ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Saturday, June 7, 2014

“බුට්‌ ලෝඩර් මිසින් උන කොම් එක ෆෝමැට් නොකර ගොඩ ගන්නේ කොහොමද?

(100% සාර්ථක ක්‍රමය)” “How to Manually Repair Windows 7 Boot Loader Problems”


හොදයි බ්‍රෝස් & සිස් අද අපි කතා කරමු නිතරම අපේ කොල්ලෝ කෙල්ලෝ අව්ල් වෙන ප්‍රශ්නයක් ගැන.. අපි දන්නවා ඔයාගේ කොම් එකේ සමහරුන්ගේ මුළු ජීවිතේම තියනවා කියලා :P
කොහොමද එහෙම සම්පුර්ණ වැදගත් තොරතුරු තියන කොම් එකක ඔන් කරන කොට මෙහෙම වැටුනොත්..
(මෙහෙම වෙන්න සමහර වයිරස්/ ඒ වගේම ඔයාලගේ අතින් වින්ඩෝස් 32 සිස්ටම් ෆෝල්ඩරයට  සිද්ද වෙන හානි බලපානවා)



“Windows Boot Manager”
Windos Failed to starat. A recent hardware or software change might be cause. To fix the problem:

1.       Insert your windows installation disk and restart your computer.
2.       Choose your language settings, and then click “Next”
3.       Click “Repair your computer.” ඔන්න ඔහොම හෑලි වගයක් වැටිලා මෙහෙමත් ඇති ඔය බැලෑක් ස්ක්‍රීන් එකේ...

File: \Windows\System32\winload.exe
Status:OxcOOOOOOe

මෙන්න මේ මැසේජ් එක තමා වැදගත් , ඔය මැසේජ් එකේ තමා ඔය අව්ල තියන තැන තියෙන්නේ....
ඔන්න මම පහලින් දානවා ඔයා බයවෙන අව්ලේ ස්ක්‍රීන් ෂොට් එකක්


“හම්මේ ඉටින් කස්ටිය බය වෙන තරමක්” බය වෙන්න දෙයක් නෑ අපි ඉන්නවා නේ (මේ හු නා) :ඩ්

අපි දැන් බලමු මේ අව්ල කොහොමද නිරාකරණය කරන්නේ කියලා...

මුලින්ම ඔයාගේ කොම් එක බුට්‌ මෙනු එකට ගන්න... ඒ කියන්නේ වින්ඩෝස් 7 සිඩි එක හරි යුස්බි බුටබල් හරි තියන පෙන් ඩ්‍රයිව් එකක් හරි වින්ඩොව්ස් 7 මුලින්ම ඉන්ස්ටෝල් කරන්න එන මෙනු එකට ගන්නකෝ.
මේ තියෙන්නේ ඒක.. 


දැන් මම ඔය රතු පාටින් රව්මක් දාල තියන Repair your computer” කියන ඒක ක්ලික් කරන්න..
හරි දැන් මෙන්න මෙහෙම ඇවිත් ඇති


දැන් මේක රිපෙයා කාලා හරි දැන් බලමු වැඩ කෑල්ල.. 
දැන් තමා හොදම හරිය :පි
හරි මම පහලින් දාල තියන විදියට
CMD = Command Prompt
ක්ලික් කරන්න

හරි නේ ඉතින් එහෙම කාලා නම් එන කමාන්ඩ් බොක්ස් එකේ
මෙන්න මේ කෝඩ් ඒක වරදන්නේ නැතුව ටයිප් කරන්න.. ටයිප් කරලා එන්ටර් කරන්න (Press Enter)

bootrec /fixmbr (මේ කෝඩ් ඒක මාස්ටර් බුට්‌ රෙකෝඩ් එක අලුත් වැඩියා කරන්න,, ඒ කියන්නේ කලින් තිබුන ඔයාගේ බුට්‌ රෙකෝඩ් එක නැවත අලුත්වැඩියා කරන්න පුලුවන්ද බලන එක
ඔයා හරියට කෝඩ් එක ටයිප් කළා නම් මෙන්නේ මෙහෙම තියෙන්නේ


bootrec /fixboot (මේ කෝඩ් ඒක මාස්ටර් බුට්‌ රෙකෝඩ් එක අලුතීන් නිර්මාණය කරන්න,, ඒ කියන්නේ කලින් තිබුන ඔයාගේ බුට්‌ රෙකෝඩ් එක නෙමේ අලුත්ම බුට්‌ ලෝඩර් රෙකෝඩ් එකක් නිර්මාණය කරන්න) මෙහෙම මේ දෙකෙන් එකක් කලාම ඔයාගේ තිබුන අව්ල නැති වෙලා මෙන්න මෙහෙම වැටෙනවා
The operation completed successfully.




මම ඔය දුන්න ඔක්කොම අයිටම් කෝඩ් බලන්න පුළුවන් මෙන්නේ මෙහෙම ටයිප් කලාම 
bootrec /?



මෙන්න මේ වගේ.. බලන්න එතනින් මම දුන්නේ bootrec /fixboot කියන කෝඩ් එක දැන් මෙහෙම තියනවා නේද?  The operation completed successfully.




එහෙනම් ඔන්න වැඩේ ගොඩ,, දැන් වත් හිනා වෙන්න, තව පොඩ්ඩෙන් ෆෝමැට් එකක් ගහල දානවා නේද? ෆෝමැට් කරන්න දන්නේ නැති අය කඩේකට එහෙම දුන්න නම් එයාල කරන්නේ කෙලින්ම ෆෝමැට් කරන එක එතනම 800-1000 ඉවරයි..
(අයියෝ සල්ලි)
එහෙනම් ඔන්න අපි යන්න හදන්නේ.. මේකේ අව්ල තියන තැන් එහෙම තියනවා නම් කමෙන්ට් එකක් දාන්න...
ලයික් එකක් දාලම යන්න...එල එල ආ..


මම :- තරුක් ශෙනු එදිරිසුරිය





තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

2 ප්‍රතිචාර:

  1. Chamikara NayanajithJune 7, 2014 at 7:15 PM

    aiye post eka nam ela. btw oya kohomada boot manager eke screen shot ekak gaththe.

    ReplyDelete
  2. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා මල්ලියා ලගදීම මම කියල දෙන්නම් කොහොමද එහෙම කරන්නේ කියලා.. ඒකට පොඩි වැඩක් කරන්න තියෙන්නේ,, මේ වා නම් මම නෙට් ඒකෙන් හොයාගත්ත ඒවා මම දන්නවා කරන විදිය නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රශ්නට උත්තරයක්‌ සමග හමු වෙන්නම්..

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: “බුට්‌ ලෝඩර් මිසින් උන කොම් එක ෆෝමැට් නොකර ගොඩ ගන්නේ කොහොමද? Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top