ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Tuesday, August 4, 2015

'' VIPER " ඔයාගේ ස්මාර්ට් පෝන් එකේ සවුන්ඩ් සල සල ගාල වැඩි කරගන්න .

කොහොමද යාලුවනේ .. 
ටික දවසකට පස්සේ ඔන්න ආයෙම පොඩි දෙයක් ගැන කියන්න යන්නේ .මේක නම් අලුත් දෙයක් නෙවේ .. එත් මේක හරියට ගොඩ දාගත්තේ නැති අය ගොඩක් ඉන්න නිසා තේරෙන සිංහලෙන් කියල දෙන්න යන්නේ . එහෙනම් වැඩි කතා නැතුව ඔන්න වැඩේට බහිමු ...........


මෙම පහසුකම ස්ථාපනය කර ගැනීම සදහා ඔබගේ දුරකතනයේ රූට් පර්මිෂන් තිබිය යුතු වේ 
( FOR INSTALL VIPER AUDIO , 
YOUR DEVICE MUST BE ROOTED )
**************************************************

රූට් කරන හැටි බලන්න මෙතනට එන්න 
HOW TO ROOT YOUR DEVICE

මෙහිදී ඔබගේ දුරකතනයට යම් හානියක් සිදු වුව හොත් එහි වගකීම 
" අනාගතය රැගෙන පෙරටම " අඩවිය විසින් බාර ගනු නොලැබේ .
යාලුවනේ මෙතනදී මොකක් හරි අවුලක් වෙන්න තියන ඉඩ හරිම අඩුයි .
 නමුත් අපි කරන්නේ මග පෙන්වීම විතරයි .වගකීම ඔයාල අතේ 

හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු 

හරි ඉස්සල්ලම ඔයාලගේ android සංස්කරණයට අදාල වයිපර් සංස්කරණය පහතින් ඩවුන්ලෝඩ් කර ගන්න
මෙන්න මේක ගන්න 



ඊට පස්සේ ඔයාල ඩවුන්ලෝඩ් කර ගත්ත සිප් ගොනුව අන්සිප් කලාම මෙන්න මේ වගේ එකක් එයි 
( ZIP ගොනුව විවෘත කර ගැනීම සදහා WINRAR වැනි යෙදුමක් භාවිතා කරන්න ) 

WINRAR නැතනම් ඩවුන්ලෝඩ් කර ගන්න. ==> DOWNLOAD WINRAR 


ඊට පසුව ඔයාගේ android සංස්කරණයට අදාල වයිපර් සංස්කරණය ස්ථාපනය කර ගන්න 

ඉහත ආකාරයට යෙදුම ස්ථාපනය කර ගන්න , පස්සේ ඇප් එක ඕපන්  කර ගන්න . 
එතකොට  මෙහෙම අහයි .

එකේදී YES දෙන්න . එතකොට මෙහෙම අහයි.

මම නම් දුන්නේ සුපර් ඕඩියෝ කොලිටි.. ඔයාල කැමති එකක් දෙන්න . පස්සේ මෙහෙම අහයි .

එතැනදී OK දෙන්න . 
 සැලකිය යුතුයි. 
( ඔබේ දුරකතනයේ DUAL-CORE CPU නැතිනම් මෙම සුපර් ඕඩියෝ කොලිටි මට්ටම සුදුසු නැත.)

හරි , ඊට පස්සේ මෙන්න මෙහෙම රූට් පර්මිෂන් ඉල්ලයි . එක GRANT කරන්න 


පසුව දුරකථනය රිබුට් (RESTART)  කර ගන්න . 
***********************************

ඊට පස්සේ ඇප් එක ඕපන් කරගෙන මෙන්න විදියට ටික් දෙක දා ගන්න 




හරි දැන් තමා වැදගත් පියවර ටික තියෙන්නේ 
************
මෙන්න මේ සිප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගන්න  ===>  DOWNLOAD

 පස්සේ ඊක අන්සිප් කරගෙන පොන් මෙමරි එකේ පිටට දා ගන්න. පොල්ඩර් ඇතුලට දාන්න එපා .
( සිප් ගොනුව විවෘත කර ගැනීම WINRAR භාවිතා කරන්න ) 

ඔයාලේ ඒ පියවර හරියට කර ගත්තම මෙන්න මෙහෙම පෙනේවි 

හරි දැන් ඔතනින් අයින් වෙලා. අයිත් වයිපර් ඇප් එක ඕපන් කර ගන්න 

APP එකේ සෙටින් වලින් ලෝඩ් ඉෆෙක්ට් ප්රෝෆයිල්ස් වලට යන්න .

පස්සේ එන මෙනු එකෙන් ඔයාලට කමති කනට ගැලපෙන එකක් තොර ගන්න 

හරියට එක කර ගත්තට පස්සේ ඇප් එකේ තියනවා මෙන්න මෙහෙම එකක්. 

එකට ගියාම මෙන්න මෙහෙම මෙනු එකක් එයි. එකෙනුත් ඔයාලට කැමති එකක් තොර ගන්න .

එකත් ගොඩ දා ගත්තට පස්සේ ඔයා වයිපර් එක සෙටින් කරන ඉවරයි .

මම කියල දුන්නේ මෙකදී අවශ්‍ය ප්‍රදාන කාර්යන් ටික . තව ඉතීම් ඔය ඇප් එක අතපත ගාල ඔයාට ඕනි විදියට හදා ගන්න . 

අවසාන අදියර 
  මෙන්න මේ ටික ඔයා හරියට කර ගත්තම ඔයාට පට්ට සවුන්ඩ්ස් අත් විදින්න පුළුවන් 

පියවර එක . 
පොන් එකේ සවුන්ඩ්ස් කියන ඔප්ෂන් එකට යන්න 


පියවර දෙක 
මියුසික් ඉෆෙක්ට් කියන එකට යන්න 


පියවර තුන .
මියුසික් ප්‍රොෆයිල් එක ලෙස වයිපර් ෆෝ android තෝරන්න 


හරි දැන් වැඩේ ඉවරයි ..
 පොන් එක රිබුට් පාරක් එහෙම දාල අරන් සුපිරි සවුන්ඩ්ස් අත් විදින්න .
***************************************

පොස්ට් එක ලියපු මාව මුණ ගැහෙන්න මෙතනට එන්න 

අපේ ෆේස්බුක් සමුහය 









තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

5 ප්‍රතිචාර:

  1. මමත් කඩේකින් ඔය සල සල කියන ජාතිය ගෙනත් ගාලා බැලුවා පෝන් එකේ. ඒ වුනාට වැඩක් නෑ.

    ReplyDelete
  2. @anonymous .
    ඔයා කියන්නේ වයිපර් සාර්ථක නෑ කියල නම් ඔයා පියවර් ටික හරියට කරල නැ...

    කොහොම උනත් මේක සාර්ථක Sound Booster System එකක්..
    Good Post.

    ReplyDelete
  3. machan elaaa aa thawa hoda dewal liyapan super

    ReplyDelete
  4. Kemathi ewagenuth hoda ewa oyama kiyanawada bro..

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: '' VIPER " ඔයාගේ ස්මාර්ට් පෝන් එකේ සවුන්ඩ් සල සල ගාල වැඩි කරගන්න . Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top