"වින්ඩෝස් 7 Run Command (01 කොටස)"


හොදයි යාලුවනේ මම අද කොටස් වශයෙන් දෙන්න සුදානම් කරපු රන් කමාන්ඩ් ලිස්ට් එකේ පලවෙනි පියවර තමා මේ අරගෙන ආවේ.. 
මුළින්ම රන් කමාන්ඩ් මෙනු එක ගන්නේ කොහොමද කියලා බලමු

හරිම ලේසි මෙන්න මෙහෙම

ඔය උඩින් තියන Key දෙක එක වර Press කරද්දී මෙන්න මෙහෙම එනවා ඒකෙ තමා මම කියන මේ Command ටයිප් කරන්නේ


රන් කමාන්ඩ් ගොඩක් ප්‍රයෝජනවත් බව ඔයාල දන්නවනේ.. මම කියන්නම් රන් කමාන්ඩ් වලින් ගොඩක්ම ප්‍රයෝජනවත් රන් කමාන්ඩ් එක,, එතකොට ඔයාට අදහසක් එයි මොනවද මේ කියල

මෙන්න මේ කමාන්ඩ් එක ඔයාල නිතරම පාවිචි කරනවනේ %temp% මේකෙන් වෙන්නේ ඔයාගේ කොම් එකේ තියන ටෙම්පරි ෆයිල් ක්ලීන් කරන එකනේ


හොදයි එහෙනම් අදහසක් එන්න ඇති නේ මෙන්න මේ ප්‍රොග්‍රම් වලට යන්න යොදන වගේ ෂෝර්ට් කෝඩ් ලිස්ට් එක මෙන්න


