine එක තමයි Torrentscan ඒකට යන්න පුළුවන් මේ ලින්ක් එකෙන්. www.torrentscan.com 
ඊට අමතරව torrent files සොයාගැනීම සදහා භාවිත කරන්න පුළුවන් තවත් වෙබ් අඩවි ගණනාවක් තියෙනවා. ඒවායින් කිහිපයක් පහතින් දෙන්නම්. ඇත්තටම Torrentscan search engine එකෙනුත් සම්බන්ධ වෙන්නේ මේ වෙබ් අඩවිවලට තමයි.

www.torrentfunk.com 
www.seedpeer.me 

හොද torrent එකක් හොයා ගන්නේ කොහොමද ?

torrent එකක් හොයා ගන්න ගියාම torrent file නම් ඕනි තරමි තියෙනවා. ඒත් හැමවෙලාවෙම හොද torrent එකක් හොයා ගන්න උත්සහ කරන්න ඕනි. torrent හොදයිද නැද්ද කියලා බලාගන්න පුලුවන් අපිට ඒ torrent එක කලින් download කරපු අයගේ comments වලින්, virus අරවා මෙවා තියෙනවා නමි ඒ ගැනත් හොදයි නමි ඒ ගැනත් comments වල සදහන් වෙලා තියෙනවා, Torrent එකක් download කරන්න ගියාම අනිවාරයෙන්ම comment දෙක තුනක් වත් කියවලා බලන්න.ඒ වගේම හැම වෙලාවෙම torrent එකක් download කරාට පස්සේ ඒ ගැන හොද නරක කියලා comment කරන්න, මොකද අපි වගේම තවත් ඒක download කරන්න හදන කෙනෙක්ට ඒක ප්‍රයෝජනවත් වෙනවා.

හැමවෙලාවෙම torrent එකක් download කිරීමෙදි Seeds ගැන සැලකිලිමත් වෙන්න, seeders ලා වැඩි ප්‍රමාණයක් ඉන්නවා නමි files ඉක්මනින්ද, seeds අඩුයි නමි files ඉතා මන්දගාමිවද download වෙනවා. සෑම වෙලාවකම Torrent එකක් download උනාට පස්සේ ඒක STOP කරන්නේ නැතුව ටිකක් හරි seed වෙන්න දෙන්න,ඒක තවත් කෙනෙකුට download වීම ඉක්මන් කරනවා වගේම එසේ seed කීරිමට කලගුණ සැලකීමක් විදියට අපගේ ඊලග torrent download එක සදහා Torrent Server වලින් ලබා දෙන Speed එක වැඩි කරනවා. 

හරි එහෙනම් ඩවුන්ලෝඩ් කරමු

මම පෞද්ගලිකව නිර්දේශ කරන්නේ www.torrentscan.com , https://kickass.unblocked.pw , rarbg.com , thepiratebay.org යන වෙබ් අඩවි තමයි. මොකද ඒවායින් අපිට අවශ්‍ය දේ හොයාගන්න හරිම ලේසියි.
පහසුව සදහා මං එක් වෙබ් අඩවියක් තොරාගෙන විස්තර කරන්නම්. ඒත් අනිත් හැම වෙබ් අඩවියකම වෙන්නෙත් මේ දේ මේ විදියටමයි. මං නිතරම යන https://kickass.unblocked.pw අඩවිය ගන්නම්.

 ක්ලික් කර අඩවිය වෙත පිවිසෙන්න



මේකට ගියාම search box එකක් තියෙනවා ලොකුවටම. ඊට පහලින් තියෙනවා දවසේ ජනප්‍රියම torrent files ගැන විස්තර. පහලින් දිස්වන ඒවා බලාගැනීමට නම් මේ අඩවියේ රෙජිටර් වෙන්න ඕනේ. ඒක අමාරු දෙයක් නෙමෙයි. ඒත් අපිට torrent files හොයාගන්න නම් කිසිම රෙජිස්ටර් වීමක් අවශ්‍ය වෙන්නේ නෑ. 

