Saturday, June 7, 2014

“බුට්‌ ලෝඩර් මිසින් උන කොම් එක ෆෝමැට් නොකර ගොඩ ගන්නේ කොහොමද?

(100% සාර්ථක ක්‍රමය)” “How to Manually Repair Windows 7 Boot Loader Problems”


හොදයි බ්‍රෝස් & සිස් අද අපි කතා කරමු නිතරම අපේ කොල්ලෝ කෙල්ලෝ අව්ල් වෙන ප්‍රශ්නයක් ගැන.. අපි දන්නවා ඔයාගේ කොම් එකේ සමහරුන්ගේ මුළු ජීවිතේම තියනවා කියලා :P
කොහොමද එහෙම සම්පුර්ණ වැදගත් තොරතුරු තියන කොම් එකක ඔන් කරන කොට මෙහෙම වැටුනොත්..
(මෙහෙම වෙන්න සමහර වයිරස්/ ඒ වගේම ඔයාලගේ අතින් වින්ඩෝස් 32 සිස්ටම් ෆෝල්ඩරයට  සිද්ද වෙන හානි බලපානවා)



“Windows Boot Manager”
Windos Failed to starat. A recent hardware or software change might be cause. To fix the problem:

1.       Insert your windows installation disk and restart your computer.
2.       Choose your language settings, and then click “Next”
3.       Click “Repair your computer.” ඔන්න ඔහොම හෑලි වගයක් වැටිලා මෙහෙමත් ඇති ඔය බැලෑක් ස්ක්‍රීන් එකේ...

File: \Windows\System32\winload.exe
Status:OxcOOOOOOe

මෙන්න මේ මැසේජ් එක තමා වැදගත් , ඔය මැසේජ් එකේ තමා ඔය අව්ල තියන තැන තියෙන්නේ....
ඔන්න මම පහලින් දානවා ඔයා බයවෙන අව්ලේ ස්ක්‍රීන් ෂොට් එකක්


“හම්මේ ඉටින් කස්ටිය බය වෙන තරමක්” බය වෙන්න දෙයක් නෑ අපි ඉන්නවා නේ (මේ හු නා) :ඩ්

අපි දැන් බලමු මේ අව්ල කොහොමද නිරාකරණය කරන්නේ කියලා...

මුලින්ම ඔයාගේ කොම් එක බුට්‌ මෙනු එකට ගන්න... ඒ කියන්නේ වින්ඩෝස් 7 සිඩි එක හරි යුස්බි බුටබල් හරි තියන පෙන් ඩ්‍රයිව් එකක් හරි වින්ඩොව්ස් 7 මුලින්ම ඉන්ස්ටෝල් කරන්න එන මෙනු එකට ගන්නකෝ.
මේ තියෙන්නේ ඒක.. 


දැන් මම ඔය රතු පාටින් රව්මක් දාල තියන Repair your computer” කියන ඒක ක්ලික් කරන්න..
හරි දැන් මෙන්න මෙහෙම ඇවිත් ඇති


දැන් මේක රිපෙයා කාලා හරි දැන් බලමු වැඩ කෑල්ල.. 
දැන් තමා හොදම හරිය :පි
හරි මම පහලින් දාල තියන විදියට
CMD = Command Prompt
ක්ලික් කරන්න

හරි නේ ඉතින් එහෙම කාලා නම් එන කමාන්ඩ් බොක්ස් එකේ
මෙන්න මේ කෝඩ් ඒක වරදන්නේ නැතුව ටයිප් කරන්න.. ටයිප් කරලා එන්ටර් කරන්න (Press Enter)

bootrec /fixmbr (මේ කෝඩ් ඒක මාස්ටර් බුට්‌ රෙකෝඩ් එක අලුත් වැඩියා කරන්න,, ඒ කියන්නේ කලින් තිබුන ඔයාගේ බුට්‌ රෙකෝඩ් එක නැවත අලුත්වැඩියා කරන්න පුලුවන්ද බලන එක
ඔයා හරියට කෝඩ් එක ටයිප් කළා නම් මෙන්නේ මෙහෙම තියෙන්නේ


bootrec /fixboot (මේ කෝඩ් ඒක මාස්ටර් බුට්‌ රෙකෝඩ් එක අලුතීන් නිර්මාණය කරන්න,, ඒ කියන්නේ කලින් තිබුන ඔයාගේ බුට්‌ රෙකෝඩ් එක නෙමේ අලුත්ම බුට්‌ ලෝඩර් රෙකෝඩ් එකක් නිර්මාණය කරන්න) මෙහෙම මේ දෙකෙන් එකක් කලාම ඔයාගේ තිබුන අව්ල නැති වෙලා මෙන්න මෙහෙම වැටෙනවා
The operation completed successfully.