Accessibility Controls - access.cpl

Add Hardware Wizard - hdwwiz.cpl

Add/Remove Programs - appwiz.cpl

Administrative Tools - control admintools

Automatic Updates - wuaucpl.cpl

Bluetooth Transfer Wizard - fsquirt


Calculator - calc

Certificate Manager - certmgr.msc


Character Map - charmap
Check Disk Utility - chkdsk

Clipboard Viewer - clipbrd

Command Prompt - cmd

Component Services - dcomcnfg

Computer Management - compmgmt.msc

Date and Time Properties - timedate.cpl

DDE Shares - ddeshare

Device Manager - devmgmt.msc

Direct X Control Panel (If Installed)* - directx.cpl

Direct X Troubleshooter - dxdiag

Disk Cleanup Utility - cleanmgr

Disk Defragment - dfrg.msc

Disk Management - diskmgmt.msc

Disk Partition Manager - diskpart

Display Properties - control desktop

Display Properties - desk.cpl

Display Properties (w/Appearance Tab Preselected) - control color

Dr. Watson System Troubleshooting Utility - drwtsn32

Driver Verifier Utility - verifier

Event Viewer - eventvwr.msc

File Signature Verification Tool - sigverif

Findfast - findfast.cpl

Folders Properties - control folders

Fonts - control fonts

Fonts Folder - fonts

Free Cell Card Game - freecell

Game Controllers - joy.cpl

Group Policy Editor (XP Prof) - gpedit.msc

Hearts Card Game - mshearts

Iexpress Wizard - iexpress

Indexing Service - ciadv.msc

Internet Properties - inetcpl.cpl

IP Configuration (Display Connection Configuration) - ipconfig /all

IP Configuration (Display DNS Cache Contents) - ipconfig /displaydns

IP Configuration (Delete DNS Cache Contents) - ipconfig /flushdns

IP Configuration (Release All Connections) - ipconfig /release

IP Configuration (Renew All Connections) - ipconfig /renew

IP Configuration (Refreshes DHCP & Re - Registers DNS) - ipconfig /registerdns

IP Configuration (Display DHCP Class ID) - ipconfig /showclassid

IP Configuration (Modifies DHCP Class ID) - ipconfig /setclassid

Java Control Panel (If Installed) - jpicpl32.cpl

Java Control Panel (If Installed) - javaws

Keyboard Properties - control keyboard

Local Security Settings - secpol.msc

Local Users and Groups - lusrmgr.msc

Logs You Out Of Windows - logoff

Microsoft Chat - winchat

Minesweeper Game - winmine

Mouse Properties - control mouse

Mouse Properties - main.cpl

Network Connections - control netconnections

Network Connections - ncpa.cpl

Network Setup Wizard - netsetup.cpl

Notepad - notepad

Nview Desktop Manager (If Installed) - nvtuicpl.cpl

Object Packager - packager

ODBC Data Source Administrator - odbccp32.cpl

On Screen Keyboard - osk

Opens AC3 Filter (If Installed) - ac3filter.cpl

Password Properties - password.cpl

Performance Monitor - perfmon.msc

Performance Monitor - perfmon

Phone and Modem Options - telephon.cpl

Power Configuration - powercfg.cpl

Printers and Faxes - control printers

Printers Folder - printers

Private Character Editor - eudcedit

Quicktime (If Installed) - QuickTime.cpl

Regional Settings - intl.cpl

Registry Editor - regedit

Registry Editor - regedit32

Remote Desktop - mstsc

Removable Storage - ntmsmgr.msc

Removable Storage Operator Requests - ntmsoprq.msc

Resultant Set of Policy (XP Prof) - rsop.msc

Scanners and Cameras - sticpl.cpl

Scheduled Tasks - control schedtasks

Security Center - wscui.cpl

Services - services.msc

Shared Folders - fsmgmt.msc

Shuts Down Windows - shutdown

Sounds and Audio - mmsys.cpl

Spider Solitare Card Game - spider

SQL Client Configuration - cliconfg

System Configuration Editor - sysedit

System Configuration Utility - msconfig

System File Checker Utility (Scan Immediately) - sfc /scannow

System File Checker Utility (Scan Once At Next Boot) - sfc /scanonce


System File Checker Utility (Return to Default Setting) - sfc /revert
System File Checker Utility (Purge File Cache) - sfc /purgecache

System File Checker Utility (Set Cache Size to size x) - sfc /cachesize=x

System Properties - sysdm.cpl

Task Manager - taskmgr

Telnet Client - telnet

User Account Management - nusrmgr.cpl

Utility Manager - utilman

Windows Firewall - firewall.cpl

Windows Magnifier - magnify

Windows Management Infrastructure - wmimgmt.msc

Windows System Security Tool - syskey

Windows Update Launches - wupdmgr

Windows XP Tour Wizard - tourstart

Wordpad - write

System File Checker Utility (Scan On Every Boot) - sfc /scanboot


එහෙනම් ඉක්මනට අනිත් කමාන්ඩ් ලිස්ට් එකත් අරගෙන එන්නම්

මම:-තරුක් ශෙනු එදිරිසූරිය

Saturday, June 7, 2014

“බුට්‌ ලෝඩර් මිසින් උන කොම් එක ෆෝමැට් නොකර ගොඩ ගන්නේ කොහොමද?

(100% සාර්ථක ක්‍රමය)” “How to Manually Repair Windows 7 Boot Loader Problems”


හොදයි බ්‍රෝස් & සිස් අද අපි කතා කරමු නිතරම අපේ කොල්ලෝ කෙල්ලෝ අව්ල් වෙන ප්‍රශ්නයක් ගැන.. අපි දන්නවා ඔයාගේ කොම් එකේ සමහරුන්ගේ මුළු ජීවිතේම තියනවා කියලා :P
කොහොමද එහෙම සම්පුර්ණ වැදගත් තොරතුරු තියන කොම් එකක ඔන් කරන කොට මෙහෙම වැටුනොත්..
(මෙහෙම වෙන්න සමහර වයිරස්/ ඒ වගේම ඔයාලගේ අතින් වින්ඩෝස් 32 සිස්ටම් ෆෝල්ඩරයට  සිද්ද වෙන හානි බලපානවා)



“Windows Boot Manager”
Windos Failed to starat. A recent hardware or software change might be cause. To fix the problem:

1.       Insert your windows installation disk and restart your computer.
2.       Choose your language settings, and then click “Next”
3.       Click “Repair your computer.” ඔන්න ඔහොම හෑලි වගයක් වැටිලා මෙහෙමත් ඇති ඔය බැලෑක් ස්ක්‍රීන් එකේ...