කරන්න තියෙන්නේ මේකයි. search box එකේ අපිට සෙවීමට අවශ්‍ය දේ ටයිප් කරන්න. අකුරක් දෙකක් ටයිප් කරනකොටම ආසන්නව යන Search results ඔබට දිස් වෙනවා. මොකද ඒ නමට ආසන්න නම් තියෙන හැම torrent file එකක් ම මෙතනදි එනවා. 

අපි උදාහරණයක් ගමු. අපි හිතමු අපි Transformers age of extentions චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගැනීමට යනවා කියලා. එතකොට අපිට search box එකේ ටයිප් කරන්න පුළුවන්  Transformers age of extentions  කියලා. එහෙම නැත්තම්  Transformers කියලා ටයිප් කරලා search කළත් හොයාගන්න පුළුවන්. මේ විදියට නම ගහලා search කළාම එනවා දිග ලිස්ට් එකක්. ඒකේ තියෙන්නේ අපි හොයපු නමට අදාලව තියෙන ගොඩක් torrent files. මෙතනදි සැලකිළිමත් වෙන්න ඕනේ. මොකද ඇත්තම torrent files වගේම බොරු ඒවත් තියෙනවා. මුලින්ම එක් එක් torrent file එකේ ක්ලික් කරලා ඇතුළට යන්න. 



ගියාම පහලින් පෙන්වනවා ඒ torrent file එක මීට කලින් ඩවුන්ලෝඩ් කරගත්ත අයගේ comments. ඒව කියවලා බලන්න. සතුටුදායක comments තියෙනවා නම් ඇත්ත torrent file එකක්. මෙන්න මේ වගේ comments කියවලා බලලා ඩවුන්ලෝඩ් කරන එක ගොඩක් දෙනා නොකර, කෙලින්ම torrent files ඩවුන්ලෝඩ් කරන නිසා තමයි ගොඩක් වෙලාවට ඩවුන්ලෝඩ් කරපු දේ හරියට ක්‍රියාකාරන්නේ නැතිව අපසුතැවෙන්නේ. 
ඊටත් පහලින් තියෙනවා මේ torrent file එකේ අඩංගු වෙන්නේ මොනවද කියලා සහ ඒ ඒ ෆයිල්ස්වල ප්‍රමාණය කොච්චරද කියලා.

උඩින්ම තියෙන විස්තර කොටසේ තියෙනවා මේ torrent file එක සදහා ඇති seeds ගණන.

ඉතිං හොද torrent file එකක් තෝරගත්තට පස්සේ බලන්න ඒකට seeds කොච්චර තියෙනවද කියලා. seeds වැඩි වෙන තරමට හොදයි. ඉක්මනින් ඩවුන්ලෝඩ් වෙනවා. 

දැන් හොයාගත්ත torrent file එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ සදහා උඩ ලොකුවට තියෙනවා Download Torrent කියලා ලින්ක් එකක්. ඒක ක්ලික් කරලා torrent file එක ඩවුන්ලෝඩ් කරගන්න. 

දැන් ඩවුන්ලෝඩ් වුණ තැනට ගිහින් ඩවුන්ලෝඩ් කරගත්ත torrent file එක, අපි කලින් ස්ථාපනය කරගත් μtottent මෘදුකාංගය මගින් විවෘත්ත කරගන්න. දැන් dialogue box එකක් එනවා. ඒකේ තියෙනවා අපි ඩවුන්ලෝඩ් කරන දත්ත සේව් වෙන්න තැනක් තෝරන්න. එතනින් කැමති තැනක් තෝරලාදීලා OK කරන්න. දැන් ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. අපිට කැමති වෙලාවක stop කරන්න පුළුවන්. ආයේ කැමති වෙලාවක start කරන්න පුළුවන්. පරිගණකය shutdown කරලා විතරක් නෙමෙයි පරිගණකය format කරලා වුණත් නැවත ඩවුන්ලෝඩ් Stop කරපු තැනින් පටන්ගන්න පුළුවන්. 