මම ඔය දුන්න ඔක්කොම අයිටම් කෝඩ් බලන්න පුළුවන් මෙන්නේ මෙහෙම ටයිප් කලාම 
bootrec /?



මෙන්න මේ වගේ.. බලන්න එතනින් මම දුන්නේ bootrec /fixboot කියන කෝඩ් එක දැන් මෙහෙම තියනවා නේද?  The operation completed successfully.




එහෙනම් ඔන්න වැඩේ ගොඩ,, දැන් වත් හිනා වෙන්න, තව පොඩ්ඩෙන් ෆෝමැට් එකක් ගහල දානවා නේද? ෆෝමැට් කරන්න දන්නේ නැති අය කඩේකට එහෙම දුන්න නම් එයාල කරන්නේ කෙලින්ම ෆෝමැට් කරන එක එතනම 800-1000 ඉවරයි..
(අයියෝ සල්ලි)
එහෙනම් ඔන්න අපි යන්න හදන්නේ.. මේකේ අව්ල තියන තැන් එහෙම තියනවා නම් කමෙන්ට් එකක් දාන්න...
ලයික් එකක් දාලම යන්න...එල එල ආ..


මම :- තරුක් ශෙනු එදිරිසුරිය





Friday, June 6, 2014

"රුට් කරන්නේ කොහොමද?? රූට් කරනවා කියන්නේ මොකක්ද?

"රූට් ගැන සියල්ල එකම තැනක" 


මෙන්න මෙ ප්‍රශ්නෙ හැමෝගාවම තියෙනවනෙ.. මෙන්න අපි විසදුමක් දෙන්න යන්නේ සරලව හා පියවෙරෙන් පියවර.. (කොම් එකෙන් කරන හැටි මේ තියෙන්නේ,, ඉදිරි ළිපි වලින් අපි සාකච්ඡා කරමු ෆෝන් එකෙන්ම ෆෝන් එක රූට් කරන හැටි,,ඒක එච්චර සාර්ථක නම් නෑ,, අපි බලමුකෝ සාර්ථක ක්‍රමයක් :P )

අලුතෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගත්ත ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි
"මම ෆෝන් එක රූට් කරන්නද? එපාද?" 
කියන එක. සමහරක් අය රූට් කරනවා කියන එක ගැනවත් දන්නෙ නැ..... ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල මෙහෙයුම් පද්ධතියේ භාවිත කරන්නාට යම් කිසි සීමාවක් ඇතුව භාවිත කරන්න තමයි මූලික සැකසුම් තියෙන්නේ. ඒ කියන්නේ අපිට සිස්ටම් එක සම්බන්ධ ගොඩක් දේවල් කරන්න බෑ. රූට් කිරීමෙන් වෙන්නේ මේ තියන සීමා මායිම් ඔක්කොම නැති වෙන එකයි. ඒ කියන්නේ අපිට අපේ ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එකට අලුත් වැඩ කිඩ ගොඩක් දාන්න පුලුවන්. විශේෂ වැඩ කරන්න රූට් කරන්නම වෙනවා යාලුවනේ.. මොකද ගොඩක් යුසර් ෆ්‍රෙන්ඩ්ලි ඇන්ඩ්‍රොයිඩ් ඇපස් රූට් කිරීම අවශ්‍යයි කියල පර්මිෂන් ඉල්ලනවා (උදාහරණ විදියට:


01 Titanium Backup 
02 Root Explorer
03 Greenify
04 ROM Toolbox Pro
05 Superuser

06 ROM Manager

07 Juice Defender Ultimate
08 Tasker
09 GooManager
10 Full!Screen

Android Authority (Click The Name & Go Site) 
කියන ජනප්‍රිය වෙබ් අඩවිය කියන විඩියට මේ  තමයි ලොකේ තියන හොදම රූට් කල ෆොන් වලට භාවිතා කරන ඇප් 10
හරි අපි දැන් බලමු රූට් කිරිමේ පැන නගින පොදු ගැටලු, ඒ වගේම වාසි සහ අවාසි...

ෆෝන් එක රූට් කරන එක අනතුරුදායකද ?