File: \Windows\System32\winload.exe
Status:OxcOOOOOOe

මෙන්න මේ මැසේජ් එක තමා වැදගත් , ඔය මැසේජ් එකේ තමා ඔය අව්ල තියන තැන තියෙන්නේ....
ඔන්න මම පහලින් දානවා ඔයා බයවෙන අව්ලේ ස්ක්‍රීන් ෂොට් එකක්


“හම්මේ ඉටින් කස්ටිය බය වෙන තරමක්” බය වෙන්න දෙයක් නෑ අපි ඉන්නවා නේ (මේ හු නා) :ඩ්

අපි දැන් බලමු මේ අව්ල කොහොමද නිරාකරණය කරන්නේ කියලා...

මුලින්ම ඔයාගේ කොම් එක බුට්‌ මෙනු එකට ගන්න... ඒ කියන්නේ වින්ඩෝස් 7 සිඩි එක හරි යුස්බි බුටබල් හරි තියන පෙන් ඩ්‍රයිව් එකක් හරි වින්ඩොව්ස් 7 මුලින්ම ඉන්ස්ටෝල් කරන්න එන මෙනු එකට ගන්නකෝ.
මේ තියෙන්නේ ඒක.. 


දැන් මම ඔය රතු පාටින් රව්මක් දාල තියන Repair your computer” කියන ඒක ක්ලික් කරන්න..
හරි දැන් මෙන්න මෙහෙම ඇවිත් ඇති


දැන් මේක රිපෙයා කාලා හරි දැන් බලමු වැඩ කෑල්ල.. 
දැන් තමා හොදම හරිය :පි
හරි මම පහලින් දාල තියන විදියට
CMD = Command Prompt
ක්ලික් කරන්න

හරි නේ ඉතින් එහෙම කාලා නම් එන කමාන්ඩ් බොක්ස් එකේ
මෙන්න මේ කෝඩ් ඒක වරදන්නේ නැතුව ටයිප් කරන්න.. ටයිප් කරලා එන්ටර් කරන්න (Press Enter)

bootrec /fixmbr (මේ කෝඩ් ඒක මාස්ටර් බුට්‌ රෙකෝඩ් එක අලුත් වැඩියා කරන්න,, ඒ කියන්නේ කලින් තිබුන ඔයාගේ බුට්‌ රෙකෝඩ් එක නැවත අලුත්වැඩියා කරන්න පුලුවන්ද බලන එක
ඔයා හරියට කෝඩ් එක ටයිප් කළා නම් මෙන්නේ මෙහෙම තියෙන්නේ


bootrec /fixboot (මේ කෝඩ් ඒක මාස්ටර් බුට්‌ රෙකෝඩ් එක අලුතීන් නිර්මාණය කරන්න,, ඒ කියන්නේ කලින් තිබුන ඔයාගේ බුට්‌ රෙකෝඩ් එක නෙමේ අලුත්ම බුට්‌ ලෝඩර් රෙකෝඩ් එකක් නිර්මාණය කරන්න) මෙහෙම මේ දෙකෙන් එකක් කලාම ඔයාගේ තිබුන අව්ල නැති වෙලා මෙන්න මෙහෙම වැටෙනවා
The operation completed successfully.




මම ඔය දුන්න ඔක්කොම අයිටම් කෝඩ් බලන්න පුළුවන් මෙන්නේ මෙහෙම ටයිප් කලාම 
bootrec /?



මෙන්න මේ වගේ.. බලන්න එතනින් මම දුන්නේ bootrec /fixboot කියන කෝඩ් එක දැන් මෙහෙම තියනවා නේද?  The operation completed successfully.




එහෙනම් ඔන්න වැඩේ ගොඩ,, දැන් වත් හිනා වෙන්න, තව පොඩ්ඩෙන් ෆෝමැට් එකක් ගහල දානවා නේද? ෆෝමැට් කරන්න දන්නේ නැති අය කඩේකට එහෙම දුන්න නම් එයාල කරන්නේ කෙලින්ම ෆෝමැට් කරන එක එතනම 800-1000 ඉවරයි..
(අයියෝ සල්ලි)
එහෙනම් ඔන්න අපි යන්න හදන්නේ.. මේකේ අව්ල තියන තැන් එහෙම තියනවා නම් කමෙන්ට් එකක් දාන්න...
ලයික් එකක් දාලම යන්න...එල එල ආ..


