සුබ දවසක් යාලුවෝ හැමෝටම .
අද නම් ලියන එක වටින්නේ කොරියන් ඔරිජිනල් S3 පොන් තියන අයට.
හරි එහෙනම් මෙන්න මේකයි වැඩේ .
මෙය SHV E210S දුරකථනය මත සාර්ථකව ක්‍රියාත්මක වන ලදී
( මෙහිදී ඔබේ දුරකතනයට යම් හානියක් වුව හොත් එහි වගකීම ඔබ සතුවේ )
SHV -E210S දුරකථනය ANDROID 4.4.4 අප්ඩේට් කිරීම
ඔබේ දුරකනය වෙත නිල ANDROID කිට් කැට් සංස්කරණය නිකුත් වී ඇත.
මෙය ඔබට සම්සුන්ග් කියිස් හරහා මෙන්ම ODIN මෘදුකාංගය මගින් ද අප්ඩේට් කර ගත හැක .
මේ සදහා වැඩි විස්තර දන ගැනීමට මෙතනට පිවිසෙන්න
( මෙය දැනටමත් බොහෝ S3 පරිශීලකයන් විසින් යාවත්කාලින කරගෙන ඇති අතර මේ පිලිබදව දැනුවත් නොවූ ය සදහා මෙසේ සටහන් කරතබමි ).
SHV E210S මත TWRP ටච් රිකවරි ය ස්ථාපනය කිරීම
හරි මෙහෙමයි වැඩේ කරන්නේ
1. ODIN වර්ෂන් 3.04 ඩවුන්ලෝඩ් කර ගන්න
ODIN එක ඩවුන්ලෝඩ් කර ගන්න පහල කිල්ක් කරන්න
2.දැන් GT I9300 සදහා වන TWRP එක ගන්න . ( මෙය SHV E 210 S ) මත ද ක්‍රියාත්මක වේ
TWRP එක ඩවුන්ලෝඩ් කර ගන්න පහල ක්ලික් කරන්න
3.දැන් පොන් එක ඩවුන්ලෝඩ් මෝඩ් එකට ගන්න .
( පොන් එක off කරලා power+volume down + home බටන් එකවර ඔබන් හිටියම වොර්නින් එකක් එයි . කහ පාට ත්‍රිකෝණයක් එක්ක . එතැනදී volume up බටන් එක ඔබන්න ) දැන් ඔයා ඩවුන්ලෝඩ් මෝඩ් එකේ .
ඔයාට එතකොට පොන් එක මෙහෙම පෙනේවි
4. ඊළගට කොම්පියුටර් එකෙන් odin ක ඕපන් කර ගන්න . මේ වගේ
5.දැන් පොන් එක ඩේටා කේබල් එකෙන් කොම්පියුටර් එකට සම්බන්ද කර ගන්න .
නිවැරදිව සම්බන්ද වෙලා නම් odin එකේ මෙන්න මෙහෙම පෙනේවි .
6. දැන් ඔය PDA කියන තැනට අර ඩවුන්ලෝඩ් කර ගත්ත TWRP රිකවරි එක දෙන්න .
මෙන්න මේ වගේ
7. දැන් ඔය START කියන එක ඔබල බලන් ඉන්න . ටික වෙලාවක් ගියාම මෙහෙම වැටෙයි .
හරි දැන් පොන් එක රිබුට් වෙයි .
හරි දැන් ඔන්න රිකවරි එක ෆ්ලෑෂ් කරල ඉවරයි .
පියවරින් පියවර කියල දුන්නේ හැමෝටම තේරුම් ගන්න පහසු වෙන්න .
SHV E210S ROOT කිරීම .
හරි මුලින්ම මෙන්න මේ ZIP ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගෙන SD කාර්ඩ් එකට ද ගන්න .
(ෆෝල්ඩර් ඇතුලට නම් දාන්න යන්න එපා .මතක ඇතුව නිකන් SD එකේ පිටට දාගන්න )
ZIP ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගන්න පහල ක්ලික් කරන්න .
හරි දැන් පොන් එක රිකවරි මෝඩ් එකට ගන්න .
( පොන් එක OFF කරලා VOLUME UP+POWER+HOME බටන් එකපාර ඔබා ගෙන ඉන්න )
එතකොට රිකවරි මොඩ් එකෙන් ඕන් වෙනවා
එතකොට මෙහෙම පෙනේවි
දැන් ඔය ඉන්ස්ටෝල් කියන තැන ටච් කරලා ඔයා අර SD කාර්ඩ් එකට දා ගත්ත ZIP ෆයිල් එක තෝරලා ෆ්ලෑෂ් කරලා දාන්න ... ඊට පස්සේ රිබුට් කරන්න . දැන් සාර්ථකව පොන් එක රූට් වෙලා.... :)
ඔයාට එක තහවුරු කරන්න පුළුවන් රූට් චෙකර් අප එක දාගෙන
හරි ඔන්න එහෙනම් සරලව වැඩේ කියල දුන්න .
මම දුලාන් සඳරුවන්
මොකක් හරි ගැටළුවක් තියනවා නම් මම මෙතන ඉන්නව.
ෆේස්බුක් එකේ මාව මුණ ගැහෙන්න
මෙතනට එන්න.
අපේ ANDROID උපකාරක සමුහය
හරි එහෙනම් යාලුවනේ අද කියල දීපු දේ ගැන සමහර විට ඔයාල දන්නවා ඇති. නමුත් නොදන්නා අය වෙනුවෙන් තමා මේ ලිපිය ලිවේ .. අපේ මහන්සියට අරුතක් ලැබෙන්නේ ඔයාල මේකෙන් යමක් ගත්ත නම් . අපේ උත්සහය ගැන ඔයාලට හිතෙන දේ කොමන්ට් කරලා යන්න .