මාත් මුලින්ම රූට් කරන්න බයෙන් හිටියේ. ඒත් කොහොම හරි අන්තිමේදි රූට් කරා. ගොඩක් දෙනෙක් ට තියන බය තමයි තමන්ගේ ෆෝන් එක බ්‍රික් වෙයි කියන එක. නමුත් රූට් කිරීමේදි බ්‍රික් වීමට ඉඩකඩ බොහෝ අඩුයි.
ෆෝන් එක රූට් කරන්නේ ඇයි? 
සරලව කියනවානම් ෆෝන් එකේ සම්පූර්ණ පාලනයම තමන්ගේ අතට ගන්න පුලුවන්.
රූට් කිරීමේ වාසි 
• රූට් කිරීමේන් ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක භාවිත කිරීමට තිබූ සීමා මායිම් නැතිව යනවා
• නිල නොවන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ දාන්න පුලුවන් (කස්ටම් රොම්). සමහර ෆෝන් වලට ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ශන් වල ඔෆීශියල් අප්ඩේට් දෙන්නේ නෑ. එතකොට කස්ටම් රොම් එකක් මගින් අලුත් සංස්කරණයක් ස්ථාපිත කිරීමට පුලුවන්. මේ සඳහා ෆෝන් එක රූට් කර තිබිය යුතුයි
• සමහර ෆෝන් වල ස්ක්‍රීන් ශොට් ගැනීමට රූට් කර තිබිය යුතුයි.
• ඇප්ස් ඉන්ස්ටෝල් වෙන්නේ ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි එකට. රූට් කිරීමෙන් මේ ඇප්ස් එස්.ඩී කාඩ් එකට ඉන්ස්ටෝල් කිරීමට පුලුවන්. (මට නම් මේක තමයි ලොකුම වාසිය)
• ප්‍රොසෙසරය ඔවර් ලොක්/ අන්ඩර් ලොක් කල හැකිය.
• මීට අමතරව තවත් මෙකී නොකී ගොඩාක් වාසි තියනවා
Life Hacker (Click The Name & Go Site) කියන වෙබ් අඩවිය කියන වාසි තමයි මේ තියෙන්නේ....



  • Truly Own Your Device
  • Flash a Custom ROM
  • Flash a Custom Kernel
  • Tweak the Dark Corners of Android
  • Remove Preinstalled Crapware
  • Back Up Your Phone for Seamless Transitions
  • Block Ads in Any App
  • Boost Your Phone's Speed and Battery Life
  • Automate Everything
  • Unlock Hidden Features and Install "Incompatible" Apps
අවාසි

• සමහර ෆෝන් රූට් කිරීමෙන් ඔෆීශියල් අප්ඩේට් කිරීමට නොහැකි වෙනවා.
• රූට් කිරීමෙන් ෆෝන් එකේ ස්පීඩ් එක අඩුවීමට හැකියි.
• හරියට රූට් කිරීම කරේ නැත්නම්, ෆෝන් එකේ අසාමාන්‍ය දේ විය හැක

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. රූට් කිරීමෙන් ෆෝන් එකේ වොරන්ටි නැතිවෙනවා, 
ඒ වගේම ඔබ ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත් නම්, 
මේක ටිකක් අවදානම් වැඩක්. එම නිසා රූට් කිරීමේදි ඉතාම සැලකිල්ලෙන් කල යුතුයි. 
දැන් යම් වැටහීමක් ඇති මම හිතන්නේ රුට් කියන්නේ මොකක්ද කියලා...
හරි දැන් අපි බලමු රූට් කරන්නේ කොහොමද? ඒ වගේම රූට් කරන්න භාවිතා කරන්නෙ මොනවද කියලා

අපි බලමු රූට් කරන්න යොදා ගන්න මෘදුකාංග (ලිස්ට් එකක්ම තියනවා සොෆ්ට් ඒක ගන්න නම උඩ ක්ලික් කරන්න ඈ.)

හරි දැන් මේකේ හොදම මෘදුකාංගය පාවිචි කරලා ෆෝන් එකක් රුට් කරන විදිය බලමු ඒ කියන්නේ මම (Vroot ගැන)

සෑම්සුන්ග් මන්දාකිනි (Samsung Galaxy) ,
සෝනි අත්දෑකීමා (Sony Experia) , 
හුආවී විකාර(Huwei GAGA) , 
HTC , 
Motorola වගේ ලන්කාවෙ වෑඩියෙන්ම තියන ඇන්ඩ්‍රොයිඩ් ෆොන්
 රූට් කරන්න පුලුවන්..