මම :- තරුක් ශෙනු එදිරිසුරිය





Friday, June 6, 2014

"රුට් කරන්නේ කොහොමද?? රූට් කරනවා කියන්නේ මොකක්ද?

"රූට් ගැන සියල්ල එකම තැනක" 


මෙන්න මෙ ප්‍රශ්නෙ හැමෝගාවම තියෙනවනෙ.. මෙන්න අපි විසදුමක් දෙන්න යන්නේ සරලව හා පියවෙරෙන් පියවර.. (කොම් එකෙන් කරන හැටි මේ තියෙන්නේ,, ඉදිරි ළිපි වලින් අපි සාකච්ඡා කරමු ෆෝන් එකෙන්ම ෆෝන් එක රූට් කරන හැටි,,ඒක එච්චර සාර්ථක නම් නෑ,, අපි බලමුකෝ සාර්ථක ක්‍රමයක් :P )

අලුතෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගත්ත ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි
"මම ෆෝන් එක රූට් කරන්නද? එපාද?" 
කියන එක. සමහරක් අය රූට් කරනවා කියන එක ගැනවත් දන්නෙ නැ..... ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල මෙහෙයුම් පද්ධතියේ භාවිත කරන්නාට යම් කිසි සීමාවක් ඇතුව භාවිත කරන්න තමයි මූලික සැකසුම් තියෙන්නේ. ඒ කියන්නේ අපිට සිස්ටම් එක සම්බන්ධ ගොඩක් දේවල් කරන්න බෑ. රූට් කිරීමෙන් වෙන්නේ මේ තියන සීමා මායිම් ඔක්කොම නැති වෙන එකයි. ඒ කියන්නේ අපිට අපේ ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එකට අලුත් වැඩ කිඩ ගොඩක් දාන්න පුලුවන්. විශේෂ වැඩ කරන්න රූට් කරන්නම වෙනවා යාලුවනේ.. මොකද ගොඩක් යුසර් ෆ්‍රෙන්ඩ්ලි ඇන්ඩ්‍රොයිඩ් ඇපස් රූට් කිරීම අවශ්‍යයි කියල පර්මිෂන් ඉල්ලනවා (උදාහරණ විදියට:


01 Titanium Backup 
02 Root Explorer
03 Greenify
04 ROM Toolbox Pro
05 Superuser

06 ROM Manager

07 Juice Defender Ultimate
08 Tasker
09 GooManager
10 Full!Screen

Android Authority (Click The Name & Go Site) 
කියන ජනප්‍රිය වෙබ් අඩවිය කියන විඩියට මේ  තමයි ලොකේ තියන හොදම රූට් කල ෆොන් වලට භාවිතා කරන ඇප් 10
හරි අපි දැන් බලමු රූට් කිරිමේ පැන නගින පොදු ගැටලු, ඒ වගේම වාසි සහ අවාසි...

ෆෝන් එක රූට් කරන එක අනතුරුදායකද ?

මාත් මුලින්ම රූට් කරන්න බයෙන් හිටියේ. ඒත් කොහොම හරි අන්තිමේදි රූට් කරා. ගොඩක් දෙනෙක් ට තියන බය තමයි තමන්ගේ ෆෝන් එක බ්‍රික් වෙයි කියන එක. නමුත් රූට් කිරීමේදි බ්‍රික් වීමට ඉඩකඩ බොහෝ අඩුයි.
ෆෝන් එක රූට් කරන්නේ ඇයි? 
සරලව කියනවානම් ෆෝන් එකේ සම්පූර්ණ පාලනයම තමන්ගේ අතට ගන්න පුලුවන්.
රූට් කිරීමේ වාසි 
• රූට් කිරීමේන් ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක භාවිත කිරීමට තිබූ සීමා මායිම් නැතිව යනවා
• නිල නොවන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ දාන්න පුලුවන් (කස්ටම් රොම්). සමහර ෆෝන් වලට ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ශන් වල ඔෆීශියල් අප්ඩේට් දෙන්නේ නෑ. එතකොට කස්ටම් රොම් එකක් මගින් අලුත් සංස්කරණයක් ස්ථාපිත කිරීමට පුලුවන්. මේ සඳහා ෆෝන් එක රූට් කර තිබිය යුතුයි
• සමහර ෆෝන් වල ස්ක්‍රීන් ශොට් ගැනීමට රූට් කර තිබිය යුතුයි.
• ඇප්ස් ඉන්ස්ටෝල් වෙන්නේ ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි එකට. රූට් කිරීමෙන් මේ ඇප්ස් එස්.ඩී කාඩ් එකට ඉන්ස්ටෝල් කිරීමට පුලුවන්. (මට නම් මේක තමයි ලොකුම වාසිය)
• ප්‍රොසෙසරය ඔවර් ලොක්/ අන්ඩර් ලොක් කල හැකිය.
• මීට අමතරව තවත් මෙකී නොකී ගොඩාක් වාසි තියනවා
Life Hacker (Click The Name & Go Site) කියන වෙබ් අඩවිය කියන වාසි තමයි මේ තියෙන්නේ....



