ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Thursday, February 5, 2015

"Matrix Effect එකක් හදමුද?" (නෝට් පෑඩ් ෆන් 01)"


හරි එහෙනම් කස්ට්ටිය හම්බෙන්න මම ඔන්න ආයෙම ආවා.. දිගු නිහැඩියාවක් එක්ක ගොඩක් කාලයක් ඉදල ආපහු බ්ලොග් එක ලියන්න ඕන කියල හිතුන මට...
පොඩි ෆන්කි වැඩකින්ම වැඩ පටන් ගන්න ඕන කියල හිතුන මට.. :-)
 හොදයි එහෙනම් අපි වැඩේට බහිමු.. ඔන්න අද කියන්න හදන්නේ IMDb රේටින්ග් 8.7 තිබුන The Matrix (1999) -(නම උඩ ක්ලික් කරළා ඕන නම් ඩවුන්ලෝඩ් කරගන්න ඈ) කියන ෆිල්ම් එකේ එන පොඩි වැඩ කෑල්ලක් අපේ කොම් එකෙන් / ලැපෙන් කරන්නේ කොහොමද කියලා.. ඔයාල ෆිල්ම් එක බලල තියනවා නම් දැකල ඇති එකේ නිතරම කොළ පාට ඉෆෙක්ට් එකක් නිතරම පෙන්නවා.. අහ්හ් ඒක තමා :-P
මම කියන්නේ ඒක නෝට් පෑඩ් එකකින් හදන්නේ කොහොමද කියලයි.. හරිම ලේසි වැඩක් කරන්න තියෙන්නේ.. මෙන්න මෙච්චරයි,, මේ පහල තියන කෝඩ් ටික

@echo off
color 02
:start
echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
goto start

නෝට් පෑඩ් එකකට කොපි/පේස්ට් (Copy-Paste) කරගන්න ඊට පස්සේ Matrix.bat කියලා Save කරන්නකෝ..රයිට් Save කලාම හැදෙන bat එක Double Click කරලා ඕපන් කරන්නකෝ... බලන්නකෝ මොකද වෙන්නේ කියලා.. එහෙනම් කරලම බලන්න...
තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: "Matrix Effect එකක් හදමුද?" (නෝට් පෑඩ් ෆන් 01)" Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top