╬ දෑන් ඒක ඔයාගෙ කොම් එකට දාගන්න.
╬ ඔයාට මේකෙන් රූට් කරන්න කලින් ෆෝන් එකේ ඩ්‍රය්වර්ස් කොමට දාගන්න ඕනෙ ඔයාගෙ එකට ගෑලපෙන ඩ්‍රය්වර්ස් පහලින් ගන්න


╬ දෑන් ඔයාගෙ පෝන් එකේ settings>apps>development ගියම debugging කියල අති ඒක Enable 
කරන්න

╬ VRoot ඕපන් කරල ඔයාගෙ පෝන් එක කොමට සම්බන්ද කරන්න එතකොට ඔයාගෙ ෆෝන් එක ** විරුට්‌ එකෙන් අදුර ගනී

╬ දෑන් VRoot එකේ තියනව ROOT කියල ඒක Click කරන්න


╬ ඔන්න වෑඩේ හරි දෑන් ඔයාගෙ ෆෝන් ඒක රූට් වෙයි.. (එහෙම උනාම මෙන්න මෙහෙම වැටෙනවා)



╬ හරියටම රූට් උනා නම් පෝන් එකේ SUPER USER/VRoot කියල ඈප් එකක් install වෙලා ඈති 
හෆ්ෆා ෆට්ට දිග උනා නේ ලියන්න ගියාම.. හික්ස්.. ඔන්න එහෙනම් සම්පුර්ණ විස්තරය තියනවා පිළිවෙලට/පහසුවට/අව්ලක් නැතුවම කරන්න පුළුවන්.. අනිවා අව්ලක් තියනවා නම් කමෙන්ට් එකක් දෙන්න,පහලින් අපි රිප්ලයි කරනවා යාළු.. ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා මට.... එහෙනම් යන ගමන අපේ ෆේස් බුක් ෆෑන් පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න

මම තරුක් ශෙනු එදිරිසුරිය

"ඇන්ඩ්‍රොයිඩ් සහ වයිරස් ගාඩ්"


මට තිබුණ දැවෙන ප්රශ්නයක්, ඇන්ඩ්රොයිඩ් සහ වයිරස් ගාඩ් පිලිබදව. වෙබ් එකේ තිබුන දේවල් කියවල මම මගේ ප්රශ්න වලට උත්තර හොයාගත්තා. ඔයාලටත් වටිනව ඇති කියල හිතල මේ ටික දාන්නම්. :)



ප්රශ්නය : ඇත්තටම ඇන්ඩ්රොයිඩ් ෆෝන්/ටැබ්ලට් වලට වයිරස් ගාඩ් ඔනිද?

පිලිතුර : "නෑ"



ප්රශ්නය : ඇයි ඇන්ඩ්රොයිඩ් වලට වයිරස් යන්නේ නැත්තේ?

පිලිතුර : එකට  ටිකක් ලොකු පිලිතුරක් තියනව, Dalvik (ඩැල්වික්) නැමති ෆයිල් එක හා kernel (කනල්)  එකත් එක්ක සම්භන්ද දෙයක් (වෙන පොස්ට් එකක දාන්නම් ඒක ගැන ). නමුත් ඇන්ඩ්රොයිඩ් devices වල BUGS (බග්ස්) ඇති වෙන්න පුලුවන්, ඒවා වයිරස් ගාඩ් වලින් අල්ලන්න (Debug) කරන්න බැහැ.



ප්රශ්නය : එහෙනම් ඇයි Google Play-store (ගූගල් ප්ලේස්ටෝර්) එකේ විවිධ ජාති වලින් වයිරස් ගාඩ් තියෙන්නේ?

පිලිතුර : AVG, McAfee, Avast, Bitdefender, Kaspersky   ඇතුලු වයිරස් ගාඩ් වලින් යැපෙන ආයතන වල පැවැත්ම තහවුරු කරගන්න.



ප්රශ්නය : වයිරස් ගාඩ් නිසා ඇන්ඩ්රොයිඩ් ෆෝන්/ටැබ්ලට් වල බැටරිය බහිනවද?

පිලිතුර : ඔව්



ප්රශ්නය : වයිරස් ගාඩ් නිසා ඇන්ඩ්රොයිඩ් ෆෝන්/ටැබ්ලට් වල රැම් එක කනනවද?

පිලිතුර : ඔව්, ෆෝන් එක ස්ලෝ වෙනව.



ප්රශ්නය : එහෙනම් ඇයි තවත්...

පිලිතුර : ඔව්, දැන්ම වයිරස් ගාඩ් එක uninstall (රිමූ) කරල දාන්න.



තවත් කියනව නම් යාලුවනේ ඇන්ඩ්රොයිඩ් වලට ලියවුනු වයිරස් ගැන මේ වෙනකම් (2014/06/07) කිසිම ආරන්චියක් නැහැ.

"මේක ලියුවේ:ශානක මහකුබුර"

"ඩ්‍රොප් බොක්ස් කියන්නේ මොකක්ද? විස්තර ඇතුවම දැනගන්නකො"


ඩ්‍රොප් බොක්ස් කියන්නේ මොකක්ද කියලා අහපු ගොඩක් අය හිටියා මට ඉන්බොක්ස් කරලා ඇහුවා.. අපේ ගෘප් එකෙන් අහල තිබුන මෙන්න මේකට තමයි ඩ්‍රොප් බොක්ස් කියන්නේ...