  • Truly Own Your Device
  • Flash a Custom ROM
  • Flash a Custom Kernel
  • Tweak the Dark Corners of Android
  • Remove Preinstalled Crapware
  • Back Up Your Phone for Seamless Transitions
  • Block Ads in Any App
  • Boost Your Phone's Speed and Battery Life
  • Automate Everything
  • Unlock Hidden Features and Install "Incompatible" Apps
අවාසි

• සමහර ෆෝන් රූට් කිරීමෙන් ඔෆීශියල් අප්ඩේට් කිරීමට නොහැකි වෙනවා.
• රූට් කිරීමෙන් ෆෝන් එකේ ස්පීඩ් එක අඩුවීමට හැකියි.
• හරියට රූට් කිරීම කරේ නැත්නම්, ෆෝන් එකේ අසාමාන්‍ය දේ විය හැක

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. රූට් කිරීමෙන් ෆෝන් එකේ වොරන්ටි නැතිවෙනවා, 
ඒ වගේම ඔබ ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත් නම්, 
මේක ටිකක් අවදානම් වැඩක්. එම නිසා රූට් කිරීමේදි ඉතාම සැලකිල්ලෙන් කල යුතුයි. 
දැන් යම් වැටහීමක් ඇති මම හිතන්නේ රුට් කියන්නේ මොකක්ද කියලා...
හරි දැන් අපි බලමු රූට් කරන්නේ කොහොමද? ඒ වගේම රූට් කරන්න භාවිතා කරන්නෙ මොනවද කියලා

අපි බලමු රූට් කරන්න යොදා ගන්න මෘදුකාංග (ලිස්ට් එකක්ම තියනවා සොෆ්ට් ඒක ගන්න නම උඩ ක්ලික් කරන්න ඈ.)

හරි දැන් මේකේ හොදම මෘදුකාංගය පාවිචි කරලා ෆෝන් එකක් රුට් කරන විදිය බලමු ඒ කියන්නේ මම (Vroot ගැන)

සෑම්සුන්ග් මන්දාකිනි (Samsung Galaxy) ,
සෝනි අත්දෑකීමා (Sony Experia) , 
හුආවී විකාර(Huwei GAGA) , 
HTC , 
Motorola වගේ ලන්කාවෙ වෑඩියෙන්ම තියන ඇන්ඩ්‍රොයිඩ් ෆොන්
 රූට් කරන්න පුලුවන්..

╬ දෑන් ඒක ඔයාගෙ කොම් එකට දාගන්න.
╬ ඔයාට මේකෙන් රූට් කරන්න කලින් ෆෝන් එකේ ඩ්‍රය්වර්ස් කොමට දාගන්න ඕනෙ ඔයාගෙ එකට ගෑලපෙන ඩ්‍රය්වර්ස් පහලින් ගන්න


╬ දෑන් ඔයාගෙ පෝන් එකේ settings>apps>development ගියම debugging කියල අති ඒක Enable 
කරන්න

╬ VRoot ඕපන් කරල ඔයාගෙ පෝන් එක කොමට සම්බන්ද කරන්න එතකොට ඔයාගෙ ෆෝන් එක ** විරුට්‌ එකෙන් අදුර ගනී