මෙන්න මෙහෙම තමයි ටොරන්ට් වලින් File ඩවුන්ලෝඩ් කරන්නේ. 

අපි කොහොමද අනිත් අයට දෙයක් දෙන්නේ ??

මීළඟට බලමු අපේ පරිගණකයේ තිබෙන දත්ත කොහොමද ටොරන්ට්වලට සම්බන්ධ කරන්නේ කියලා. ඒකට මුලින්ම අපි තෝරාගත් දත්ත කිහිපයේ torrent file එකක්හදන්න ඕනේ. ඒකට μtottent විවෘත්ත කරගෙන File මෙනු එකට ගිහින් Create New Torrent තෝරන්න. ඉන් පසු එන dialogue box එකේ Select source කියන තැනට පහලින් ඇති Add File හා Add Derectory මගින් අදාල දත්ත ගොනු තෝරා දෙන්න. පහලින් ඇති Tracker list එකට අපි Trackers එකතු කරන්න ඕනේ. ඒකට මෙතනින් Trackers list එක බාගන්න




ඉහත ගොනුවේ තියෙන Tracker List එක කොපි කරලා μtottent එකේ අදාල තැනට පේස්ට් කරන්න. දැන් Create and save as.. ක්ලික් කරලා සේව් වෙන්න තැනක් දීලා ok කරන්න. දැන් අපිට ඕන torrent file එක හැදිලා තියෙනවා. දැන් අපි මේක ටොරන්ට්වලට අප්ලෝඩ් කරන්න ඕනේ. ඒකට මං ඉහත දැක්වූ තෝරාගත් එක් වෙබ් අඩවිකය රෙජිස්ටර් වෙන්න ඕනේ. මං උදාහරණයට කිව්ව btjunkie.org නම් හරිම ලේසියි. මෙන්න ඒකේ රෙජිස්ටර් වෙන ලින්ක් එක, හරිම ලේසියි, පහසුයි.

දැන් මේ වෙබ් පිටුවේ ( https://kickass.unblocked.pw/auth/login/) උඩම තියෙන Upload ක්ලික් කරලා අපි හදපු torrent file එක upload කරන්න. ඔන්න වැඩේ හරි.

ඉතින් වැඩේ ගොඩ නේද?? ඔන්න එහෙනම් දැන් අපි  දන්නවා..ටොරන්ට් කියන්නේ මොකක්ද කියලා ඔන්න එහෙනම් ඔයාල දැනුමක් ලබා ගන්න ඇති කියලා හිතනවා.. සතුටක් අදහස් කියලා Comment එකක් දාලම යනවා නම් එහෙනම් ජය වේවා!! ඉදිරි ලිපි වල අපි ටොරන්ට් ගැන තව දේවල් ඉගෙන ගමු 
... එහෙනම් ඔන්න මම ගියා.. ජය වේවා.. 

මම (තරුක් ශෙනු එදිරිසුරිය)
ෆේස්බුක් එකේ මම එක්ක එකතු වන්න මෙතන -::- 

සැලකිය යුතුයි:-සියලු වෙනත් වෙබ් අඩවි හා සම්බන්ධ වීමට එම වෙබ් අඩවියේ නම ක්ලික් කර පිවිසෙන්න


තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

4 ප්‍රතිචාර:

  1. හොඳ පොස්ට් එකක්. දෙයක් ඉගෙනගත්තා.

    ReplyDelete
    Replies
    1. (o) ස්තුතියි රශී...සතුටක් ප්‍රයෝජනවත් යමක් ඉදිරිපත් කරන්න හැකිවීම ගැන

      Delete
  2. මේ post එක නම් ඇත්තටම සුපිරි...... සැහෙන දැනුමක් අවා..... thankx....

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: "මොකක්ද මේ ටොරන්ට් කියන්නේ? / What Is Torrenting?" Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top