මෙන්න මේකයි යාළුවා ඩ්‍රොප් බොක්ස් කියන්නේ:-
(මෙතන කොම් ඒකෙන් කරන විදිය/මොබයිල් ඒකෙන කරන විදිය දෙකම එකයි/ මොබයිල් එකට නම් ඩ්‍රොප්බොක්ස් ඇප් එකක් එනවා එක සෙටින් කරගන්න මේක වැදගත් වේවි) ඩ්‍රොප් බොක්ස් යනු ෆයිල් හොස්ටිං සේවාවකි.මෙයින් හිගා බයිට් 2ක ධාරිතාවක් නොමිලේ ලබා දේ.ඩ්‍රොප් බොක්ස් භාවිතා කරන්නේ නම්,තමන් වැඩ කරන ෆයිල්,ෆෝල්ඩර් ආදිය ෆ්ලෑෂ් ඩ්‍රයිව්(පෙන් ඩ්‍රයිව්)එකක රදවා වෙනත් තැනකට ගෙන යාමට අවශ්‍ය නැත.එමෙන්ම තමන්ගේ පරිගණකයට යම් හානියක් වුවද ඩ්‍රොප් බොක්ස් එක තුල ඇති ෆයිල් වලට හානියක් වෙන්නේ නැත.ඩ්‍රොප් බොක්ස් තුල ගබඩා කරන ෆයිල් ස්මාර්ට් ෆෝන් වැනි වෙනත් ජංගම උපකරණයක දී වුවත් භාවිතා කල හැකි වීම වාසියකි.
"යූසර් එකවුන්ට් සැකසීම"
ඩ්‍රොප් බොක්ස් සේවාව භාවිතා කරන්නට ඩ්‍රොප් බොක්ස් යූසර් එකවුන්ට් එකක් සකස් කරගත යුතුය.මේ සදහා පළමුව Dropbox වෙබ් අඩවියට පිවිස


Signup හරහා 

FrstName,
Last Name,
Email(ක්‍රියාකාරී ඊමේල් ලිපිනයක්,පාස්වර්ඩ් ලබාදී 
I agree to Dropbox terms සිලෙක්ට් කර Sign Up ක්ලික් කරන්න


මෙවිට ඩ්‍රොප් බොක්ස් වැඩසටහන ඩවුන්ලෝඩ් වේ.

පසුව එය මත ඩබල් ක්ලික් කර ඉන්ස්ටෝල් කර ගත යුතුය.
ඉන්ස්ටෝල් වෙන එක් අවස්ථාවක Drop Box Setup නමින් බොක්ස් එකක් open වෙයි.
දැන් මේ තුල ඇති ඔප්ෂන් දෙකෙන් I already have a Dropbox account යන්න තෝරා Next බට්න් එක ක්ලික් කරන්න.



මින් පසුව Log in to Dropbox ලෙස සටහන් පිටුවක් open වෙයි.දැන් එහි ඇති Email යන තැන ඩ්‍රොප් බොක්ස් එකවුන්ට් එක සකස් කල ඊමේල් ලිපිනයද,Password යන තැන ඩ්‍රොප් බොක්ස් සදහා දුන් පාස් වර්ඩ් එකද සදහන් කරන්න.මෙහි පහලින් ඇති Computer name යන තැන පරිගණකයේ නම සදහන් කර, Next බට්න් එක ක්ලික් කරන්න.


මෙවිට Upgrade your Dropbox ලෙස සටහන් පිටුවක් open වෙයි.මෙහිදී නොමිලේ ලබා දෙන සංස්කරණය භාවිතා කරන්නට නම් මෙහි ඇති 2GB යන්න select කර Next බට්න් එක ක්ලික් කරන්න.
.


මින් පසුව Chose Setup type නම් පිටුවේ Typical සිලෙක්ට් කර Next කරන්න..

අවසන් පියවරේදී Finish බට්න් එක ක්ලික් කල විට ඩ්‍රොප් බොක්ස් install වී අවසන් වෙයි


.
දැන් ඩෙක්ස්ටොප් එකේ dropbox icon එක දැක ගත හැක.


එමෙන්ම වින්ඩෝස් එක්ස්ප්ලෝරර් හරහාද පහසුවෙන් ඩ්‍රොප් බොක්ස් ෆෝල්ඩර් එක වෙත පිවිසීමට හැක.




මේ වෙත පිවිසුන විට Photos ලෙස ඉමේජස් කිහිපයක් ඇති ෆෝල්ඩර් එකක්ද, Getting Started ලෙස ඩ්‍රොප් බොක්ස් භාවිතා කිරීම පිළිබද විස්තර ඇතුලත් පී.ඩි.එෆ්.ෆයිල් එකක්ද දැකගත හැකිය.