╬ දෑන් VRoot එකේ තියනව ROOT කියල ඒක Click කරන්න


╬ ඔන්න වෑඩේ හරි දෑන් ඔයාගෙ ෆෝන් ඒක රූට් වෙයි.. (එහෙම උනාම මෙන්න මෙහෙම වැටෙනවා)



╬ හරියටම රූට් උනා නම් පෝන් එකේ SUPER USER/VRoot කියල ඈප් එකක් install වෙලා ඈති 
හෆ්ෆා ෆට්ට දිග උනා නේ ලියන්න ගියාම.. හික්ස්.. ඔන්න එහෙනම් සම්පුර්ණ විස්තරය තියනවා පිළිවෙලට/පහසුවට/අව්ලක් නැතුවම කරන්න පුළුවන්.. අනිවා අව්ලක් තියනවා නම් කමෙන්ට් එකක් දෙන්න,පහලින් අපි රිප්ලයි කරනවා යාළු.. ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා මට.... එහෙනම් යන ගමන අපේ ෆේස් බුක් ෆෑන් පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න

මම තරුක් ශෙනු එදිරිසුරිය

"ඇන්ඩ්‍රොයිඩ් සහ වයිරස් ගාඩ්"


මට තිබුණ දැවෙන ප්රශ්නයක්, ඇන්ඩ්රොයිඩ් සහ වයිරස් ගාඩ් පිලිබදව. වෙබ් එකේ තිබුන දේවල් කියවල මම මගේ ප්රශ්න වලට උත්තර හොයාගත්තා. ඔයාලටත් වටිනව ඇති කියල හිතල මේ ටික දාන්නම්. :)



ප්රශ්නය : ඇත්තටම ඇන්ඩ්රොයිඩ් ෆෝන්/ටැබ්ලට් වලට වයිරස් ගාඩ් ඔනිද?

පිලිතුර : "නෑ"



ප්රශ්නය : ඇයි ඇන්ඩ්රොයිඩ් වලට වයිරස් යන්නේ නැත්තේ?

පිලිතුර : එකට  ටිකක් ලොකු පිලිතුරක් තියනව, Dalvik (ඩැල්වික්) නැමති ෆයිල් එක හා kernel (කනල්)  එකත් එක්ක සම්භන්ද දෙයක් (වෙන පොස්ට් එකක දාන්නම් ඒක ගැන ). නමුත් ඇන්ඩ්රොයිඩ් devices වල BUGS (බග්ස්) ඇති වෙන්න පුලුවන්, ඒවා වයිරස් ගාඩ් වලින් අල්ලන්න (Debug) කරන්න බැහැ.



ප්රශ්නය : එහෙනම් ඇයි Google Play-store (ගූගල් ප්ලේස්ටෝර්) එකේ විවිධ ජාති වලින් වයිරස් ගාඩ් තියෙන්නේ?

පිලිතුර : AVG, McAfee, Avast, Bitdefender, Kaspersky   ඇතුලු වයිරස් ගාඩ් වලින් යැපෙන ආයතන වල පැවැත්ම තහවුරු කරගන්න.



ප්රශ්නය : වයිරස් ගාඩ් නිසා ඇන්ඩ්රොයිඩ් ෆෝන්/ටැබ්ලට් වල බැටරිය බහිනවද?

පිලිතුර : ඔව්



ප්රශ්නය : වයිරස් ගාඩ් නිසා ඇන්ඩ්රොයිඩ් ෆෝන්/ටැබ්ලට් වල රැම් එක කනනවද?

පිලිතුර : ඔව්, ෆෝන් එක ස්ලෝ වෙනව.



ප්රශ්නය : එහෙනම් ඇයි තවත්...

පිලිතුර : ඔව්, දැන්ම වයිරස් ගාඩ් එක uninstall (රිමූ) කරල දාන්න.



තවත් කියනව නම් යාලුවනේ ඇන්ඩ්රොයිඩ් වලට ලියවුනු වයිරස් ගැන මේ වෙනකම් (2014/06/07) කිසිම ආරන්චියක් නැහැ.

"මේක ලියුවේ:ශානක මහකුබුර"
Scroll to Top