ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Wednesday, April 22, 2015

සිහිනය

කතාව පටන් ගන්න කලින් පොඩ්ඩක් මගේ ගැන කිව්වොත් හොදයි හිතනවා .මම තරිඳු නුවන් චතුරංග. ජාතික ව්‍යාපාර හා කළමණාකාරිත්ව විද්‍යාතනයේ (NSBM) පරිඝණක විද්‍යාව පිළිබඳ තෙවන වසර උපාධිය හදාරන අතර මෘදුකාංග ඉන්ජිනෙරුවරයෙක් වශයෙන් කටයුතුකරනවා. අහ් තව දෙයක් මේ මගේ පලවෙනි පොස්ට් එක. මාව බ්ලොග් එකට සම්බන්ද කරගත්ත දුලාන් මල්ලිටත් තාරුක් අයියාටත් ස්තුතියි.


ජිවිතේ අපි හැමෝටම හීන තියෙනවා . හුඟ දෙනෙක් මේ සිහින යථාර්ථයක් කරගන්න බැරුව ඒවා සිහින විදියටම බොද වෙලා යන්න දීලා බලාගෙන ඉන්න්වා. මෙ සිහින අතරේ අපි මුලින්ම පාසල් ගිය දවස් වලම අපෙන් අම්මලා,තාත්තලා, නෑදෑයෝ අහන පොදු ප්‍රශ්නයක් තමයි, ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියලා. ඉතින් අපේ පොදු උත්තරය තමයි, දොස්තර කෙනෙක්,නැත්නම් ඉන්ජිනෙරුවරයෙක් කියන එක. හොදයි. කාලය අපිටත් හොරෙන් ගත වෙලා සාමාන්‍ය පෙළ එහෙමත් කරනවා, හැබැයි ඒ වෙනකොට අර මුලදි කිව්ව සිහිනය හුඟක් අය ගාව නෑ. සමහර අයට වෙන වෙන සිහින තියෙනවා.තවත් අයට ඒ වෙනකොටත් තමන් ඉස්සරහට කරන දෙයක් ගැන අදහසක් නෑ.

ඉතින් යාලුවො කරන දේම කරන්න ගිහින් ඇන ගන්න අයත් ඉන්න්වා ඕනේ තරම්. ඔයා ගැන දන්නේ ඔයා මිසක් වෙන අය නෙවෙයි. ඉතින් ඔයා පරිගණක තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන කෙනෙක් නම් මම දැන් කතාකරන්නේ ඔයාට.

ඔයාට ඔයා කැමති පැත්තෙන් ඉදිරියට යන්න හොද අවස්තා තියෙනවා. පරිගණක තාක්ෂණය එහෙමත් නැත්නම් තොරතුරු තාක්ෂණය කියනේ හැමදාම අලුත් වෙන, සීමාවක් හිතාගන්න බැරි විශයක්. දැන් කවුරුහරි හිතයි තොරතුරු තාක්ෂණය ගැන මම මොකුත් දන්නේ නෑ , ඉතින් කැමති වුනත් කොහොමද මෙකෙන් ඉදිරියට යන්නෙ කියලා.හැබැයි මම ඔයාට කිව්වොත් ඔයාට ඕනේ වෙන්නෙ කැමැත්ත සහ කැපවීම විතරයි කියිලා ඔයා සමහරවිට පිලිගන්න එකක් නෑ. නමුත් එක තමයි ඇත්ත.මට සිහිනයක් තිබුනා මෘදුකාංග ඉන්ජිනේරුවරයෙක් වෙන්න .ඒත් මම උසස් පෙළ කරේ වාණිජ අංශයෙන් . උසස් පෙළ නම් ගොඩ දාගත්තට කැම්පස් යන්න තරම් ලකුණු මදි. ඒ දවස් වල මම හිතුව දෙයක් තමයි මට ඕනේ මෘදුකාංග ඉන්ජිනේරුවරයෙක් වෙන්න, ඉතින් උසස් පෙළ නිකන් පාස් වෙන්න කරානම් ඇති කියලා.ඒ මම හිතුව විදිය. තව කෙනෙක්ට පුලුවන් මහන්සි වෙලා පාඩම් කරලා කැම්පස් ගිහින් මේ සිහිනය සැබෑ කරගන්න. එත් මම කතා කරනනේ අලුත් දෙයක් කරන්න පුලුවන් , නමුත් එක තැනක හිර වෙලා ඉන්න අයට. හිතන්න , ස්ටීව් ජොබ්ස් , බිල් ගෙට්ස් වගේ අය ගැන. ඒ අය තමන්ගේ ජීවිත ඒ ඒ තත්ව වලට අරගෙන ආවේ තමන් කරපු දේට ආදරය කරපු නිසා.

ඉතින් මම කියන්නේ ඔයාගෙ සාමාන්‍ය පෙළ , උසස් පෙළ ඔයා මොන දේ කරලා දැන් හිටියත් ඔයාට ජිවිතේ ජය ගන්න තාම අවස්තාව තියෙනවා.  අපේ රටේ පරිඝනක තාක්ෂණය ගැන ඉගෙන ගන්න ගොඩක් හොද රජයේ සහ පවුද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා. මමත් ඒ වගේ තැනක තවම 3 වෙනි වසර උපාධිය හදාරන කෙනෙක්. ඒ වගේම මගේ සිහිනය දැනටම සැබෑ කරගෙන සිටින කෙනෙක්. ඉතින් මම කියන්නෙ අදම පටන් ගන්න. එන්න අපේ ලංකාව තාක්ෂණයෙන් සවිමත් කරමු. අපි හිතනවට වඩා සැබෑ දක්ශයන් මේ රටේ ඉන්නවා.

සිහිනය දිගේ තවමත් ඉදිරියට ඇදෙන මම - තරිඳු නුවන් චතුරංග
තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

5 ප්‍රතිචාර:

  1. (h) සිංහල බ්ලොග්කරුවන්ගේ ජීවිතයට ඇතුලත් වුනු සහෝදර ඔබට ඉස්තුති ඒ වගේම දිගු ගමනකට ආශිර්වාද කරනවා.. "අනාගතය රැගෙන පෙරටම" අඩවියේ ඇඩ්මින් පැනලය වෙනුවෙන්... cheer

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරුක් අයියා

      Delete
  2. මමත් පරිගණක ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යන්න ගොඩාක් හීන දකින කෙනෙක්..තව තව විස්තර දාන්නකො
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් .. ඉදිරියේදි තවත් විස්තර ලබා දෙන්නම්

      Delete
  3. ඕක මගෙත් සිහිනය අයියේ... ජය වේවා ... දිගටම ලියමු . හැම කෙනාවම තාක්ෂණයේ ඉහලම තැනට ගෙන්න අපිට කරන්න පුළුවන් දේ අපි උපරිමව කරමු

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: සිහිනය Description: Rating: 5 Reviewed By: Tharindu Chathuranga
Scroll to Top