දැන් මේ වෙතට තමන්ට අවශ්‍ය ඕනෑම ෆයිල් එකක් හෝ ෆෝල්ඩර් එකක් ඇද දමන්ට පුළුවන(හෝ කොපි කර පේස්ට් කරන්න.)එවිට එය තමන්ගේ ඩ්‍රොප් බොක්ස් account එක වෙතට අප්ලෝඩ් වනු ඇත.එමෙන්ම එම ෆයිල් එක හෝ ෆෝල්ඩර් එක තමාගේ පරිගණකයේ ඩ්‍රොප් බොක්ස් ෆෝල්ඩරයේද තියෙන නිසා එය ඕනෑ වෙලාවක අප්ඩේට් කිරීමටද පුළුවන.මෙම ෆයිල් එක තමන්ගේ පරිගණකය තුලදී වෙනස් කරන විට ඩ්‍රොප් බොක්ස් එකවුන්ට් එක තුල ඇති ෆයිල් එකද වෙනස් වෙයි.මෙහිදී සින්ක් පහසුකම භාවිතා වේ.එනිසා පරිගණකය අන්තර්ජාල සම්බන්ධ කොට නැති විටද ෆයිල් එක edit කරන්නට පුළුවන.නැවත අන්තර්ජාල සම්බන්ධතාව ලබා දුන් විට ෆයිල් එකෙහි කල වෙනස්කම් ඩ්‍රොප් බොක්ස් එකවුන්ට් එක තුලද අලුත් වෙයි.
යම් ෆයිල් එකක් හෝ ෆෝල්ඩර් එකක් ඩ්‍රොප් බොක්ස් එකවුන්ට් එකට අප්ඩේට් වෙමින් පවතී නම් ,එම ෆයිල් හෝ ෆෝල්ඩර් අයිකන් එක මත කුඩා නිල පැහැති රවුමක් දැක ගත හැක.ෆයිල් එක සම්පුර්ණයෙන් අප්ඩේට් වී ඇත්නම් ෆයිල් එක මත හෝ ෆෝල්ඩර් එක මත කොළ පැහැති රවුමක් දැකිය හැක..
මේ ආකරයෙන් ඩ්‍රොප් බොක්ස් ඉන්ස්ටෝල් කරගෙන භාවිතා කරන තනි ඊ මේල් ලිපිනය හා පාස්වර්ඩ් භාවිතා කර,තවත් පරිගනකයක ඩ්‍රොප් බොක්ස් ඉන්ස්ටෝල් කර ඇත්නම්,එම පරිගණක දෙකෙන්ම ඩ්‍රොප් බොක්ස් ෆෝල්ඩරය තුලට දමනු ලබන ෆයිල් ,පරිගණක දෙකේදීම භාවිතා කල හැකිය.ඒ ආකාරයෙන් පරිගණක කිහිපයකදී වුවද එකම ඩ්‍රොප් බොක්ස් ගිණුමක් භාවිතා කරන්නට පුළුවන.එනම් මෙය විකල්ප ෂෙයාරින්( Sharing) ක්‍රමයක්ද වෙයි.


"ඔන් ලයින් ඩ්‍රොප් බොක්ස් ගිණුම භාවිතා කිරීම"


ඩ්‍රොප් බොක්ස් ඉන්ස්ටෝල් කර නැති පරිගනකයකදී හෝ ස්මාට් ෆෝන් වැනි ජංගම දුරකතනයකදී ඩ්‍රොප් බොක්ස් ගිණුමේ ෆයිල් භාවිතා කිරීමට අවශ්‍ය නම් ඔන් ලයින් ඩ්‍රොප් බොක්ස් ගිණුම තුලින් එය පහසුවෙන් කල හැක.මේ සදහා dropbox.com වෙත පිවිස sign in හරහා ඇතුළු වන්න.මෙහිදී දැක ගත හැකි වන්නේ ඩ්‍රොප් බොක්ස් හෝම් පේජ් එකයි.එහි ඉහල වම පසින් ඇති Dropbox නම් ලින්ක් එක ක්ලික් කර මෙම මුල් පිටුවට පිවිසීමට හැක.අපගේ ඩ්‍රොප් බොක්ස් ගිණුම තුල ඇති සියලුම ෆයිල් හා ෆෝල්ඩර් මෙම හෝම් පේජ් එක තුලදී පෙන්වයි.
මෙම ඔන්ලයින් ඩ්‍රොප් බොක්ස් රක් තුල අලුතින් ෆෝල්ඩර් එකක් සැදීමට අවශ්‍ය නම් ඩ්‍රොප් බොක්ස් ගිණුමේ දකුණු පස ඉහලින් ඇති New folder නම් ලින්ක් එක ක්ලික් කර නමක් ලබාදී,එම ෆෝල්ඩර් එක තුලට පිවිසිය හැක.
එසේම upload අයිකන් එක ක්ලික් කර ෆයිල් අප්ලෝඩ් කරන්නට පුළුවන.




අවශ්‍ය ෆයිල් එක හෝ ෆෝල්ඩර් එක download කිරීමට එම ලින්ක් එක මත right click කර download ක්ලික් කිරීමෙන් පරිගණකයේ download ෆෝල්ඩර් එකට download කර ගත හැක.එසේම delete කරන්නටද පුළුවන.මෙසේ ෆයිල් එකක් හෝ ෆෝල්ඩර් එකක් මකා දැමූ පසු එය යොමු වන්නේ ඩ්‍රොප් බොක්ස් එක තුල ඇති රීසයිකල් බින් එකටය.එතැනදී මේවා විමසා බැලීමට අවශ්‍ය නම් ඔන් ලයින් ඩ්‍රොප් බොක්ස් ගිණුමේ දකුණු පස ඇති Hide deleted files නම් බට්න් එක ක්ලික් කල යුතුය.මෙවිට හයිඩ් කර ඇති ෆයිල් පෙන්වන ආකාරයට ලා පැහැයෙන් මකා දැමූ ෆයිල් පෙන්වනු ඇත.මෙහිදී ඒවා නැවත ලබා ගන්නට නම් ඒ මත right click කර ලැබෙන මෙනුවෙන් Restore යන්න ක්ලික් කල යුතුය.එසේ නැතුව අදාළ ෆයිල් ස්ථිරවම ඉවත්කරන්නට නම් ,ඒ මත රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවෙන් Permanently delete යන්න තෝරා දිය යුතුය.


මේ වෙබ් අඩවිය සපයන සේවාව පොඩි දෙයක් නෙවේ,Facebook , Apple ,Google වගේ ලොකු ආයතන සමග පොඩි පොඩි සම්බන්ධකම් තියෙනවා.
"උදාහරණයක් විදියට කිව්වොත්,"
Apple iPhone එකේ back up එක සේව් කරගන්න දෙන්නේ Drop box site එකට .
facebook එකේ ෆයිල් save කරගන්න දෙන්නේ Drop box එකට .
තව gmail වල ෆයිල් සේව් කරන්න දෙන්නේ Drop box වල.
අන්න ඒ නිසා මේ ආයතනය සුළු ලෙස සලකන්න හොද නැ .


එහෙනම් ඔන්න ඩ්‍රොප් බොක්ස් ඒක ගැන දැනුවත් නේ.. සමහර කරුණු අන්තර්ජාලයෙන් උපුටා ගත්ත ඒවා.. හොදයි එහෙනම් ආයේ ෆයිල් ෂෙයරින් ක්‍රම ගැන ලිපියකින් හමු වෙමු... කමෙන්ට් එකක් දාගෙනම යන්න එහෙනම්,, ඇයි ෆෑන් පේජ් ඒක ලයික් කරන්නත් තියනවා නේ,,, හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් එලස්... එහෙනම් ඔන්න මම කැපුන


මම:-තරුක් ශෙනු එදිරිසූරිය
 —

"ආදරණීය ඔබ සැම සතුටින් පිළිගනිමු"!!! (ඉස්තූතී සැමටම)


මුලින්ම අපේ අඩවියට ගොඩ වෙන ඔයාලට හිස නමා අචාර කරන ගමන්ම පුංචි හැදින්වීමක් කරන්නම්,,
ගොඩක් කාලෙක ඉදන් හිතේ තිබුන ප්‍රාර්ථනාවක් සපල උනා කියලා දැනෙන කොට පුංචි ආඩම්බරයක් දැනෙනවා හිතට..බ්ලොග් එකක් කරන්න ඕන කියලා මට මුලින්ම හිතුනේ ෆේස්බුක් වෙබ් අඩවියේ අපේ ගෘප් එක ට ගාලාගෙන එන ඔබේ ගැටළු වලට තවත් පුළුල් විදියට උත්තර දෙන්න සහ මගේ දැනුම වැඩි කරගන්න ඕන කියන අදහස නිසා.. ඒ වගේම කියන්න ඕන මේ මම ලියන මුල්ම පොස්ට් එක අඩු පාඩු වැරදි තියනවා නම් සමාවෙන්න...තාක්‍ෂණය මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් කරලා තියන අවදියක අපි නව තාක්ෂණික ක්‍රම වේදයන් හදාරnna ඕන කියන එකයි මගේ මතය.. ඒ වගේම ශ්‍රීලාංකිකයා දැනුමින් සන්නද්ධ කිරීම මගේ එකම අරමුණයි!! ඒක නිසාම මම මේ අඩවියේ
"අන්තර්ගතය"

01 පරිගණක
02 ඇන්ඩ්‍රොයිඩ්
03 හැකිං
04 ෆොටෝෂොප්
05 මෘදුකාංගය
06 ඊ-මනි
07 බ්ලොගින්
08 ඇන්ඩ්‍රොයිඩ් ඇප්
09 නෙට්වර්කින්
10 ෆේස්බුක් වැඩකෑලි
11 ඉන්ටර්නෙට් වැඩකෑලි
12 පිටසක්වළ ජිවය
13 නව තාක්ෂණය
14 ජොබ් වේකන්සි
15 වෙනත්

කියන මාතෘකාවන් යටතේ කතා කරන්න අපි ලෑස්ති.. මුලිකවම මේ වෙලාවේ මතක් කරන්න ඕන මගේ සහෝදර ඇඩ්මින් වරයා.. "ශානක මහකුබුර" ඔහුත් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක්,,ඒ වගේම මගේ ලගම මිතුරෙක්, එම නිසාම ඔහුත් මේ ගමන සදහා මා සමග නිබදව සිටි බව මතක් කල යුතුයි..මම අඩවිය නිර්මාණය කිරීමේදී ඇති වූ යම් ගැටළු ඔහුගේ දායකත්වය නිසා සාර්ථකව නිරාකරණ කළ බව සතුටින් දන්නවා සිටිමු,, ඒ වගේම සෑම කටයුත්තකදීම මා දිරිමත් කරමින් මා ළගින් සිටි මා ආදරණීය “ඔෂි” සිහිපත් කරන්නේද සතුටිනි,,,,තවද මගේ ෆේස්බුක් අඩවියේ මිතුරන් වී සිටින මිතුරන් විශාල ප්‍රමාණයක් මා දිරිමත් කල බව මතක් කල යුතුයි.. එයින් කිහිප දෙනෙකු අතර


01 තිලින නුවන් (සහෝදර ඇඩ්මින් වරු ෆේස්බුක් ගෘපයහි)
02 මාස් සයිඩ් (සහෝදර ඇඩ්මින් වරු ෆේස්බුක් ගෘපයහි)
03 රේමා
04 සිහිල් සුලක්කන
05 වයි.ස් යොහාන්
06 රුවන් සමරසිංහ
07 චාන් චන්දන
08 සිත් රුල්ස්
09 ලසිත් උදයංග
11 නුවන් මදුරංග
12 රුවන් සමරසිංහ
13 සචින් මදුවන්ත
14 පමිත්‍ර දිසානායක
15 ජනිත මදුරංග
16 හිමේෂ් ෆ්රනාන්ඩෝ
18 අනුහස් අබිශේක සේනානායක
19 තරිදු ශ්‍රී ජයසුන්දර

එමෙන්ම නම් මතක් කරන්න බැරි උන විශාල ප්‍රමාණයක් සිටින බව ඉස්තූතී පුර්වකව සිහි කල යුතුයි.. සියළු දෙනාගේම නම් ප්‍රකාශ කිරීම අපහසු බව කරුණාවෙන් මතක් කර සිටිමි.. ඔබත් සමග දිගු ගමනක් යාමට අපේක්ෂා කරන අතර අප සමග නිරන්තරයෙන් සිටින ලෙසට ඉල්ලා සිටිමි,,,,, නිරන්තරයෙන් අලුත් වන ලෝකයේ සැබෑ තතු ඔබ වෙත ගෙන ඒමට අප බැදී සිටි.. ශානක සතු මානා දැනුමත් මා සතු දැනුමත් ඔබේ අදහස් සහ චෝදනාත් උපයෝගී කර ගනිමින් දිගු ගමනක ආරම්භය මෙසේ තබන්නෙමු.. දිනක යහපත් ලොවක අරුනළු දකින තුරු අපි ඔබ සමග සිටින්නෙමු.. සියළු දෙනාටම ඉස්තූතිය පුද කරමි!! සියළු දෙනාටම අප හා සම්බන්ද වන සමාජ වෙබ් අඩවි පහතින් සටහන් කරමි!
මම “තරුක් ශෙනු බණ්ඩාර එදිරිසූරිය”

01 “තරුක් ශෙනු බණ්ඩාර එදිරිසූරිය” (ඇඩ්මින්)
-ස්කයිප්- (tharuk.bandara)



02 ශානක මහකුබුර (ඇඩ්මින්)
-ස්කයිප්- (shanka.mahakubura)


එහෙනම් ජය වේවා!





Scroll to Top